ණය වාරිකය ගෙවා අවසන් වී මාස තුනක් ගත වීමෙන් පසුව අදාළ ණය ලබාගත් කාන්තාව විසින් ණය නොගෙවූ බව සඳහන් කරමින් පොලිස් අත්අඩංගුවට ගත් පුවතක් හුංගම ප්‍රදේශයෙන් වාර්තා වේ.
ඒ අනුව ටී. එම්. රසිකා මහත්මිය සිය ගොවිතැන් කටයතු කර ගැනීම සඳහා ණය මුදලක් මීට වසර 10කට පෙර හුංගම විවිධ සේවා සමූපකාර සමිතියට අනුබද්ධිත මාමඩල ග්‍රාමීය බැංකුවෙන් ලබා ගෙන ඇත. ඇය ණය මුදල වශයෙන් රුපියල් 250,000 ක මුදලක් ලබාගෙන ඇති අතර කොරෝනා ව්‍යවසනය සමඟ ඇයට එම ණය මුදල ගෙවා ගැනීමට නොහැකි වී තිබේ.
පසුව ඇය විසින් බැංකු කළමණාකාරිණියගෙන් ණය සහනයක් ඉල්ලා සිටිය ද එම ණය සහනය ප්‍රතිෂේප වී ඇති අතර පසුව ඇයට සම්පූර්ණ ණය මුදල ගෙවන ලෙස පවසා ඇත. ඒ අනුව ඇය විසින් ණය හා පොලී අනුපාතය ගෙවා දමා ඇතත් එම ණය මුදල් ගෙවා දැමීමෙන් මාස 03ට පසු පොලීසිය නිවසට පැමිණ මැය හා ඇපකරු අත්අඩංගුවට රැගෙන පොලීසියේ රැයක් තබාගෙන අධිකරණය වෙත යොමුකර ඇත.
මැය පොලිස් අත්අඩංගුවේ පසුවන අවස්ථාවේ බැංකු කළමණාකාරිණියට ඇය පොලිස් අත්අඩංගුවේ පසුවන බව දන්වා ඇයව නිදහස් කර ගන්නා ලෙස දුරකථනයෙන් කල ඉල්ලීමට අනුව කළමණාකාරිණිය විසින් “පොඩි වරදක් සිදු වුනා සමාවෙන්න” කියා දුරකතනය විසන්දිකර ඇත. අදාළ කළමණාකාරිණියගෙන් පසුදින පැමිණ නඩුව ඉවත්කරන ලෙස මොවුන් ඉල්ලා සිටිය ද ඇය පසුදින නොපැමිණ ඇති අතර බැංකු කළමණාකාරිනියගේ විෂම ක්‍රියා කලාපය තුලින් ඔවුන් දැඩි අපහසුකාවයකට මෙන්ම පීඩාවකට, නින්දාවකට පත් වී ඇති අතර පසුව මොවුන්ට අධිකරණයෙන් ඇප මත නිදහස් වීමට සිදු වී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය මැදිහත් වී කටයතු සිදු කරයි. මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා ඔබටත් ප්‍රාදේශීය මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ විය හැකි අතර ඒ අනුව අම්බලන්තොට ප්‍රදේශය තුළ ඇතිවන මානව හිමිකම් කඩවීම් හා වධහිංසාවන් සඳහා හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත හෝ අපගේ ප්‍රධාන කාර්යාලයට පැමිණිළි ඉදිරිපත් කළ හැක.
අම්බලන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය – 0769692424
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය
0112-669100
සටහන – තරංග එල්. පටබැඳිගේ