ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ධවල මන්දිරයට සමුදෙයි.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සිව් වසරකට පසු සිය ධුර කාලය අවසන් කරමින් ධවල මන්දිරයට සමුදී තිබේ. අවසන් වරට ඕවල් කාර්යාලයේ සිට විනාඩි 19ක් පුරා සිදුකළ ජාතිය ඇමතීමේ කථාවේදී ඔහු කියා සිටියේ විශාල කනස්සල්ලක් ඇති කරන ඇතැම් දේවල් ගැන රටට අනතුරු ඇගවීමට අවශ්‍ය බවයි.

ධනවත් හා බලවත් පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් සියල්ල පාලනය කරන රටක් බවට ඇමරිකාව පත්වීමේ අවදානමක සිටින බව ජනාධිපති ජෝ බයිඩන් පැවසූ අතර එය එක්සත් ජනපද ප්‍රජාතන්ත්‍රවාදයට ඇති අනතුරක් බවට ජෝ බයිඩන් අනතුරු ඇඟවීය. බලය සහ ලාභ ප්‍රයෝජන තකා සමාජ මාධ්‍ය පවසන බොරුවලින් සත්‍ය යටපත්වී ඇති බව ඔහු පවසා තිබුණි.

අපගේ දරුවන් අපගේ පවුල් සහ අපගේ ප්‍රජාතන්ත්‍රවාදය, බලය අනිසි ලෙස භාවිත කිරීමෙන් ආරක්ෂා කර ගැනීමට සඳහා සමාජ වේදිකා වගකිව යුතු බවද ඔහු පවසා තිබේ. තමන් බීජ රෝපණය කර ඇති අතර ඒවා වර්ධනය වී දශක ගණනාවක් තිස්සේ මල්පිපෙනු ඇතැයි ඔහු සිය සමුගැනිමේ දේශනය අතරතුර සඳහන් කර ඇත. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ලෙස ඉල්ලා සිටි ජෝ බයිඩ්න්, තමන් අමෙරිකාවට ආදරය කරන බව ද වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ. සාධාරණත්වය, නිදහස සහ සමානාත්මතාවය සඳහා දිගටම සටන් කරන ලෙස ඔහු ඇමරිකානුවන්ගෙන් ඉල්ලා සිටියේය.

 

Social Sharing
නවතම පුවත් විදෙස්