සත්සර නිමේශ්ගේ සිරුර ගොඩගෙන නව පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමු කෙරේ.

වැලිකඩ පොලිසියේ භාරයේ සිටියදී මියගිය බව කියන මීගහකිවුල පදිංචි 25 හැවිරිදි නිමේෂ් සත්සරගේ මළ සිරුර, භූමදානයෙන් දින 21කට පසුව, අධිකරණ නියෝගයක් අනුව අද දිනයේ (අප්‍රේල් 23) යළි ගොඩගන්නා ලදී.

ඔහුගේ මව කළ පැමිණිල්ලක් මත, යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් වෛද්‍ය විශේෂඥ තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මගින් සිදුකිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා නියෝග කළේය.

මෙම අවස්ථාව සඳහා කොළඹ, කරාපිටිය සහ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය නිලධාරීන්, රහස් පොලීසිය, බදුල්ල අපරාධ කොට්ඨාසය සහ කන්දකැටිය පොලීසියේ නිලධාරීන් සහභාගී වී සිටියහ.

මළ සිරුර පසුව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට රැගෙන යන ලදි. නිමේෂ්ගේ මරණය සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයන්ට විරුද්ධව සාධාරණය ඉටුකරන ලෙස ජනතාව විසින් මීගහකිවුල සහ කොළඹදී විරෝධතා පවත්වන ලදි.

 

Social Sharing
අවකාශය පුවත්