සංශෝධිත අපරාධ නඩු විධාන සංග්‍රහ පනත් කෙටුම්පතට කථානායකවරයා අත්සන් තබයි!

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සිය සහතිකය ලබා දෙමින් අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත කර ඇත.

1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම සඳහා වූ මෙම පනත් කෙටුම්පත අප්‍රේල් 08 වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, දෙවැනිවර කියවීමේ විවාදය මැයි 23 වැනිදා පැවැත් වීය.

ඉන් අනතුරුව ජුනි 04 වැනිදා මෙම පනත් කෙටුම්පත තෙවැනිවර කියවීමෙන් පසු පාර්ලිමේන්තුවේදී සම්මත කරගෙන ඇත.  මෙම පනත මගින් සාක්ෂිකරුවන්ට ඕනෑම ස්ථානයක සිට දුරස්ථව සාක්ෂි ලබාදීමට හැකියාව ලබාදීම ඇතුළු නීති සංශෝධන කිහිපයක් ඇතුළත් වනවා.

Social Sharing

අවකාශය නවතම පුවත්