ලොව පුරා සියලුම USAID සේවකයන් නිවාඩු යවයි

Brian Schatz (D-HI) speaks, as Don Beyer (D-VA), Gerry Connolly (D-VA), Jamie Raskin (D-MD) and Chris Van Hollen (D-MD) listen, outside the U.S. Agency for International Development (USAID) building in Washington, U.S., February 3, 2025. REUTERS/Kent Nishimura

ට්‍රම්ප් පරිපාලනය අඟහරුවාදා ප්‍රකාශ කළේ, ඇමරිකානු ආරක්ෂාව ශක්තිමත් කිරීමටත්, අහාර හිඟය හා ව්‍යාධි පැතිරීම වැළැක්වීමටත්, අධ්‍යාපනය මුලික කර ගනිමින් ක්‍රියාත්මක වූ වසර 60කට ආසන්න මෙහෙයුමක් සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සියේ (USAID) සියළු සේවකයින් නිවාඩු යැවීමේ කටයුත්ත ආරම්භ කරන බවයි. ඒ අනුව, එහි දැක්වෙන්නේ 2025 පෙබරවාරි 7, සිකුරාදා, රාත්‍රී 11:59 සිට බලපැවැත්වෙන පරිදි නිවාඩු යැවීමේ කටයුත්ත සිදුකරන බවයි.

මෙම තීරණය USAID සේවකයින්ට විද්‍යුත් තැපෑලක් සහ මාර්ගගත දැන්වීමක් මඟින් දැනුම් දී තිබේ. එය, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු පාලන සමයේ සිටි දේශපාලන පත්කළ නිලධාරීන් නැවත යෙදීම සහ අරමුදල් අපතේ දැමීමක් ලෙස සැලකෙන විදේශීය වැඩසටහන් අඩු කිරීමේ උත්සාහයකි. එළොන් මස්ක්ගේ රජයේ කාර්යක්ෂමතා කණ්ඩායම්ද මෙම ප්‍රතිසංවිධානයට දායක වී ඇත.

මෙම නියෝගය සිකුරාදා මධ්‍යම රාත්‍රියට බලපැවැත්වෙන අතර, විදේශීය සේවය නිලවශයෙන් ඉටුකරන USAID සේවකයින්ට – ජාතිකයින්ට මෙන්ම විදේශිකයින්ටද – අවශ්‍ය නම් 30 දිනක් ඇතුළත ආපසු පැමිණිය යුතුය. ඔවුන් අත්‍යවශ්‍ය සේවකයින් ලෙස සැලකෙන්නේ නම් පමණක් ඉදිරියට කටයුතු කරනු ඇත. අත්‍යවශ්‍ය නොවන ගිවිසුම්කරුවන් ද වහා සේවයෙන් ඉවත් කිරීමට නියමිතය.

Social Sharing
නවතම පුවත් විදෙස්