එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානි වෝකර් ටර්ක් මහතා මාධ්‍ය සම්මන්ත්‍රණයක් පවත්වමින් කියා සිටියේ 2025 වසර සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට ඇමරිකානු ඩොලර් මිලියන 500ක් අවශ්‍ය බවය. විශේෂයෙන් මේ ආධාර අවශ්‍ය වන්නේ සිරියාව, සුඩානය වැනි රටවල සිදුවන මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ ගවේෂණය කිරීම සඳහාය.
නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විදෙස් ආධාර කප්පාදු කළ පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය දැවැන්ත අර්බුදයකට මුහුණපා සිටී. අවශ්‍ය අරමුදල නොලැබුණොත් පීඩිත ජනතාවට සිදුවන සේවය මඟ හැරී යන බවත් ඔවුන් වඩාත් අපචාරයන්ට හිංසාවන්ට ලක්වන බවත් අනාරක්ෂිතවන බවත් වෝකර් ටර්ක් පවසයි. එක්සත් ජාතීන්ගේ අයවැයෙන් සියයට පහක් වෙන් කෙරෙන්නේ මානව හිමිකම් කටයුතු වෙනුවෙනි. 2024 වසරේදී ඇමරිකාව ඩොලර් මිලියන 35ක් පරිත්‍යාග කළ අතර එය ඊට ලැබුණු මුළු ආධාර ප්‍රතිශතයෙන් සියයට 15කි. දෙවැනියට වැඩිම ආධාර ප්‍රමාණයක් පරිත්‍යාග කර තිබුණේ යුරෝපියානු කොමිසම විසිනි.