ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලෝකයේ රටවල් විසින් 2024 වසර අවසානයේදී සිය විදේශ සංචිත පවත්වා ගෙන ඇති ප්‍රධාන මුදල් වර්ග පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කර තිබෙනවා. මේ අනුව පෙනී යන්නේ ලෝකය තුළ ඇමරිකන් ඩොලරය පිළිබඳව තිබුණු විශ්වාසයේ සහ ඇමරිකන් ඩොලර් සඳහා වූ ඉල්ලුමේ අඩුවක් වී නැති බවයි. මුදල් වර්ග වල සංයුතිය බොහෝ දුරට ස්ථාවරව තිබෙනු දැකිය හැකියි.
පසුගිය වසර (2024) අවසානයේදී ලෝකයේ මහ බැංකු වල විදේශ සංචිත වලින් 57.8%ක්ම පවත්වා ගෙන ගොස් තිබෙන්නේ ඇමරිකන් ඩොලර් වලින්. දෙවැනි තැන සිටින යුරෝ සංයුතිය 19.8%ක් වන අතර, යෙන් සංයුතිය 5.8%ක්ද, බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුම් සංයුතිය 4.7%ක්ද වෙනවා. කැනේඩියන් ඩොලර් සංයුතිය 2.8%ක් වන අතර චීන යුවාන් සංයුතිය 2.2%ක් පමණයි. ඕස්ට්‍රේලියානු ඩොලරයටද 2.1%ක ඉල්ලුමක් තිබෙනවා.
මේ අනුසාරයෙන් බ්‍රික්ස් මුදල් ඒකකය වැනි විකල්ප මුදල් ඒකකයකට තිබිය හැකි ඉල්ලුම පිළිබඳව අදහසක් ගත හැකියි.
පසුගිය (2024) වසර අවසානයේදී විදේශිකයින් සතු වූ ඇමරිකන් ෆෙඩරල් ණය ප්‍රමාණය ඩොලර් බිලියන 8,513ක් වූ අතර විදේශ මහ බැංකු සතු වූ ඇමරිකන් ඩොලර් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6,631ක්. ඇමරිකන් ෆෙඩරල් රජයේ විදේශ ණය ඉහළ යාමට ප්‍රධානම හේතුව මේ අයුරින් ලෝකයේ මහ බැංකු විසින් සිය විදේශ සංචිත ඇමරිකන් ෆෙඩරල් ණය වල ආයෝජනය කිරීමයි. ඊට අමතරව වෙනත් විදේශිකයින් හා විදේශික ආයතන විසින්ද ඇමරිකන් ෆෙඩරල් ණය සුරක්ෂිත ආයෝජනයක් සේ සලකා ආයෝජනය කරනවා.
#ඉකොනොමැට්ටා #economatta