ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ 44%ක තීරු බදු දින 90කට පසු බලාත්මක වුවහොත් ප්‍රධාන අපනයන අංශවල සේවය කරන මිලියන පමණ මෙරට කාන්තා ශ්‍රමිකයන්ට රැකියා සහ ආදායම අහිමි වනු ඇතැයි ඒෂියා නිව්ස් වාර්තා කර ඇත.
ඇඟලුම් ඇතුළු තේ, මැණික්, රබර් සහ කුරුඳු වැනි ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන කර්මාන්තවල කාන්තාවන් වැඩි වශයෙන් සේවය කරන අතර එක්සත් ජනපද වෙළඳපොළ ඔවුන්ගේ වඩාත්ම ලාභදායී එකක් වන බැවින්, නව තීරුබදු මගින් එම අංශවලට වැඩිපුරම බලපෑමකට ලක්වනු ඇත.
සිය නියෝජිතයන්ට තීරුබදු පිළිබඳ සාකච්ඡාවලට සහභාගී වන ලෙස ඉල්ලා නොසිටි නිසා ඇඟලුම් සේවකයන් රජයට දොස් පවරමින් පවසා සිටින්නේ ‘උදාසීන ආකල්ප’ මත සේවකයන්ගේ සහ වෘත්තීය සමිතිවල ගැටලු සළකා බැලීමට අපොහොසත් වී ඇති බවයි.
ඇඟලුම් කර්මාන්තය රටේ මුළු අපනයනවලින් 40%ක් පමණ වන අතර එය මෙරට ආර්ථිකයට ඉතා වැදගත් වේ. ග්‍රාමීය ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පසුබිම්වල කාන්තාවන් ඇඟලුම් අංශයේ සේවයේ යෙදී සිටින අතර මෙම රැකියා දරිද්‍රතාවයෙන් මිදීමේ තීරණාත්මක මාර්ගයක් නියෝජනය කරයි.
කාන්තා මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂිකා පද්මිණී වීරසූරිය පවසා සිටියේ “සේවිකාවන්ට බාධා කරන අමෙරිකානු තීරුබදුවලට එරෙහිව අපගේ ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීම සඳහා තවත් කාන්තා සංවිධාන 25ක් සමඟ සහයෝගයෙන් කටයුතු කළා. තීරුබදු ක්‍රියාත්මක වුවහොත්, “ඔවුන්ගේ නිවසට ගෙන යන වැටුප සැළකිව යුතු ලෙස අඩු වෙයි. ඉල්ලුම පහත වැටීමට ඉඩ ඇති බැවින්, කර්මාන්තශාලා දැනටමත් කම්කරුවන් දොට්ට දැමීම් පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බැවින්, මෙම කාන්තාවන්ට රැකියා සුරක්ෂිතභාවයක් අවශ්‍යයි,” යැයි ඇය තවදුරටත් පැවසා සිටියා.
ඇය අනතුරු අඟවමින් පවසා සිටින්නේ ඉන්දියාව සහ බංග්ලාදේශය හා සසඳන විට ශ්‍රී ලංකාව මත පනවා ඇති තීරුබදු ප්‍රමාණය වැඩි බැවින් ශ්‍රී ලාංකික කාන්තාවන් වැඩි තරඟකාරිත්වයකට මුහුණ දෙන බවයි.
නිෂ්පාදකයන් කිහිප දෙනෙකු දැනටමත් ඔවුන්ගේ මෙහෙයුම් වියට්නාමය, බංගලාදේශය සහ අප්‍රිකාවට ගෙන යෑමට උත්සහ දරයි. මන්ද කම්හල් වසා දැමුවහොත්, වැඩ කරන කාන්තාවන් 350,000කට වැඩි පිරිසකට බලපෑම් එල්ල වන බැවිනි.
නව තීරුබදු හේතුවෙන් එක්සත් ජනපදයට අපනයනය 20%කින් පහත වැටෙනු ඇති අතර, වාර්ෂිකව විදේශ මුදල් ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 300ක් පමණ අහිමි වනු ඇත.
2024 දී ශ්‍රී ලංකාවේ මුළු භාණ්ඩ අපනයනය අමෙරිකානු ඩොලර් බිලියන 13ක් වූ බැවින්, මෙය රටේ වෙළඳ ශේෂයට සහ ආර්ථික වර්ධන අපේක්ෂාවන්ට විශාල පහරක් නියෝජනය කරන බව විශේෂඥයන් නිගමනය කර ඇත.