2023 වසරේ දී වැලිකඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන සිටියදී පොලිස් පහර දීම් හමුවේ මියගිය ආර්. රාජ කුමාරි නමැති මෙහෙකාර සේවයේ නියුතු කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින එම පොලිසියේ හිටපු නිලධාරින් තුන් දෙනෙකුට එරෙහි පූර්ව නඩු විභාග සම්මන්ත්රණය ජූලි මස 21වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර ඇත.
එම නඩුව අද (15) කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා ඉදිරියේ ඉදිරිපත් කළ අතර එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළව ඉදිරිපත් කර තිබෙන ඇතැම් ලේඛන තමන්ට ලැබී නොමැති බව සඳහන් පවසා ඇත. ඒ අනුව විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛන කඩිනමින් ඔවුන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස විනිසුරුවරයා රජයේ නීතිඥවරියට නියම කර ඇත.
ඉන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්රණය සඳහා ජූලි මස 21 වනදා කැඳවීමට නියම කළ අතර වැලිකඩ පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරින් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ඇති බවට වාර්තා වේ.