මානව හිමිකම් කොමිසම විසින් කොටහේන මහල් නිවාස සංකීර්ණයෙන් පැන සිය දිවි නසා ගත් සිසුවියගේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් ලබාදෙන මෙන් පොලීසියට හා අධ්‍යාපන බලධාරීන්ට නියෝග කර ඇති බව වාර්තා වේ.
එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් චන්ද්‍රසිරි මහතා පවසා සිටියේ බම්බලපිටිය සහ කොටහේන පොලිස් ස්ථානාධිපතිවරුන් හා දැරිය ඉගෙනුම ලැබූ පාසල අයත් කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ඉකුත් 14 වනදා කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේ මෙම දැනුම් දීම සිදු කළ බවයි. එමෙන්ම, එදින කොමිසම හමුවේ පෙනී නොසිටි මියගිය දැරියගේ පාසලේ විදුහල්පතිනිය සහ ඇයව අපයෝජනයට ලක් කළ බව කියන එම පාසලේ ගණිත ගුරුවරයාට කොමිෂන් සභා පනත ප්‍රකාරව ක්‍රියා නොකිරීමට ඔවුන්ගෙන් හේතු විමසීමට ද මානව හිමිකම් කොමිසම තීරණය කර ඇත.
ඒ අනුව කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ දැරිය මියයාම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයෙන් අනතුරුව සිය නිර්දේශ ලබා දෙන බවයි.