මානව හිමිකම් කොමිෂන් සභාව විසින් අධිකරණ අමත්‍යවරයා වෙත සමරිසි පුද්ගලයින්ට එරෙහිව පවතින නීති සංශෝධනය කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස නිර්දේශ ඉදිරිපත් කර ඇත. තවත විවිධ කණ්ඩායම් විසින් LGBTIQ ප්‍රජාව ඉලක්ක කරගනිමින් සිදු කරන වෛරී ප්‍රකාශ වැළක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද දන්වා ඇති බවට වාර්තා වේ.
දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365A වගන්ති සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ලිපියක් යවා ඇති අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 10(d) වගන්තිය යටතේ තම බලතල ප්‍රකාරව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ගරු හර්ෂණ නානායක්කාර මහතාට ලිපියක් හරහා මේ පිලිබඳ දැනුම් දී තිබේ.
දණ්ඩ නීති සංග්‍රහයේ (19 වන පරිච්ඡේදය) 365 සහ 365A වගන්ති සම්බන්ධයෙන් අමාත්‍යාංශයට යවන ලද 2023 නොවැම්බර් 22 සහ 2024 අගෝස්තු 13 දිනැති තම පෙර යවා ඇති ලිපි කොමිසම සිය ලිපියෙන් සිහිපත් කර ඇත. එම වගන්ති ‘අස්වාභාවික වැරදි’ සහ ‘පුද්ගලයන් අතර දැඩි අශෝභන ක්‍රියාවන්’ හා සම්බන්ධ වන අතර එකම ලිංගයේ පුද්ගලයන් අතර ලිංගික ක්‍රියාකාරකම් අපරාධයක් ලෙස සැලකීමට භාවිතා කර ඇත. දණ්ඩ නීති සංග්‍රහයේ එම විධිවිධාන අවලංගු කිරීමට / සංශෝධනය කිරීමට ප්‍රකාශිත අභිප්‍රාය ඇතිව පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් මෑතකදී ඉදිරිපත් කළ බව කොමිසම සිහිපත් කර ඇත. පනත් කෙටුම්පත සම්මත කිරීම මගින් ජාත්‍යන්තර නීතිය යටතේ ශ්‍රී ලංකාවේ බැඳීම්වලට පූර්ණ අනුකූලතාවයක් සහතික කරනු ඇති බව කොමිසමේ අදහස විය.
සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) ඇතුළුව, 2 සහ 26 වගන්ති යටතේ ප්‍රජාවන්ට වෙනස්කම් නොකිරීමේ අයිතිය සහතික කෙරේ. ICCPR ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීමේ කාර්යය පැවරී ඇති ගිවිසුම් ආයතනය වන මානව හිමිකම් කමිටුව නිරීක්ෂණය කර ඇත්තේ, වෙනස්කම් නොකිරීමේ අයිතියට ලිංගික දිශානතිය මත පදනම්ව වෙනස්කම් නොකිරීම ද ඇතුළත් බවයි.
අදාළ නිවේදනය පහතින්
https://www.hrcsl.lk/wp-content/uploads/2025/05/HRCSL-Letter-to-MOJ-on-22-05-2025.pdf