2025 අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනා ගිණුම්වලට බැර කිරීම අද

2025 වසරේ පෙබරවාරි මාසට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව අද (13) අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කර තිබේ.

එහිදී රුපියල් බිලියන 12.55ක් ප්‍රතිලාභී පවුල් 1,725,795ක් අතරේ බෙදා හැරීමට නියමිත බව සඳහන් වේ. ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභීන්ට අද සිට තමාට හිමි ප්‍රතිලාභී මුදල තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබා ගැනීමට හැකියාව පවතියි.

Social Sharing

ආර්ථික නවතම පුවත්