කේන්ති ගන්නේ නැත්තං තේරවිල්ලක් අහන්නද? පාඩු වුනොත් බිල වැඩිවෙන, ලාභ වුනොත් පඩි වැඩිවෙන, බිල වැඩි කර ලාභ ලබන, ජනතාවට පාඩුම වෙන වචන තුනේ මණ්ඩලේ මොකක්ද?
⚡විදුලි බල මණ්ඩලයේ පළමු කාර්තුවේ බිලියන 18ක් පාඩු ලබල. බිල වැඩි කරේ නැති නිසා ඒ කියන්නේ දෙවැනි කාර්තුවෙත් පාඩුයි කියන එකනේ. මේ පාඩුව ඔබ නොදැනුවත්වම නවතින්නේ ඔබේ විදුලි බිල වැඩි වීමෙන් විතරක් නෙවෙයි.
💡විදුලි බල මණ්ඩලය (Ceylon Electricity Board – CEB) පාඩු ලැබුවම ඒ අය ණයට විදුලිය නිෂ්පාධනයට අවශ්‍ය තෙල් ගන්නවා ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් (Ceylon Petrolium Coporatin – CPC). කාලයක් ඔය ණය ඇද ඇද ඉන්නවා ගෙවන්න අමාරුයිනේ. ඊට පස්සේ ණයට පොල්ල තියනවා. දැන් ණයට පොල්ල තියන නිසා CEB එකට අමතරව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවත් (CPC) පාඩුයි. (එහෙම වුණාම එකතත් හිතෙනවා මිල වැඩි කරන්න)
✈️ඒ පාඩුව පියවගන්න CPC එක ශ්‍රී ලංකන් (Sri Lankan) ගුවන් සමාගමට ගුවන් යානා ඉන්ධන විකුණනවා ලෝක වෙළඳපොළේ මිලට වඩා සෑහෙන වැඩි ගාණකට. කැබිනට් එකෙන් අනුමත කර ගන්නවා Sri Lankan එකට තෙල් ගන්න ඕන CPC එකෙන් විතරයි කියල. ඒ ගාණට ගුවන් යානා තෙල් මිලදී අරං ගුවන් සමාගමක් ලාභ කරන්න බෑ. ඒ විතරක් නෙවෙයි ඒ ගානට තෙල් ගන්න ලෝකයේ වෙන ගුවන් සමාගම් ලංකාවට එන්නෙත් නෑ. ඒක නිසා Sri Lankan එකේ පාඩුව තවත් වැඩි වෙනවා. ඒ අල්ල පනල්ලේ තෙල් පිරිපහදුවේ එන නැප්ත වාගේ දේවල් ආයෙත් විදුලි බල මණ්ඩලයට විකුණනවා හෙන සහලෝල ගානකට ගානකට පාඩුව පියව ගන්න. ඔය පසුගිය කාලෙත් ඒ ගැන කටාවක් ආවේ. ඒ ගනං වලට නැප්ත ගත්තම විදුලි බල මණ්ඩලයේ පාඩුව කියන්නේ උණ නං ඒකට උණ සන්නිපාතය ඔක්කාරෙට ඇවිල්ල ලූස් මෝෂන් හැදෙනවා. දැං ආයතන 3ක් පාඩුයි. ඕකට කියන්නේ one in three package එකක් කියල. එක ආයතනයක පාඩුව දැන් ආයතන තුනකට ගිහිල්ල.
🏦මේ තුනම පාඩු ලබද්දි මේවට දෙන්න සල්ලි ආණ්ඩුවේ කොහොමත් නෑ. මොකද අපේ දැනටමත් අපේක්ෂිත ආදායම ට්‍රිලියන 3යි. වියදම ට්‍රිලියන 5යි. කොහේ තියන සල්ලිද අච්චු ගැහුවොත් මිසක්? ආ සල්ලි තියන තැනක් තියනවා. ලංකා බැංකුවෙයි, මහජන බැංකුවෙයි.. ඒකෙ තියෙන්නේ තැන්පත් කරුවන්ගේ සල්ලි.. ඒ කියන්න්නෙ ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැකුවයි කියල අපි හැමෝම දාපු සල්ලියි, ජාතියේ අභිමානය කියල අපි හැමෝම මහජන බැංකුවේ දාපු සල්ලියි. මහා භාණ්ඩාගායයේ ලේකම්තුමා නිකං අත්සනක් දාපු ලියුමකට බැංකු වල රජයම පත්කරපු සභාපතිතුමන්ලා අර ආයතන 3ට ණයට දෙනවා. (අපි ණයක් ගන්න ගියොත් නං අහනවා මුත්තගේ ණය වල ඉඳන් ප්‍රශ්ණ අහන බැංකුම තමයි) ණය කියන්නේ ඉතිං බොල් ණය තමයි. එතකොට දැං සරළ භාෂාවෙන් කියනවනං රජයේ බැංකු දෙකටත් ටොපිය හම්බ වෙනවා. දැන් one in three package එක one in five package එක දක්වා upgrade වෙනවා
💸ඔය අතර වාරයේදි අය වැයැක් එනවා. ඒකෙන් ආයෙත් ශ්‍රී ලංකන් එකට බිලියන 20ක් 30 ක් වෙන් කරනවා බදු ගෙවන ජනතාවගේ සල්ලි. කලිං ආණ්ඩුවනං බැංකු ටික බේරගන්න බිලියන 450ක් වෙන් කරා. ඒක එච්චර ලොකු ගාණක් නෙවෙයි. ලංකාවේ දුප්පත් මිනිස්සුන්ට අස්වැසුමට දෙන්න තියන අවුරුදු 2ක 3ක සල්ලි. දැන් මේ සල්ලි ටික හොයන්න බදු වැඩි කරනවා. එක්කො ඔය වාහන වලට නැත්තං ඉතිං ඔය සේවා අපනයන හරි මොකක් හරි බද්ධක් වැඩි කරනවා.
💡එහෙම නැත්තං තව ක්‍රමයක් තියනවා. ඒ තමයි විදුලි බිල වැඩි කරනවා. විදුලි බිල වැඩි කරපු ගමං වැඩි වෙන්නේ අපේ ගෙදර විදුලි බිල විතරක් නෙවෙයි. ඩඩ්ලි සිරිසේන මහත්තයගේ හාල් මෝලේ ඉඳල, සංචාරක කර්මාන්තය දුවන හෝටලේ ඉඳල, ඇගලුම් කර්මාන්ත ශාලව වෙනකං හැමෝගෙම මිල වැඩි වෙනවා. එතකොට හාල් මිල වැඩි කරන්න වෙනවා. එහෙම වැඩි නොකර ඉන්නනං කටේ සද්දෙට හාල් මෝලක් දුවන විදිය හොයා ගන්න ඕන.
🔋දැනටත් ලංකාවේ ව්දුලි මිල කලාපයේ අනෙක් රටවල් වලට වඩා වැඩියි. ඒ නිසා ඔය ආයෝජකයො එනවා, ඇවිල්ලා නිෂ්පාධන ආර්ථිකයක් හදනවා වගේ ඒව ඉතං විදුලි බිල මේ ගානට තියං කරන්න පුලුවන් දේවල් නෙවෙයි. අවුරුදු උත්සවයක් ලොකුම බොරුවට වගේ තරඟෙකට හොඳයි. ඇත්තක් වෙන්නනං විදුලි බිල අඩු වෙන්න ඕන
🛒ඒ විතරක් නෙවෙයි, අපේ උද්ධමනය ගණනය කරන බාස්කට් එකේ වැඩි බරක් තියනවා විදුලි බිලට. එතකොට උද්ධමනය වැඩි වෙනවා. එතකොට මහ බැංකුවට උද්ධමනය අඩු කරන්න පොළිය වැඩි කරන්න වෙනවා. නැත්තං මහ බැංකු අධිපතිතුමාගේ ජොබ් එක ගහල යනවා අලුත් මහ බැංකු පනතේ හැටියට. පොළිය වැඩි කරනවා කියන්නේ ගත්තු නිවාස ණයේ, 300%ක් බදු ගෙවල ගෙන්න ගන්න යන වාහනේ වාරිකය වගේ ඒව වැඩි වෙලා ව්‍යාපර කරන අයගේ over draft වල පොළිය වැඩි වෙනව කියන එකයි. ඒකත් අපිම තමයි ගෙවන්නේ.
🏦කාලයක් ඉඳං අපි ඉතිං ඕව කිව්වම වියට්නාමයේ මේම කරා දකුණු කොරියාව මේම කරා කියල හිත හදා ගන්න බොරුවෙන් හැම පක්ෂෙකම ඉන්න දායක සභා අපිට මර්සි දැම්මට Moment of Truth එක දැං උදා වෙලා තියනවා.
🔋විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කරන්නේ නැතුව වෙන බයිල වලින් මේක විඳන්න බෑ. ප්‍රතිව්‍යූගත කිව්ව ගමං කියන්නේ අන්න මේක පුද්ගලීකරණය කරන්න හදනවා කියල. පුද්ගලීකරණ කෙහෙල්මලක් නෙවෙයි මේ කියන්නේ. මේක unbudle කරන්න ඕන. ඔබේ ගෙදරත් solar තියනවං ඔබත් පුද්ගලික විදියට විදුලිය ජනනය කරන්නෙක්. දැං ප්‍රශ්ණය තියෙන්නේ අපි විදුලිය ප්‍රමාණයට වඩා සමහර අවස්ථා වල ජනණය කරත් ඒක අවශෝෂණය කරගන්න පුලුවන් ධාරිතාවත් සම්ප්‍රේෂණ පද්ධතියේ නෑ. දැං පුනර්ජනණීය බලශක්තිය ප්‍රමාණයට වඩා හැදෙනවා. System එකට ගන්න බැරි නිසා අපි දැං solar එපා කියල ඒක සති අන්තෙට off කරල ඒකෙ ගානත් අඩු කරා. ඒක upgrade කරන්න US$ බිලියන කිහිපයක් ඕන. පාඩු ලබන විදුලි බල මණ්ඩලයට දෙන්න සල්ලි නැති රජයකට සහ ණය ගෙවන්න සල්ලි නැති රටකට ඩොලර් බිලියන කිහිපයක් කොහෙද පද්ධතිය upgrade කරන්න සල්ලි? අන්න ඒකයි මේක ප්‍රතිව්‍යූගත කිරීම අනිවාර්ය. පුද්ගලික අංශයට දීම නොවෙයි මුලින්ම වෙන්නේ. ජනනය, සම්ප්‍රේෂනය සහ බෙදා හැරීම වෙන් කිරීම. මේක මේ වාක්‍ය දෙකකින් ලිව්වට මේක හෙන සංකීර්ණ වසර කිහිපයක් ගත වෙන ක්‍රියාවලියක්. එතකොට තමයි පද්ධතිය කාර්යක්ෂම කරන්න පුලුවන්. අඩු පාඩුකම් තිබුණත් ඔය පනත පාර්ලිමේන්තුවේ සම්මත වෙලා තියෙන්නේ. ක්‍රියාත්මක කිරීම තමයි වැදගත් වෙන්නේ
🔌ඒක තමයි කට කැඩෙනකං කිව්වේ අමාරු ඒවා පලවෙනි දින 100 යේ කරන්න ඕන. දැං ඉතිං දුම් රියවර්ජන වලට අමතරව විදුලි වර්ජන, ඒකබද්ධ වෘත්තීය අරගල වගේ නාට්‍ය ගොඩක් ඉදිරි වසර කිහිපයේ තිරගත වෙන්න නියමිතයි. ඒක තමයි යථාර්ථය.
🔋විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූගත කිරීමක් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ එකඟතාවයේ නෑ. ඒක නිසා ඒක නොකර හිටියා කියල IMF ගිවිසුමට මුකුත් වෙන්නේ නෑ. IMF එකේ තියෙන්නේ පාඩුවට විදුලිය හෝ තෙල් විකුණන්න බෑ. මොකද ඔවුන් දන්නවා පාඩුවට ඕක විකුණපු ගමං ඊට පස්සේ වෙන ටික. අන්න ඒක තමයි අපි අර කාලෙක ඉඳං කිව්වේ IMF ගිවිසුමෙන් ඔබ්බට ගියපු ප්‍රතිසංස්කරණ කරන්න ඕන කියල. IMF ගේන්නේ ස්ථාවරභාවය විතරයි. ආර්ථික වර්ධනය සහ විදුලි බිල අඩුකර ගැනීමට අපි ප්‍රතිසංස්කරණ කරන්න ඕන. අන්තර්ජාතික මූල්‍ය අරමුදෙන් ඔබ්බට ගියපු විසඳුමක් තමයි මේ ප්‍රශ්නයට තියෙන්නේ නමුත් IMF එක හරහා යන්න ඕන කියල කට කැඩෙනකං කිව්වේ ඒකයි. වෙනත් විකල්ප තියනවනං යෝජනා කරන්න පුලුවන්. IMF එකෙන් ඔබ්බට ගියපු එක තමයි කියල තියෙනේ ඔය. ඔය වගේ IMF ඔබ්බට කරන්න ඕන වැඩ 100ක් විතර කියල තියෙනවා. සම්මා සතිය පිහිටුවගෙන වෙසක් පොසොන් මාස වල අහන්න ශක්තිය ලැබේවා කියල මුලින්ම සාධු කාරයක් දීල මේ තේරවිලට උත්තරේ කියන්න
❓පාඩු වුනොත් බිල වැඩිවෙන, ලාභ වුනොත් පඩි වැඩිවෙන, බිල වැඩි කර ලාභ ලබන, ජනතාවට පාඩුම වෙන වචන තුනේ මණ්ඩලේ?
+නාත්
Dhananath Fernando