2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 82 (1) ප්‍රකාරව නියෝග මඟින් නියම කරනු ලැබූ වත්කම් සහ බැරකම් පිළිබඳ ප්‍රකාශ ආකෘතිය කොමිෂන් සභාව විමසා අමාත්‍යවරයා විසින් සාදන ලද අතර, එය දූෂණ විරෝධී පනතේ 156 (1) හා (2) වගන්ති ප්‍රකාරව 2025.03.20 දින අතිවිශේෂ ගැසට් පත්‍ර අංක 2428/43 හි පළ කරන ලදී.
එසේ පළ කරන ලද නියෝගය 2025.06.04 දින දූෂණ විරෝධී පනතේ 156 (3) වගන්තිය ප්‍රකාරව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වී තිබේ.
මේ අතර ශ්‍රී ලංකාව තුළින් අල්ලස හා දූෂණය සහමුලින් උපුටා දැමීම සඳහා වන 2025-2029 පස්අවුරුදු “දුෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම පසුගිය දා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරයා වෙත ප්‍රධානය කරන ලදී. ඊට පහත ලින්කුව ඔස්සේ සම්බන්ධ විය හැක.
https://www.ciaboc.gov.lk/media/attachments/2025/04/08/sinhala_action-plan-2025.pdf
මේ වන විට දේශපාඥයින්ට මෙන්ම, රජ්‍ය නිළධාරීන්ට එරෙහිවත් විමර්ශන කිහිපයක් ආරම්භ වී ඇති බවත්, සමහර විමර්ශන අවසන් වී ඇති බවත්, කොමිසම වෙත දැනට විවිධ පුද්ගලයින් සම්බන්ධව පැමිණිලි හාරදහසකට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බවත් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධ්‍යක්ෂක ජෙනරාල් රංග දිසානයක මහතා පැවසීය.