පාසල් සිසුවියකට අතවර කළ එම පාසලේම ගුරුවරයෙක් අත්අඩංගුවට.

පාසල් සිසුවියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් මත දෙවිනුවර පාසලක ගුරුවරයකු මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
14 හැවිරිදි මෙම පාසල් සිසුවියට අතවර කර ඇත්තේ 39 හැවරිදි ගුරුවරයකු වන අතර පැමිණිලි කිහිපයක් සහ වින්දිතයාගේ ප්‍රකාශයක් මත මාතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය විසින් අදාළ සැකකරු මේ අයුරින් අත්අඩංගුවට ගෙන තිබේ.

නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම දැරියට මව අහිමි වී පියා විසින් අතහැර දමා ඇති අතර ඇය සිය ආච්චී හා සීයා සමඟ ජීවත් වේ.
සැකකරු දැරිය සමඟ සමීප සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන ඇති බවත්, ඇයගේ සීයා සහ ආච්චිගේ විශ්වාසය දිනාගැනීම සඳහා නිතර තෑගි රැගෙන ඇගේ නිවසට ගොස් ඇති බවත් වාර්තා වේ.

වින්දිතයාගේ ප්‍රකාශයට අනුව ගුරුවරයා ඇයට අතවර කර ඇති අතර ඔහුගේ බිරිඳව දික්කසාද කොට මෙම දැරියව විවාහ කර ගන්නා බවට පොරොන්දු වී ඇත.
සැකකරු සඳුදා දින අත්අඩංගුවට ගෙන ඇති අතර ලිංගික අපයෝජනය සහ ලිංගික ක්‍රියාවන් සඳහා පොළඹවා ගැනීම යන චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ලැබී ඇති පෙත්සම් කිහිපයක් සමග දැරියගෙන් ලබා ගත් ප්‍රකාශ මත මෙම ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට දැරිය වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා මාතර මහ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇත.

Social Sharing
අවකාශය පුවත්