පාසල් සිසුවෙකු ඔහුගේ තවත් මිතුරෙකු සමඟ යතුරු පැදියකින් නිවස අසළ පිහිටා ඇති වෙළඳසැළකට හෙල්මට් නොමැතිව ගමන් කළ යැයි පොලීසිය පහර දුන් සිදුවීමක් පයාගලින් වාර්තා වේ.
ඒ අනුව තාරුක් ඩිනාල් නැමැති පාසල් සිසුවා මිතුරෙකු සමඟ 2024 වසරේ අගෝස්තු මස 07 වන දා පස්වරුවේ ඔහුගේ පියාට අයත් යතුරුපැදියෙන් නිවස අසල ඇති වෙළඳසැලකට ගොස් ඇති අතර මිතුරා හෙල්මට් නොපැළඳ සිට ඇත.
ඒ බව දුටු පයාගල පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඔවුන් පසුපස ලුහුබැඳ පැමිණ විත් යතුරුපැදිය නවත්වා බැනවැද තිබේ. බියටපත් පාසල් සිසුවා අසල පිහිටි ඥාති නිවසක් වෙත යතුරු පැදියෙන්ම ගොස් ඇත. නැවත ඔවුන් ලුහුබැඳ පැමිණි පොලිස් නිලධාරීන් එම පාසල් සිසුවාගේ මිතුරාට කනට පහරක් එල්ලකර යතුරුපැදිය පැදවූ පාසල් සිසුවාටද කනේ පහරවල් කිහිපයක් එල්ලකර තිබේ. එම මොහොතේ ඔහු බිම ඇදවැටුණ බව රෝහල් ගත කළ සිසුවා පවසයි. බිම ඇදවැටුන පසුව පා පහරක් එල්ලකර බූට් සපත්තුවෙන් තුනටිය ප්‍රදේශයේ පාගා ඇතිබවද සිසුවා වැඩිදුරටත් පවසා සිටින අතර පහරකෑමට ලක්වූ පාසල් සිසුවා කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. ඔහු 5 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවත් රෝහල් ප්‍රකාශයෙකු පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් පහරකෑ සිසුවාගේ පියා කළුතර ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලිසීයේ හිටපු පොලිස් නිලධාරියෙකු විශේෂ අපරාධ කොට්ඨාශය මගින් අත් අඩංගුවට ගෙන කළුතර මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරපත් කරන ලදි. මෙම නඩුව නැවත මෙම වසරේ ජූනි මස 16 වන දින කැදවිමට නියමිතව ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් මැදිහත් වී ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත පැමිණිළි කර ඇත. මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා අපගේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන වෙත හෝ අපගේ ප්‍රධාන කාර්යාලය හා සම්බන්ධ විය හැක.
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් ආයතනය
0112-669100
www.right2lifelanka.org