මට පෝල්රාජ් සමඟ ආරෝවක් නැත – වෛද්‍ය නිලංග සමරසිංහ

මට පෝල්රාජ් සමඟ ආරෝවක් නැත. කොටින්ම කතානායක පදවිය සඳහා මා නම් කලේ ඇයවය, අනාචාර්ය රංවල කතානායක දූරයෙන් ඉල්ලා අස්වු පසු.

මට ඊට හේතු තිබිණි.

  1. පලමු කාන්තා කතානායිකාව
  2. පලමු දමිළ කතානායක
  3. බාෂා ත්‍රිත්වයේම දැනුම සහ හැසුරුම
  4. ගුරුවරියක් වීම.
  5. රටේ තෙවන පුරවැසියා දමිළ වීම.
  6. ඇයව ජාතින් අතර සමගියේ සංකේතයක් ලෙස ජාත්‍යන්තරය දිනා ගැනීමට පාවිච්චි කලහැකි වීම. ආදි කරුණු නිසාය.

අවාසනාවට ඒවන විටත් ඇය ළමා හා කාන්තා ඇමැතිණී ලෙස දිවුරුම්දී සිටියාය.

කැබිනට් ඇමතිදුරයක් දරන අයෙක් කතානායක පදවියට ගෙන ඒම ඉතා දුෂ්කරය, එබැවින් මම ඒ කැම්පේනය අත හැරියෙමි.

නමුත් ගුරුවරියක්, මවක්, කාන්තාවක් ලෙස ඇය මේ ලමා අපචාර සිද්දියෙදි හැසිරුණු ආකාරය ගැන මගේ පිළිකුල් අප්‍රසාදය ප්‍රකාශ කරමි.

මේ මම මේ පිළිබඳ Doctors only සමුහයක පළකල අදහසයි.

මේ අදහස Public කිරීම එම සමුහයේ පලකිරීම එහි ආචාර ධර්ම උල්ලංඝනයක් නොවන බැවින් සුළු සංශෝධන සහිතව මෙහිද පලකරමි.

“දොස්තරලා කියා වෙනසක් නැත.

ඇමැතිනියට එන දෝෂාරෝපණය ආන්ඩුවට එන දෝෂාරෝපණයක් ලෙස සලකා ආන්ඩු පාක්ෂිකයන් අදහස් දක්වයි.

විපක්ෂිකයන් පතුරු ගහයි.

සතියෙන් දෙපාර්ශවයටම අමතකයි.

ඊළග දූෂණය වු විට නැවත ඇවිස්සෙයි.

විෂම චක්‍රය එලෙස කැරකෙයි.

රට සුපුරුදු සිස්ටමයෙ එක තැන කැරකෙයි.

එනිසා Facts ටිකක් ලියමි.

1.ළමා ආරක්ෂක අධිකාරිය , පරිවාස දෙපාර්තමේන්තුව , පුනරුත්ථාපන අධිකාරිය බඳු රාජ්‍ය ආයතන වල Outreach Officers නමින් නිලධාරීන් වගයක් සිටියි.

  1. මුන්ගෙ නිල රාජකාරිය සේවාලාභින්, වින්දිතයන්, Risk එක ඇත්තාවුන් සොයා යාමය.
  2. එනම් ප්‍රශ්නය තමන් ලඟට ඒමට පෙර තමන් ප්‍රශ්නය සොයාගොස් විසඳුම් දීමය.
  3. බාගදා ලමා වාට්ටු සහ JMO කාර්යාල වල වැඩ කරන අයට මේ අත්දැකීම ඇති.
  4. ඇමැතිනිය කෙල්ල සොයා යායුතු නොවෙයි, ඇය අදාල නිලධාරීන් ඒ සඳහා යොමු කලයුතුය. මන්ධ ඇය අදාල ආයතනයේ ප්‍රධානියාය, විධායකයාය.
  5. දුෂණයක්/ ලිංගික අපචාරයක් යනු ඉතා සංවේදී සිද්ධියක්.

නැවත නැවත එය සුදුවු ආකාරය පැවසීමට සිදුවීම සලකනුයේ එම පුද්ගලයා නැවත නැවත දූෂණය වීමක් ලෙසය.

එය එතරම්ම Traumaticය.

අපේ වෛද්‍යවරියක් දූෂණය වු අවස්ථාවේ අපි එය දැක්කෙමු. ඇය දෙවරක් උසාවිය මඟ හැරියාය, ඇයි ඒ ?

  1. දැරිවිය සංස්කෘතිකව දෙමළ හින්දුය,

ඔවුන් සිංහල බෞද්ධයන් තරම් වත් මෙබඳු කාරණයකදී Forward නැත.

ඇයට විවාහයක් තියා පාරට බැසීමටවත් අවශ්‍ය නිදහස් පරිසරයක් නැවත තැනෙනු ඇතැයි සිතීම දුරස්ය.

  1. පලමුව ඇය ලමා ආරක්ෂක අධිකාරිය වෙත ගොස් ඇත.

එතැනින් යුක්තියක් ඉටු නොවු තැනය, ඇය ඇමතිනිය වෙත යන්නේ. එනම් යම් ලිඛිත පැමිනිල්ලක් දැනටමත් ඔවුන් සතුව වෙයි.

  1. නැවත පෙත්සමක් ලියන් එන්න යයි පැවසීම පැහැදිලිවම කල්මැරීමකි,

යුක්තිය ඉටුවීම කල්යාමකි.

  1. යුක්තිය ඉටුවීම කල්යාම යුක්තිය ඉටු නොවීමට සමානයයි කියමනක් නීති ක්ෂෙත්‍රයේ ඇත.
  2. ඇමැතිනිය දමිළ නිසත් කාන්තාවක් නිසාත් අම්මා කෙනෙක් නිසාත් යුක්තිය කඩිනමින් ඉටුවනු ඇතැයි ඔවුන් සිතන්නට ඇත.
  3. චුදිතයාට එරෙහිව පැමිණිලි පොලීසියේ නැත්තෙ, එය දහ තැනක පැවසීම දසවරක් දූෂණයට ලක්වීමක් නිසාය , රහස්යව තියාගන්න තමන්ට අවශ්‍ය දෙයක් පත්තරෙ දැම්මා වන නිසාය.

අපි එය අපේ වෛද්‍යවරියගෙ case එකේදි දැක්කෙමු.

  1. ලමයාගෙ මරණයට ආසන්නම හේතුව ඇයගෙ ටියුෂන් ගුරුවරයා පන්ති කාමරයේදී ඇයව නැගිට්ටුවා /ඉදිරියට ගෙන්වා නැවතත් කරපු ලිංගික අපචාරයයි.
  2. හිත තරමක් දුරට සාදාගෙන හොඳට ඉගන ගෙන මෙබඳු රටකින් චුතව ගොස් විදෙස් රටක හරි සාර්ථක ජීවිතයක් ගත කිරීමට සැලසුම් කල ඇයව පුර්ණ ලෙස බිඳ දමන්නේ මේ පාපතරයයි.
  3. මොහු කල අපරාධය කායික ලිංගික අපචාරය කල පාසලේ ගනිත ගුරාට වඩා දරුණුය.
  4. අවාසනාවකට ඔහු ධනවත් බලවත් මාලිමාවේ ප්‍රාදේශීය සංවිධායකවරයෙකි.
  5. ඔහුට සහ ඔහුගේ අපයෝජක ගනිත ගුරු මිතුරාට යම් දේශපාලන ආවරණයක් ලැබිණි, ලැබෙමින් පවතී. අර ලමයිට කෝටුපාර දෙන යොෂිත ගුරාට මෙන් මුක්තියක් බුක්ති විදියි.
  6. අපි ලංකාවේ දේශපාලනය දනිමු.

බලය ගන්න කම් දේශපාලකයා ජනයා අතරට යයි.

බලය ගත් පසු ජනයා ඔවුන් ලඟට යායුතුය.

එය එසේමය.

අපේ නාමල් කරුණාරත්න සොයුරා ගොවි ප්‍රශ්න සොයා පෙරදී ගොවියා වෙත ගියේය.

දැන් ගොවියා ඔහු සොයා ආමාත්‍යංශයට පැමිණිය යුතුය.

ගීතා වික්‍රමසිංහ සහ පෝල්රාජ් ලමා ඇමතිනියන්ද එසේමය.

ඇමතිවරු වු පසු කවුරුත්  කාර්ය බහුලය, පෙර සේ ප්‍රශ්න  සොයා Field එකට යාමට වෙලා නැත, එය ස්වභාවිකය.

  1. ඒ නිසාය ඔවුන්ට මහජන බදු මුදලින් පඩි ගෙවන රාජ්‍ය සේවකයන් නම් පිරිසක් ලබාදී ඇත්තේ.
  2. ඔවුන් ස්වභාවයෙන්ම අවම වැඩ ප්‍රමාණයක් කරන විනෝදකාමී පිරිසකි. අලුත් ආන්ඩුව පත්කර ගත්තේ මේ ආකාර්යක්ෂ රාජ්‍ය සේවයත් වලිගය කරකවා හරි මඟට ගන්නය.
  3. එබැවින්ය, වසර 30-40 ක් පරණ ” කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන, කන්තෝරුව තමයි මගේ විනෝද උයන” බඳු ගීත සාහිත්‍යයක් පවා රටතුළ ගොඩනැගී ඇත්තේ.
  4. මේක මගේ කෙල්ලට වුනානම් මම බඩේ බෝම්බයක් බැඳගෙන පාර්ලිමේන්තුවට කඩා වදිමි.

මට තියෙන ආන්ඩුව මාලිමාද, කජු සීයගෙද, නාමල් බේබිගෙද යන්න අදාල නැත.

– වෛද්‍ය නිලංග සමරසිංහ මහතාගේ මුහුණු පොතෙණි,

Social Sharing
අවකාශය නවතම