විදුලි බිල වැඩිකිරීම කර්මාන්තවලට බලපානවා. ඒ නිසා භාණ්ඩ මිල වැඩිවෙනවා. ඒක ජීවිතයට බලපානවා.
ඒ වගේම, අපනයන කර්මාන්තවල නිෂ්පාදන පිරිවැය වැඩි වීම නිසාත් අපනයන ආදායම් අවම වී ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති වෙනවා.
ඒ ප්‍රශ්නවලට විසඳුම ලංකා විදුලිබල මණ්ඩලය පාඩු ලබමින්, අවසානයේ ඒ පාඩුවත් රජය මත හෙවත් ජනතාවගෙන් රජය එකතු කරන බදු මත පටවමින් අඩු මිලට විදුලිය දෙන එක නෙමෙයි. ලංකා විදුලිබල මණ්ඩලය කියන්නෙ අකාර්යක්ෂම ආයතනයක්. ඒක කාර්යක්ෂම කරන්නට පියවර ගත යුතුයි.
හැබැයි, පැය 24ම විදුලිය පරිභෝජනය කරන පාරිභෝගිකයකු හැටියට විදුලි බිල වෙනම ගත්තොත් අපට ඒක සුළු මුදලක්. ඩේටා හා කෝල්වලට යන වියදම පවා ඊට වඩා කීපගුණයකින් වැඩියි.
අපි වැඩියෙන්ම බැට කන්නෙ ළමයින්ගේ අධ්‍යාපනයට සාක්කුවෙන් යන වියදම්වලින්. පාසල්වලින් විවිධ දේවලට සල්ලි එකතු කිරීම දිගටම සිදුවෙනවා. ටියුෂන් ගාස්තු අධිකයි.
ඒ වගේම තමයි, ඖෂධ සඳහා යන වියදම්.
ජනතාවගෙ ජීවන බර අඩු කරන්නට කළ හැකි ප්‍රධාන දෙයක් තමයි අධ්‍යාපනය විධිමත් කරන එක. ඒවාට අති විශාල ආයෝජන නොකළත්, කළ හැකි දේ තිබෙනවා.
පොදු ප්‍රවාහනය වැනි අංශවලත් කිසිදු ආයෝජනයක් නොමැතිව කළ හැකි වෙනස්කම් තිබෙනවා. එමගින් ජන ජීවිත පහසු කරන්නට පුළුවන්.
මේ වෙනකොට තියෙන අවාසනාවන්තම තත්වය තමයි, ආණ්ඩුව පැත්තෙන් කිසිවක් නොකෙරෙන එක.
උපුටා ගැනීම : අජිත් පැරකුම් ජයසිංහ