රුපියල් 6,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කරදියනාරු මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ සේවයේ නියුතු මහජන සෞඛ්‍ය නිලධාරියෙකි.
ඒ අනුව කරදියනාරු ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඊයේ (29) දිනයේ මේ අයුරින් පැමිණිලිකාරියගේ නිවසේ දී සැකකරු විසින් මුදල් ලබාගත් අවස්ථාවේ දී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව අදාල නිලධාරියා පැමිණිලිකාරියට පවසා ඇත්තේ පැමිණිලිකාරිය විසින් ඉදිකරමින් පවතින නව නිවස පරීක්ෂා කර, එහි සැලසුම අනුමත නොකර, ඉදිකිරීම වරදක් බවට පවසා නීති මඟින් කටයුතු කළහොත් රු.50,000 ක දඩයක් නියම වන බවයි. එමෙන්ම සැකකරු පවසා ඇත්තේ එවැනි නීතිමය ක්‍රියාමාර්ග නොගෙන, ඉදිකරමින් පවතින නිවස බාධාවකින් තොරව ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සලසා, ඒ සඳහා ඉදිකරමින් පවතින නිවස ආකාරයටම සැකකරු විසින් ම සැලසුමක් ඇඳ එම සැලසුම අනුමත කර දීමට රු.12,000ක මුදලක් අවශ්‍ය බවය. තවද ඔහු එම මුදලින් රුපියල් 5000 ක මුදලක් ලබාගෙන ඇත.
ඒ අනුව ඔහු විසින් අල්ලස් ලෙස ඉල්ලු මුදලින් ඉතිරි මුදල් වලින් තවත් රුපියල් 6000ක මුදලක් ලබා ගැනීමට පැමිණිලිකාරියගේ නිවසට පැමිණ ඇත. ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු එරාවුර් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.