ඇමරිකාවෙන් රටවල් 12ක ආධාර අත්හිටුවයි.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක ක්‍රියාත්මකව ඇති යුද අපරාධ පිළිබඳව සොයා බලන සහ වගවීම පිළිබඳව කටයුතු කරන වැඩසටහන් 12 කට වැඩි ගණනකට ඇමෙරිකාව විසින් ලබා දෙන අරමුදල් අත්හිටු වීමට ධවල මන්දිරය යෝජනා කර ඇත.

මෙලෙස අරමුදල් අත් හිටුවීමට යෝජනා කර ඇත්තේ ශ්‍රී ලංකාව, ඉරාකය, නේපාලය, කොලොම්බියාව, බෙලරූස්, සුඩානය, දකුණු සුඩානය, ඇෆ්ගනිස්ථානය, මියන්මාරය, සිරියාව, යුක්රේනය සහ ගැම්බියාව යන රටවල ක්‍රියාත්මක වන යුද අපරාධ සොයා බැලීමේ සහ වගවීම පිළිබඳව කටයුතු කරන වැඩසටහන් වන අතර
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝකර් ටර්ක් මහතාගේ මෙරට සිවු දින නිල සංචාරයට සමගාමීව ධවල මන්දිරය ගෙන ඇති මෙම තීරණය අනාවරණය වී ඇත. ඒ අනුව ඇමෙරිකාව මෙලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබාදෙන අරමුදල් සමාලෝචනය කිරීමත් සමග ශ්‍රී ලංකාවේ සිදු වූ බවට චෝදනා එල්ල වන යුද අපරාධ පිළිබඳ සාක්ෂි රැස් කිරීම සඳහා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් ආරම්භ කර ඇති ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතියද අරමුදල් හිඟයකට මුහුණ දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Social Sharing

අවකාශය නවතම පුවත්