ඇමරිකා එක්සත් ජනපදයට නිල භාෂාවක් තිබේද?
ඇමරිකා එක්සත් ජනපදයට රටක් වශයෙන් නිල භාෂාවක් නොමැත. ඇමරිකා එක්සත් ජනපදයේ බහුලව භාවිතා වන භාෂාව ඉංග්‍රීසි භාෂාව වුවද, සමහර ප්‍රාන්ත විසින් ඉංග්‍රීසි ඔවුන්ගේ නිල භාෂාව ලෙස නම් කර තිබේ.
ඇමරිකා එක්සත් ජනපදයේ බහුලව කතා කරන භාෂාවන මොනවාද?
එක්සත් ජනපදයේ වෙසෙන ජනතාව භාෂා 350කට වඩා වැඩි ගණනකින් සන්නිවේදනය කරති. එක්සත් ජනපද සංගණන කාර්යාංශයට අනුව, ඉංග්‍රීසි හැරුණු විට වඩාත් පුළුල් ලෙස කතා කරන භාෂා කිහිපයක් වන්නේ ස්පාඤ්ඤ, චීන, ටගාලොග්, වියට්නාම සහ අරාබි ය.
මීට අමතරව එක්සත් ජනපදයේ ජනතාව නවාජෝ, යුපික්, ඩැකෝටා, අපාචේ, කෙරෙස් සහ චෙරෝකි වැනි ස්වදේශීය උතුරු ඇමරිකානු භාෂා ද කතා කරති.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් 2025 මාර්තු මස 01 වැනි සෙනසුරාදා දින එක්සත් ජනපදයේ රාජ්‍ය භාෂාව බවට ඉංග්‍රීසි භාෂාව පත් කිරීමේ විධායක නියෝගයකට අත්සන් තැබීය.
මෙම නියෝගය මගින් හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් විසින් වර්ෂ 2000 දී නිකුත් කරන ලද “සීමිත ඉංග්‍රීසි ප්‍රවීණතාවයක් ඇති පුද්ගලයින් සඳහා ප්‍රවේශ සේවා වැඩිදියුණු කිරීම” යන විධායක නියෝගය අවලංගු කරනු ලබන අතර, එම නියෝගය හරහා ෆෙඩරල් ආයතන සහ ෆෙඩරල් අරමුදල් ලබන්නන් ඉංග්‍රීසි නොවන කථිකයින්ට භාෂා සහාය ලබා දිය යුතුවේ.
කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ නියෝගයේ සඳහන් වන්නේ එම නියෝගය හරහා කිසිදු ආයතනයක් විසින් සපයනු ලබන සේවාවන්හි කිසිදු වෙනසක් සිදුකිරීමට අවශ්‍ය හෝ ඒ සඳහා මෙහෙයවීමක් සිදු නොවන බවයි. මෙහිදී කිසියම් වෙනසක් සිදු කළ යුතුද යන්න තීරණය කිරීම ආයතන ප්‍රධානීන්ට භාර බවට සඳහන් කර තිබේ.
රටේ ජාතික භාෂාව ලෙස ඉංග්‍රීසි භාවිතා කර ඇති බව, ඇමෙරිකාවේ සෑම ඓතිහාසික පාලන ලේඛනයකම දක්නට ලැබුනද එක්සත් ජනපදයට කිසිදා නිල භාෂාවක් නොතිබුණි.
“ජාතික වශයෙන් නම් කරන ලද භාෂාවක් එක්සත් හා ඒකාබද්ධ සමාජයක හරය වන අතර, එක් බෙදාගත් භාෂාවකින් නිදහසේ අදහස් හුවමාරු කර ගත හැකි පුරවැසියෙකු විසින් එක්සත් ජනපදය ශක්තිමත් කරනු ලැබේ,” යනුවෙන් ට්‍රම්ප් සිය නියෝගයේ සටහන් කළේය.
එක්සත් ජනපදය නිල භාෂාවක් නොමැති රටවල් කිහිපයෙන් එකකි. ලොව පුරා රටවල් 195 න් 180 ක් පමණ මෙම වෙනස සිදු කර ඇත.
හිටපු ජනාධිපති ජෝ බයිඩන්ගේ සංක්‍රමණ ප්‍රතිපත්ති විවේචනය කරමින්, වර්ෂ 2024 දී ට්‍රම්ප් ජාතියේ භාෂාව ලෙස ඉංග්‍රීසි නම් කිරීම ගැන විවෘතව කතා කර ඇත.
“අපේ රටට භාෂා එනවා. අපේ මුළු ජාතියේම ඒ භාෂාව කතා කළ හැකි එක උපදේශකයෙක් නැහැ,” ට්‍රම්ප් 2024 දී කොන්සර්වේටිව් දේශපාලන ක්‍රියාකාරී සමුළුවට පෙර කතා කරමින් පැවසීය. “මේවා භාෂා – ඒක පිස්සුම දෙයක් – මේ රටේ කිසිවෙකු කවදාවත් අසා නැති භාෂා ඔවුන් සතුව තිබෙනවා. ඒක හරිම භයානක දෙයක්.”
“එකමුතුකම ප්‍රවර්ධනය කිරීම” සහ “සියලු පුරවැසියන් සඳහා බෙදාගත් ඇමරිකානු සංස්කෘතියක් ගොඩ නැංවීම” අරමුණු කරගනිමින් ට්‍රම්ප් විසින් මෙම නියෝගය නිකුත් කළ බව එම නියෝගයේ සඳහන් වන අතර, එය රජයේ මෙහෙයුම්වල අනුකූලතාව සහතික කරමින් සහ සිවිල් සහභාගීත්වය සඳහා මාර්ගයක් නිර්මාණය කර තිබේ.
ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප්ද ඉංග්‍රීසි, ප්‍රංශ, ඉතාලි, ජර්මානු සහ ස්ලෝවේනියානු ඇතුළු අවම වශයෙන් භාෂා පහක් කතා කරන බව ඇමෙරිකානු මාධ්‍ය විසින් ඉහතදී වාර්තා කර තිබුණි.
සටහන – Srimal DC