මානව හිමිකම් තහවුරු කිරීමට කැපවන බව විදේශ ඇමැති ජිනීවාහිදී පොරොන්දු වෙයි

Statement delivered by Hon. Vijitha Herath, Minister of Foreign Affairs, Foreign Employment and Tourism on 25 February 2025 during the High Level Segment of the 58th session of the Human Rights Council –

ජිනීවාහි පවත්වන ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 58 වැනි නිත්‍ය සැසිවාරයේ දී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශයක් සිදු කර ඇත.

එහිදී අමාත්‍යවරයා සිය දේශනයේදී  මානව හිමිකම්සංහිඳියාව සහ තිරසාර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත තහවුරු කළ අතරරටේ ප්‍රගතිය සහ අන්තර්ජාතික ප්‍රජාව සමඟ අඛණ්ඩව සම්බන්ධ වීම සඳහා රජයේ උපායමාර්ග ඉස්මතු කළේය.

ඇමැතිවරයා එහිදී ප්‍රකාශ කර සිටියේ මීට මාස කිහිපයකට පෙර පැවති ජනාධිපතිවරණයේ දී සහ පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ්‍රී ලංකාවාසී ජනතාව විසින් රට ආර්ථිකසමාජීය සහ දේශපාලන පරිවර්තනයක් කරා යොමු කිරීමට ශක්තිමත් ජනවරමක් සහිත නව ආණ්ඩුවක් පත්කර ගැනීමට ප්‍රගතිශීලී තීරණයක් ගනු ලැබූ බවයි.

ජාතික සමගිය සහ සංහිඳියාව තවදුරටත් ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව සඳහා ප්‍රායෝගික පියවර ගැනීමට රජය ප්‍රතිඥා දී ඇත. සංහිඳියා ශ්‍රී ලංකාවක් සඳහා වූ අපගේ දැක්මට සහ ප්‍රජාවන් අතර පරතරයන් සමනය කිරීමට ඇති කැපවීමට අනුකූලව ශ්‍රී ලංකා දිනයක් ප්‍රකාශයට පත්කිරීමට ජනාධිපතිවරයා යෝජනා කර ඇත. ගැටුම්වලින් පැනනගින අභියෝගවලට මුහුණදීම සඳහා ස්ථාපිත කර ඇති දේශීය යාන්ත්‍රණයන් සහ ක්‍රියාවලීන් ව්‍යවස්ථාමය රාමුව තුළ ස්වාධීනව සහ විශ්වාසනීය ලෙස තම කටයුතු කරගෙන යන බවට ඔවුන් සහතික වන බවත් අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP), වන්දි ගෙවීමේ කාර්යාලයජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වූ කාර්යාලය (ONUR) වැනි දේශීය ආයතන ශක්තිමත් කරන බවත්‍ ය.

සත්‍ය සහ ප්‍රතිසන්ධාන රාමුවක සමෝච්ඡයන්සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය ඇති ක්‍රියාවලියක් සහතික කිරීම සඳහා ක්‍රියාත්මක කිරීමට පෙර පුළුල්ම පාර්ශවකරුවන් සමඟ තවදුරටත් සාකච්ඡා කරන බවත් ඔවුන්ගේ අරමුණ වන්නේ ව්‍යවස්ථාමය රාමුව තුළ දේශීය යාන්ත්‍රණයන් විශ්වාසදායක සහ ශක්තිමත් බවට පත්කිරීම බවයි. ශ්‍රී ලාංකීය සමාජය තුළ ආතතීන් ඇතිකරන ජාතිවාදය සහ ආගමික අන්තවාදය නිසා ඇති වන ප්‍රචණ්ඩ ක්‍රියා විමර්ශනය කිරීමට බලයලත් සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් සඳහා වන කාර්යය ශක්තිමත් කිරීම මෙයට ඇතුළත් වන බව ඔහු සඳහන් කර ඇත.

එමෙන්ම ශ්‍රී ලාංකික සියලු පුරවැසියන් සඳහා සාධාරණසහ සමෘද්ධිමත් සමාජයක් සඳහා වූ ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටුකිරීම සඳහා උතුර සහ නැගෙනහිර පළාත්වල ජනතාව ඇතුළු ජනතා වරම සමඟ ඇති වගකීම රජය සම්පූර්ණයෙන්ම වටහාගෙන සිටී. ජාතික සමගිය සහ සංහිඳියාව සහ සියලු දෙනා ඇතුළත් සංවර්ධනය කරා යන ඔවුන්ගේ මාවතේ අප ඉදිරියට යන විට අන්තර්ජාතික ප්‍රජාවේ අඛණ්ඩ දිරිගැන්වීම සහ සහයෝගය වැදගත් වනු ඇති බව ඔහු තවදුරටත් සඳහන් කර ඇත.

මානව හිමිකම් කවුන්සිලයේ විශ්වීයත්වයඅපක්ෂපාතීත්වයවාස්තවිකත්වය සහ තෝරානොගැනීම යන මූලික මූලධර්මවලට අනුකූලව සමතුලිත හා පරිපූර්ණ ලෙස දැවෙන ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව සහාය දීමට සූදානම්ව සිටී. ශක්තිමත් දේශීය මානව හිමිකම් රාමු හරහා ඔවුන්ගේ අභියෝගවලට විසඳුම් සෙවීමට රාජ්‍යයන් දිරිමත් කළ යුතු බව සහ බල ගැන්විය යුතු බව විශ්වාස කරන බව එතුමා සඳහන් කර ඇත.

ජනතාව විසින් මෙහෙයවන ලද සහ ජනතා කේන්ද්‍රීය ජාතික පරිවර්තනයක් කරා ගමන් කරන රටක් ලෙස සහ අන්තර්ජාතික ප්‍රජාවේ වගකිවයුතු සාමාජිකයකු ලෙසශ්‍රී ලංකාවේ ජාතික නීති රාමුව තුළ මෙම කවුන්සිලය ඇතුළු එක්සත් ජාතීන්ගේ ආයතන සමඟ සාධනීය සංවාදයේ සහ සහයෝගීතාවයෙන් අඛණ්ඩව කටයුතු කරනු ඇති බව ප්‍රකාශ කර ඇත.

Social Sharing
අවකාශය නවතම පුවත්