පොලීසියට දෙන කටඋත්තර හෝ පාපොච්චාරන අධිකරණයට වැඩක් නැහැ – නීතිඥ නාමල් රාජපක්ෂ  

අපේ රටේ පොලිස් විමර්ශණ ඉතා කණාගාටු දායක තත්ත්වයක පවතින්නෙ. පොලිස් විර්ශනයන් දියුණු නොකර අපට මේ තත්ත්වයෙන් ඉදිරියට යා නොහැකියි. බොහෝ නඩු පරදින්න හේතුවත් පොලිස් වමර්ෂනයන් හි පවති දුර්වලතා. ඒ සදහා නීතිපති දෙපාර්තමේන්තුව දොස් කියන ඒකේ තේරුමක් නැහැ.

නමුත් මහාධිකරණයේ නඩු පැවරීමට පෙර ඒ නඩුව සාධාරණ සැකයෙන් ඔබ්බට අධිකරණය ඉදිරියේ දී ඔප්පු කිරීම සදහා අවශ්‍ය සාක්ෂි හා විමර්ශන වාර්තා ප්‍රමාණවත් ලෙස තිබේද යන්න සලකා බැලිය යුතුයි. මොකද මහාධිකරණ නඩුවක් පවත්වාගෙන යාම සහා රජය විශාල පිරිවැයක් දැරිය යුතුයි.

නඩුවට අදාල පොලිස් විමර්ෂන හරියාකරව සිද්ධ කර නැත්නම් ඒ නඩුව ඉදිරියට ගෙන යා නොහැකියි. ඒ නිසයි නීතිපතිවරයා පවරන නඩු වලින් සෑහෙන ප්‍රමාණයක් ඉදිරියට ගෙන යාමට නොහැකි විත්තිකරුවන් නිදහස් වෙන්නෙ.

පොලීසියේ දේශපාලන ග්‍රහණයෙන් මුදවාගෙන පොලීසියේ වෘත්තීය භාවය වැඩි දියුණු කිරීමට කටයුතු නොකර ලංකාවෙ අපරාධ මර්ධනය කළ නොහැකියි. නීතිඥ නාමල් රාජපක්ෂ  මහතා ප්‍රකාශ කරන්නේ  කිසියම් විත්තිකරුවකු හෝ විත්තිකාරියක පොලිසියේ දී කරන පාපෝච්චරණ අධිකරණයේ දී විත්තිකරුවාට හෝ විත්තිකාරියට එරෙහි සාක්ෂි ලෙස ඉදිරිපත් කළ නොහැකි බවයි.

නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගේ සම්පුර්ණ වීඩියොව පහත දැක්වේ.

Social Sharing
නවතම පුවත්