හෙල්මට් නොමැතිව යතුරු පැදියක් ධාවනය කළ පුද්ගලයෙකුට අළුත්ගම පොලිසීය අමානුෂික ලෙස පහර දුන් සිදුවීමක් අළුත්ගම දර්ගානගරයෙන් වාර්තා වේ.
තිරිමාදුර තිලක් වසන්න කුමාර ද සොයිසා යන ඉකුත් අප්‍රේල් 19 වන දා සවස 5ට පමන ඔහුගේ නිවසේ දේශපාලන පක්ෂයකට සහය දීමේ රැස්විමක් පවත්වා ඇති අතර පසුව ඔහුගේ සොහොයුරෙකු සමඟ කඩයට ගොස් නැවත පැමිණෙමින් සිටි ඇත. එම සොහොයුරාහට හෙල්මට් නොපැළද සිට තිබෙන බවට වාර්තා වේ. මෙසේ පැමිනෙමින් සිටින අවස්ථාවේ පොලිස් කැබ් රථයක් පැමිණ ඇති අතර එම අවස්ථාවේ වසන්ත යන අය යතුරු පැදිය නවතා යතුරු පැදියෙන් බැස ඇත. එම රථයේ සිට ඇත්තේ අළුත්ගම පොලිසියේ නිලධාරින් වන අතර එවිට එක් පොලිස් නිලධාරියෙක් පැමින යතුරු පැදියේ යතුර ලබාගෙන ඇති අතර වසන්ත යන අයට පොලිස් නිලධාරින් හෙල්මට් එකකින් පහර දි ඇත. එම අවස්ථාවේ මොහු කැගසා ඇති අතර එවිට අවට වටපිටාවේ මිනිසුන් පැමින තිබේ. පහර දෙන අවස්ථාවේ මොහු බිම ඇද වැටි තිබෙන බවත් එවිට මෙම පුද්ගලයාට පොලිස් නිලධාරීන් තුවක්කුවෙන් පපු ප්‍රදේශයට පහර දිමක් සිදු වී තිබේ. එමෙන්ම එම පහර දිමෙන් ඔහුගේ දතක් කැඩි ඇත.
එම ස්ථානයට පැමින සිටි අයෙක් විසින් මොහුගේ පුතාට දුරකථනයෙන් අමතා ඔහුගේ පියාට පොලිසියෙන් පහර දෙන බව දන්වා ඇත. ඒ් අනුව ඔහුගේ පුතා එම ස්ථානයට ගොස් ඇති අතර පියාගේ කටින් ලේ එන අයුරු ඔහු දැක තිබේ. එම නිසා පුතා විසින් තාත්තාට පහර දුන්නේ ඇයි දැයි පොලිස් නිලධාරින්ගෙන් විමසා ඇත. එම අවස්ථාවේ “උඔලාගේ තාත්තාට අපි ගැසුවේ නැහැ” යැයි පවසා වසන්තව අත් හැර පොලිස් නිලධාරින් එම ස්ථානෙයෙන් පිටව ගොස් ඇත. ඔහුට පැවති අපහසුතා මත වසන්තව ඔහුගේ පවුලේ අය අළුත්ගම රෝහලට රැගෙන ගොස් ඇති අතර ඔහු ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවේ වෛද්‍යවරිය පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ප්‍රතිකාර ගන්නා බව පවසා වසන්ත යන අයව කළුතර රෝහලට රැගෙන එන ලෙස පවසා ඇත.
පසුව ඔවුන් විසින් මොහුව නාගොඩ රෝහලට ඇතුලත් කිරිමට රැගෙන ගොස් ඇති අතර එසේ යන අවස්ථාවේ අලුත්ගම දුමිරිය ස්ථානය අසළදී පොලිස් ත්‍රිවිල් රථයකින් පැමිනි පොලිස් නිලධාරි දෙදෙනෙක් ඔවුන්ව නතර කර යන ස්ථානය පිළිබඳ විමසා ඇත. වසන්තව අත්ඩංගුවට ගැනිමට සුදානම් වුවද නිවැසියන් මොහු රෝගියෙක් යැයි පවසා නාගොඩ රෝහලට රැගෙන ගොස් ඇත. මේවනවිට මොහු පොලිස් පහර දිමෙන් රෝගීව කළුතර නාගොඩ රෝහලේ පස්වන වාටිටුවෙි ප්‍රතිකාර ලබමින් සිටියි. මොහුගේ ජංගම දුරකථනයද පොලිසියෙන් රැගෙන ගොස් ඇති බවට වාර්තා වේ.
20 වන දා දින දවල් මොහුගේ බිරිඳ වසන්තව බැලිමට රෝහලට ගිය අවස්ථාවේ දී අලුත්ගම පොලිසිය නිලධාරින් ඔවුන්ගේ නිවසට ගොස් ඔහුගේ පුතාව, සොහොයුරාව සහ යතුරු පැදිය අත්අඩංගුවට ගැනීමට පැමිණ ඇත. තවද එදින උදෑසන සහකාර පොලිස් අධිකාරවරයා පැමිණ සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂා කර ගොස් ඇතත් ඇසින් දුටු අයගෙන් කිසිදු ප්‍රකාශයක් ලබාගෙන නොමැති බවට මොවුන් පවසයි. ඔහුගේ බිරිඳ විසින් නියෝජ්‍ය පොලිස් කළුතර දිසාව වෙත පැමිණිළි කිරීමට ගොස් ඇත. එහිදී පැමිණිල්ල සටහන් කරගත් නිලධාරියා අළුත්ගම පොලිසීයෙන් එවූ වාර්තාවක් පෙන්වා ඇති අතර එම වාර්තාවේ සඳහන් වී ඇත්තේ වසන්ත යන අය පොලිස් අනනොතකා යතුරු පැදිය ධාවනය කළ ඇති බවයි. එමෙන්ම ඔහුගෙන් අළුත්ගම පොලීසිය ප්‍රකාශයක් ලබා ගෙන ඇති බවට වාර්තා වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් මැදිහත් වී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට, ජාතික පොලිස් කොමිෂන් සභාව, හා පොලිස්පති වෙත පැමිණිළි කර ඇත. මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා අපගේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන වෙත හෝ අපගේ ප්‍රධාන කාර්යාලය හා සම්බන්ධ විය හැක.
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් ආයතනය
0112-669100
www.right2lifelanka.org