යාපනයේ ආරක්ෂක අංශ සතු ඉඩම් අක්කර 40ක් නැවත සිවිල් වැසියන් වෙත!

යාපනය ප්‍රදේශයේ ආරංශක අංශ සතුව පවතින ඉඩම් අක්කර 40ක් සිවිල් වැසියන් වෙත නැවත භාර දීමට කටයතු කර තිබේ.

ඊයේ දිනයේ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් මානද යහම්පත් විසින් ඊට අදාල ලියකියවිලි ඊයේ යාපනය දිස්ත්‍රික් ලේකම් එම්.ප්‍රදීපන් වෙත භාරදීම සිදු කර ඇත.

ඒ අනුව, වලිකාමම් උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වාසවිලාන් කොට්ඨාශයේ ඉඩම් අක්කර 20ක්, මාන්කොල්ලෙයි ගම්මානයේ ඉඩම් අක්කර 15 ක්, යාපනය – කටකෝවලම් ප්‍රදේශයේ ඉඩම් අක්කර 5ක් එලෙස සිවිල් වැසියන් වෙත භාර දීමට කටයතු කර තිබුණා.

එමෙන්ම යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසන ආකාරයට අදාළ ඉඩම් කඩිනමින් ඉඩම්වල මුල් අයිතිකරුවන් වෙත නිදහස් කරන බවයි.

Social Sharing
අවකාශය පුවත්