ශ්‍රී ලංකාවේ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් බහු ආංශික ජාතික ක්‍රියාකාරී සැලැස්මක්!

කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය (SGBV) ආමන්ත්‍රණය කිරීම සඳහා බහු ආංශික ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2024–2028) නිල වශයෙන්හඳුන්වා දී තිබේ. එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයෙන් හා වෙනස්කම් කිරීම්වලින් තොර සමාජයක් නිර්මාණය කිරීම සඳහා වන සැලකිය යුතු ප්‍රතිපත්තිමය පියවරක් සනිටුහන් කිරීමට අපේක්ෂා කරයි.

රටපුරා පවතින ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සහ ඊට ප්‍රතිචාර වශයෙන් මෙම සැලැස්ම සකසා ඇති අතර එහිදී ප්‍රධාන වශයෙන් අංශ 13ක් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.

අවධානය යොමු කර ඇති ප්‍රධාන අංශ 13 මෙසේය,
1. ස්ත්‍රී පුරුෂ භාවය සවිබල ගැන්වීම
2. ළමා කටයුතු
3. සමාජ ආරක්ෂණය සහ සුභසාධනය
4. අධ්‍යාපනය
5. සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය විද්‍යාව
6. ආර්ථික සවිබල ගැන්වීම
7. වැවිලි කර්මාන්තය
8. යුක්තිය සහ නීති ප්‍රතිසංස්කරණ
9. කම්කරු සහ විදේශ රැකියා
10. ආපදා කළමනාකරණය
11. ජනමාධ්‍ය
12. තරුණයන් සහ ක්‍රීඩා අංශය
13. ප්‍රවාහනය

මෙම බහු අංශික ක්‍රියාකාරි සැලැස්ම තුළින් සැලසුම් කර ඇත්තේ රජය, ආයතනික වශයෙන් හා ප්‍රජා මට්ටමින් රටපුරා පවතින ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට ප්‍රතිචාර යාන්ත්‍රණයන් ලෙස පමණක් නොව දීර්ග කාලීනව වැළැක්වීමේ පියවර හඳුන්වා දීමත් සහ දිවි ගලවා ගත් අය බලගැන්වීම ද ඉලක්ක කර ගනිමිනි.

මෙම බහු ආංශික ක්‍රියාකාරි සැලැස්ම භාගත කිරීමට නම් පහත ලින්කුව හා එක්වන්න.

https://www.childwomenmin.gov.lk/uploads/common/sgbv-nap-2024-2028.pdf

Social Sharing
අවකාශය පුවත්