බදුල්ලේ ගෘහස්ත ප්‍රචණ්ඩතා හා ළමා ගැබ් ගැනීම් ඉහළ බව නීතිඥවරු පවසති!

බදුල්ල දිස්ත්‍රික්කයේ මඩොල්සිම හා නම්නුකුල යන ප්‍රදේශයන් වල වාර්තාවන ගෘහස්ත ප්‍රචණ්ඩතා හා ළමා ගැබ් ගැනීම් සිදුවීම් ඉහළ බව එම ප්‍රදේශයේ නීතිඥවරුන් ප්‍රකාශ කර සිටියි. ඔවුන් මේ බව සඳහන් කළේ ඉකුත් 26 වන දා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මාධ්‍යස්ථානය විසින් බදුල්ල ප්‍රදේශයේ සංවිධානය කරන ලද නීතිඥ හමුවක දීය.

එහිදී ඔවුන් අනාවරණය කළේ අවම වශයෙන් සතියකට එක් අපයෝජන සිදුවීමක්වත් වාර්තාවන අතර ගෘහස්ත ප්‍රචණ්ඩතා සම්බන්ධයෙන් පොලීසිය වෙත පැමිණිළි සිදු කළද ඔවුන් ඒ සම්බන්ධයෙන් එතරම් අවධානයක් ලබා නොදෙන බවයි. මෙම ගැටලුව වතු ආශ්‍රිතව ඉතා දරුණු අන්දමින් වාර්තාවන බව එම අවස්ථාවට පැමිණි සිටි නීතිඥවරුන් පවසා සිටීය.

ශ්‍රී ලංකාව තුළ වාර්තාවන ළමා ගැබ් ගැනීම් සිදුවීම් ඉහළ වන අතර එය වර්තමානය වන විට විශාල ගැටලුවක් බවට පත් වී ඇත. ලංකාවේ ළමා ගැබ් ගැනීම් පසුගිය වසරේදී ඉහළ ගිය බව ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර ප්‍රකාශ කරයි. 2023 දී ළමා ගැබ් ගැනීම් 167 ක් වාර්තා වන අතර 2024 දී බාල වයස්කාර දැරියෝ 213 ක් ගැබ් ගෙන ඇත.

ළමා ගැබ් ගැනීම් සම්බන්ධයෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් වීඩීයෝවක් සිදුකළ අතර එම වීඩීයෝව තුළින් ශ්‍රී ලංකාවේ ළමා ගැබ් ගැනීම්වල අඳුරු පැතිකඩ අවධාරණය කරනු ලබයි.

 

Social Sharing
අවකාශය පුවත්