ශ්‍රී ලංකාව ලෝක ජනමාධ්‍ය නිදහස දර්ශකයේ 139 වැනි ස්ථානයට!

ශ්‍රී ලංකාව ලෝක ජනමාධ්‍ය නිදහස දර්ශකය (RSF World Press Freedom Index 2025) හි රටවල් 180ක් අතරින් 139 වැනි ස්ථානයට පැමිණ තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව ජනමාධ්‍ය කරණය ප්‍රගුණ කිරීම සඳහා කොන්දේසි “දුෂ්කර” හෝ “ඉතා බරපතල” රටවල් අතර ශ්‍රේණිගත කර ඇත.

පෙර වසරයන් වල දී මෙරටට හිමිව තිබුණේ දර්ශකයේ 150 වන ස්ථානය වන අතර ඊට සාපේක්ෂව එම වසරේදී සාධනීය තත්වයක් පෙන්නුම් කර තිබේ. නෝර්වේ සහ එස්තෝනියාව යන රටවල් එම දර්ශකය තුළ සාධනීය කොන්දේසි සහිතව ඉදිරියෙන් සිටින අතර චීනය, උතුරු කොරියාව සහ එරිත්‍රියාව යන රටවල් ජනමාධ්‍ය නිදහසේ දරුණුතම පරිහානිය වාර්තා කළ රටවල් ලෙස පෙන්නුම් කෙරේ.

එමෙන්ම ජනමාධ්‍යවේදීන්ට එරෙහි භෞතික ප්‍රහාර ජනමාධ්‍ය නිදහසේ වඩාත්ම දෘශ්‍යමාන උල්ලංඝනයන් වුවද, ජනමාධ්‍යවේදීන්ට එල්ලවී ඇති ආර්ථික පීඩනය ද ප්‍රධාන ගැටලුවක් බව එම දර්ශකය තුළින් පෙන්නුම් කෙරේ. ලෝක ජනමාධ්‍ය නිදහස දර්ශකයේ ආර්ථික දර්ශකය පෙර නොවූ විරූ තීරණාත්මක පහත් මට්ටමක පවතින අතර, එය එය 2025 වසරේදී ද අඛණ්ඩව ඒ ආකාරයෙන්ම පවතින අතර ප්‍රතිඵලයක් ලෙස ජනමාධ්‍ය නිදහස පිළිබඳ ගෝලීය තත්ත්වය ඉතිහාසයේ ප්‍රථම වතාවට දුෂ්කර තත්වයක් ලෙස එම දර්ශකය මගින් වර්ගීකරණය කර ඇත.

 

Social Sharing
අවකාශය නවතම පුවත්