චීන ජාතිකයන් 85 දෙනෙකු මෙරටින් පිටුවහල් කෙරේ!

මෙරට රැඳි සිටි චීන ජාතිකයන් 85 දෙනෙකු අද (20) මෙරටින් පිටුවහල් කළ බවට වාර්තා වේ. ඒ මෙරට රැදී සිටිමින් පරිගණක අපරාධ ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ වී සිටි චීන ජාතිකයන් 85 දෙනෙකි.

පසුගියදා ඔවුන්ව මෙරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් අතර අධිකරණ ක්‍රියාමාර්ගවලින් පසුව බන්ධනාගාරගත කර ඇත. පසුව අද දින ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් මෙරටින් පිටුවහල් කළ බව කටුනායක ගුවන් තොටුපොළෙන් වාර්තා වේ. ඔවුන් මෙරට අධිකරණය මගින් වැරදීකරුවන් වීමෙන් අනතුරුව බන්ධනාගාර ගත කර සිටි ඔවුන් පිටුවහල් කිරීමේ තීරණයෙන් අනතුරුව වැලිසර පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු රැඳවුම් මධ්‍යස්ථානය වෙත මාරු කර යවා ඇත.

මෙම පිරිස බස් රථ 05කින් දැඩි ආරක්ෂාව යටතේ ගුවන් තොටුපළට රැගෙන විත් තිබු අතර, ඔවුන් දැඩි ආරක්ෂාවක් යටතේ ගුවන් යානය වෙත ඇතුළු කර තිබුණි.
මෙම චීන ජාතිකයන් පිරිස සමග මෙරට පොලිස් නිලධාරීන් 85දෙනෙකු ඇතුළු ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ශ්‍රීලංකන් ගුවන් සේවා ආරක්ෂක නිලධාරීන් 172 මෙම ගුවන් යානයේ ගමන් ගත් බව කටුනායක ගුවන්තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Social Sharing

අවකාශය නවතම පුවත්