දෝන කතරිනා

කැණීම් හරහා ලබා ගන්න පුරාවස්තු සහ නටබුන් ඔස්සේ ඉතිහාසය සොයා යාම තමයි පුරාවිද්‍යාව කියන්නේ. එහෙම හොයා ගන්න ඉතිහාසය කියන්නෙම දැනුමක්. දැනුම අපක්ෂපාතී නැහැ. එය බලය, භාෂාව, දෘෂ්ටිවාදය වගේ දේවල් මත රඳා පවතිනවා. කටකතා, කතන්දර ඔස්සේ එළිදරව් වෙන ඉතිහාසය පිළිබඳ දැනුමත් ඒ වගේ තමයි.

“ඉතිහාසයට නොරිදවා ඉතිහාසය වෙනස් කළ මිනිසා පිළිබඳ කතාව……”

ඉතිහාසය කියන්නෙම ප්‍රබන්ධයක්. කතාන්දරයක්. ඉතිහාසය වෙනස් කරනවා කියන්නේ තිබුණු කතාන්දරය වෙනුවට, වෙනත් කතාන්දරයක් කියන එක. මෙච්චර කල් ඉතිහාස කතා කියලා හැදුනේත් තියෙන කතාන්දරම විවිධ මාධ්‍යවලින් නැවත කියන එක. වෙන විදිහකට කියනවනම් ඉතිහාසය ප්‍රතිනිෂ්පාදනය කරන එක.

කතාවක් තියෙන විදිහට නැතුව වෙන විදිහකට කියනවා කියන්නේ සමහරුන්ට හිත රිදෙන අභ්‍යාසයක්. පැරණි කතාව සත්‍යයක් විදිහට අදහන්නේ නැති කෙනෙකුට විතරයි එය දරාගන්න පුළුවන්.

ජයන්ත චන්ද්‍රසිරි අපේ සිනමාවේ හමුවෙන ශූර කතන්දරකරුවෙක්. අපි අහපු කතාවක් උනත් ජයන්ත කියන කොට ඒක අහගෙන ඉන්න ආසයි. දේවී කුසුමාසන හෙවත් දෝන කතරිනා අවුරුදු තිස් ගාණක් තරම් පොඩි කාලයක් ජීවත් වෙලා ඉතිහාස ගත වුණ ගැහැණියක්.

ඉන්ද්‍රජාලික වගේ පෙනෙන සිනමා කතා ආකෘතියකින් ජයන්ත කියන මේ ඉතිහාස කතාවේ වෙනස මොකක්ද?  LYCA නිෂ්පාදනය, ජයන්ත චන්ද්‍රසිරි නිර්මාණය

Asoka Handagama

Social Sharing
නවතම