මෙය බදු දැළ පුළුල් කිරීමක් නොවේ; අකාර්යක්ෂමතා දැළ පුළුල් කිරීමකි – හර්ෂ ගුණසේන

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී බදු සහන සහ නව බදු  පිලිබඳ නිවේදනයක් කරන ලදීමේ අනුව යම් බදු අඩුකරන ලද අතර තවත් බදු වැඩි කර ඇතඒවා  නම්  පුද්ගල ආදායම් බද්ද අඩු කිරීමපොලිය මත දැනට ඇති රඳවා ගැනීමේ බද්ද 5% සිට 10% දක්වා වැඩි කිරීමඅනේවාසික ඩිජිටල් සේවා සපයන්නන් 18% වැට් බද්දට යටත් කිරීමඅපනයන සේවා සපයන්නන් 15% ක ආදායම් බද්දකට යටත් කිරීම (මේ තාක් ඔවුන් ආදායම් බද්දෙන් නිදහස් විය.) කැසිනෝදුම්කොළ සහ මත්පැන් ව්‍යාපාර සඳහා වන බද්ද 40% සිට 45% දක්වා වැඩි කිරීමදේශීය දියර කිරි සහ යෝගට් නිෂ්පාදකයන් 18% වැට් බද්දෙන් නිදහස් කිරීමකල්බදු ගිවිසුම් සඳහා වන මුද්දර ගාස්තුව 1% සිට 2% දක්වා වැඩි කිරීමඅපනයන ව්‍යාපාර වලට භාණ්ඩ සහ සේවා සපයන්නන්ට අදාල වන SVAT බදු ක්‍රමය එකඟ වූ IMF කොන්දේසි වලට එරෙහිව තවදුරටත් පවත්වාගෙන යාම සහ වාහන ආනයනය සඳහා වන තහංචි අනුක්‍රමයෙන් ඉවත් කිරීමයි.

ආදායම් බද්ද

ඒ අනුව දැනට පවතින ආදායම් බද්දට යටත් වන සීමාව වාර්ෂිකව රු. 1,200,000 සිට රු. 1,800,000 දක්වා ඉහල නංවන ලදීඒ අනුව මාසිකවබද්දට යටත්වන දැනට පවතින අවම ආදායම වන රු.100,000 මුදල රු.150,000 දක්වා වැඩිවේඊට අමතරව රු. 500,000 පළමු කාණ්ඩය රුමිලියනය දක්වා වැඩිවේඒ නිසාද බද්ද අඩුවේමෙම පවතින බදු කාණ්ඩ පළමු වගුවේද යෝජිත බදු කාණ්ඩ දෙවන වගුවේද දක්වා ඇතයෝජිත බදු අඩුකිරීම නිසා රු.ලක්ෂයේ සිට රුලක්ෂ හය දක්වා ආදායම් ප්‍රමාණ වලට බදු අයවන ප්‍රමාණද දැනට පවතින බදු ප්‍රමාණ ද තුන්වන වගුවේ දක්වා ඇතඅවසාන කොළමේ ඊට පෙර කොළමේ දක්වා ඇති තොරතුරු පසුව සඳහන් කරන රඳවා ගැනීමේ බද්දට අදාලවේ.

ජාතික ජන බලවේගය ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශනයේ ආදායම් බද්දට යටත් වන මාසික අවම සීමාව රුලක්ෂ දෙක දක්වා වැඩි කරන බවට පොරොන්දු වූ අතර මේ අවස්ථාවේදී එය රජයට විශාල ආදායම් අහිමිවීමක් විය හැකිව තිබුණිපසුගිය ආණ්ඩුවද බදු අඩුකිරීමක් අනුමත කර තිබුන අතර ඒ අනුව පවතින බදු කාණ්ඩ වල ප්‍රමාණය රු. 500,000 සිට රු. 720,000 දක්වා වැඩි කිරීමට යෝජිතව් තිබුණිජනාධිපතිවරයා එතුමා ගේ යෝජනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කර බව සඳහන් කළේය.

ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ විවිධ ක්‍රම අනුමත කරනු ඇතැයි ද එයින් වැඩක් වනු ඇතැයිද මම නොසිතමිඔවුන් ආණ්ඩුව විසින් ළඟා කරගත යුතු දර්ශක ඉදිරිපත් කර ඇතමෙම කාරණයට අදාල දර්ශක නම් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශත වශයෙන් රාජ්‍ය බදු ආදායමද (2025 දී 13.9%) ප්‍රාථමික ගිණුමේ ශේෂය එනම් රාජ්‍ය ආදායමෙන් පොලි ගෙවීම් සහ ණය ආපසු ගෙවීම හැර ඉතිරි වියදම් අඩු කිරීමෙන් ලැබෙන අතිරික්තයද (2025 දී 2.3%) වේමෙම දර්ශක සාක්ෂාත් කර ගත හැකි නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමකට පත්වනු ඇතඅනෙක් අතට මෙම දර්ශක සාක්ෂාත් කර ගත නොහැකි නම් බදු යෝජනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල “අනුමත” කර තිබුනද ඔවුන් සෑහීමකට පත් නොවනු ඇතමක්නිසාද යත් එය එකඟතා ගිවිසුම අනුකූල නොවන නිසායමේ එකඟතා රටේ අභිවෘද්ධිය පිණිස හේතුවේමක්නිසාද යත් ඒ මගින් රට නැවත බංකොලොත් වීමේ අවදානම අවම කරන බැවිනි.

උපයන විට ගෙවීම අවසාන බද්දක් නොවේඑය රඳවා ගැනීමේ බද්දකිඑය රඳවා ගැනීමේ බද්දක් වුවත් වෙනත් ආදායම් හෝ වෙනත් අඩුකළ හැකි වියදම් නැත්නම් එය අවසාන බද්දට සමාන වේඅඩුකළ හැකි වියදම් තිබෙනවා නම් වැටුපෙන් උපයන විට ගෙවීමේ බද්දෙන් අදාල කොටස අඩු නොකිරීමට සේවා යෝජකයා වෙත නියෝගයක් ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැක.

රඳවාගැනීමේ බද්ද

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ පොලිය සඳහා වන රඳවාගැනීමේ බද්ද 5% සිට 10% දක්වා වැඩි කරන බවයිමෙය රඳවා ගැනීමේ බද්දක් නිසාත් බද්ද ගණනය කරන්නේ ලැබෙන පොලියෙන් ප්‍රතිශතයක් ලෙස බැවින්  අවසාන බද්ද එනම් ඉහත දෙවන වගුව අනුව ගණනය කරන ලද බද්ද මෙයට වෙනස්වේවර්තමානයේ පොලි අනුපාත අඩුවී ඇති බැවින් වාර්ෂික පොලිය 8% ක් වන විට රඳවා ගැනීමේ බද්ද සහ අවසාන බද්ද  සමාන වීම සඳහා තැන්පතු ප්‍රමාණය රුලක්ෂ 542 ක් විය යුතුය.එනම් රුලක්ෂ 542 ට අඩු තැන්පත් කරුවන්ගේ රඳවා ගැනීමේ බද්ද අවසාන බද්දට වඩා වැඩියවාර්ෂික පොලිය යම් හෙයකින් 9% වුවහොත් මෙම සීමාව රුලක්ෂ 482 දක්වා අඩුවේබොහෝ විට පොලි අනුපාත තවත් අඩු විය හැකි බැවින් මෙම සමතුලිත සීමාව රුලක්ෂ 542 ට වඩා වැඩි විය හැක.

මෙයින් හැඟවෙන්නේ කුමක්දස්ථිර තැන්පතු වල පොලී ආදායමෙන් ජිවත්වන විශ්‍රාමිකයන් සහ තවත් පිරිස් වල අති බහුතරය තමන්ගේ තැන්පතු වලින් වැඩිපුර රඳවා ගත් බද්ද නැවත ලබා ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත යා යුතුය.

මෙහි ඇති  තුන්වන වගුවේ  අවසාන කොළමට පෙර කොළමේ පොලියෙන් පමණක් ලැබෙන මාසික ආදායම් සඳහා 10% රඳවා ගැනීමේ බද්ද යෝජිත ක්‍රමය අනුව ගෙවිය යුතු බද්දට වඩා වැඩි නිසා දෙපාර්තමේන්තුව විසින් ආපසු ගෙවිය යුතු බද්ද දක්වා ඇතඒ අනුව බදු වලට යටත් නොවන රු. 50,000 සහ රු. 100,000 මාසික ආදායම් ලබන අයට මාසිකව ආපසු ගෙවිය යුතු බද්ද පිළිවෙලින් රු. 5,000 සහ රු. 10,000 ක් වේමාසික ආදායම රු.361,000 දක්වා 10% රඳවා ගැනීමේ බද්ද අවසාන බද්දට වඩා වැඩි බැවින් බදු ආපසු ගෙවිය යුතුය.බදු ගෙවන්නන් විසින්  ගෙවිය යුතු බද්ද රඳවා ගැනීමේ බද්දට වඩා වැඩි වන්නේ ඊට වැඩි ආදායම් ලබන අයටයිඅවසාන කොළමේ දැක්වෙන්නේ එම තොරතුරුම රඳවා ගැනීමේ බද්ද වර්තමාන 5% වන විට සහ අවසාන බද්ද යෝජිත ක්‍රමය අනුව වන විටය.

මෙය  අඩු ආදායම් ලබන විශාල පිරිසක් අපහසුතාවයට පත් කිරීමකිදැනටමත් එම අපහසුතාව සිදුවේඅඩු ආදායම් ලබන පිරිස් වලින් රඳවා ගැනීමේ බද්ද අය නොකරන ලෙස හෝ අඩුවෙන් අය කරන ලෙස මුල්‍ය ආයතන වෙත නියෝග දීමට තවත් අංශයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ස්ථාපනය කරන බව ජනාධිපතිවරයා කීය.

දෙපාර්තමේන්තුවට මෙම කාර්යය කාර්යක්ෂමව කළ හැකි නම් SVAT ක්‍රමය දිගටම පවත්වා ගැනීමට ආණ්ඩුව ඉල්ලන්නේ ඇයි? SVAT යනු කුමක්දවැට් බදු ක්‍රමය අනුව ව්‍යාපාරිකයන් තමන් විකුණන භාණ්ඩ හෝ සේවා වලට විකුණන අගයට 18% ක් එකතු කර විකිණිය යුතුයඑමෙන්ම ඔවුන්ට  තමන් මිලදී ගන්නා භාන්ඩ හෝ සේවා වලට 18% ක් වැට් බදු ලෙස ගෙවීමට සිදුවේආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුත්තේ විකිණීමේ දී අය කරගත් වැට් බද්දෙන් මිලදී ගැනීමේදී ගෙවූ වැට් බද්ද අඩු කිරීමෙන් පසු ඉතිරිවන මුදලයිඅපනයන ව්‍යාපාරිකයන් භාණ්ඩ හෝ සේවා විකුණන අවස්ථාවේදී  වැට් බද්දට යටත් නොවේඑවිට ඔවුන් භාන්ඩ මිලදී ගැනීමේදී ගෙවූ වැට් බද්ද ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ට ආපසු ගෙවිය යුතුයමෙම ආපසු ගෙවීම දෙපාර්තමේන්තුව කාර්යක්ෂමව නොකරයි.

එබැවින් අපනයන ව්‍යාපාරිකයන්ට භාණ්ඩ සපයන ආයතන වලට අපනයන ව්‍යාපාරිකයන්ගෙන් වැට් බදු අය කර නොගෙන භාණ්ඩ විකිණීමේ ක්‍රමවේදයක් ආදායම් දෙපාර්තමේන්තුව විසින් සකසා තිබේ. SVAT යනු එයයි.

අපනයන ව්‍යාපාරිකයන්ට වැට් බදු ආපසු ගෙවීම පමාකරන දෙපාර්තමේන්තුවක් සාමාන්‍ය මිනිසුන් සහ ගැහැනුන් විශාල පිරිසකට පොලී මත රඳවා ගැනීමේ බද්ද ආපසු ගෙවතැයි බලාපොරොත්තු වන්නේ කෙසේද? SVAT ක්‍රමය දීර්ඝ කිරීමට ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ දෙපාර්තමේන්තුව අකාර්යක්ෂම බව ආණ්ඩුව දන්නා නිසාය.

අනෙක් කරුණ නම් රඳවා ගැනීමේ බද්ද වැඩි කිරීම හරහා බදු දැළ පුළුල් වන බව ජනාධිපතිවරයා විසින් කියා තිබීමයිඑය එසේ නොවේරඳවා ගැනීමේ බද්දක් ඇති කිරීමෙන්ම බදු දැළ පුළුල් වේබදු දැළ පුළුල් කිරීම සඳහා තිබෙන බද්ද වැඩි කිරීමේ අවශ්‍යතාවක් නැතමක්නිසාද යත් රඳවා ගැනීමේ බදු අදාල පුද්ගලයන්ගේ හැඳුනුම්පත් අංක සමඟ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙත බැංකු සහ මුල්‍ය ආයතන විසින් යවන බැවිනිඑම රඳවා ගැනීමේ බදු ප්‍රමාණය බදු ගෙවන්නන්ගේ ආදායම ගණනය කිරීමටද ඒ අනුව ඔවුන්ට අදාල පරිදි බදු ගෙවන ලෙස දැන්වීමටද  දෙපාර්තමේන්තුවට පුළුවනඑසේ නොකරන දෙපාර්තමේන්තුවක අකාර්යක්ෂමතාව වසා ගැනීමට ජනාධිපතිවරයා රඳවා ගැනීමේ බද්ද වැඩිකර එතරම් බද්දක් ගෙවිය යුතු නැති විශාල පිරිසක් අපහසුතාවයකට පත් කරයිඑම අකාර්යක්ෂම දෙපාර්තමේන්තුව කාර්යක්ෂමව මෙම වැඩිපුර අයකරගත් බදු ආපසු ගෙවීමට හෝ එම බදු අය කර නොගන්නා ලෙස අදාල මුල්‍ය ආයතන වලට නියෝග කරනු ඇතැයි අප සිතන්නේ කෙසේදඑබැවින් මෙය බදු දැළ පුළුල් කිරීමක් නොවේඅකාර්යක්ෂමතා දැළ පුළුල් කිරීමකිඑපමණක් නොවේඑය ඉතිරිකිරීම් අධෛර්යයට පත් කරයිඑය රටට අවාසිසහගතය.මොවුන් වෙනුවෙන් හඬක් නැගීමට ආර්ථික විද්‍යාඥයන් හෝ බදු උපදේශකවරුන් ගෝ වෘත්තීය සමිති හෝ දේශපාලනඥයන් හෝ අවසාන වශයෙන්  ඊනියා සමාජවාදීන් හෝ නැත.

එමෙන්ම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ පොලිය මත වන රඳවා ගැනීමේ බද්ද ගැන පමණිපොලිය නොවනආයතන වලට සපයන වෙනත් වෘත්තීය සේවාවන් සඳහාද රඳවා ගැනීමේ බදු තිබේඒ බද්ද ද 5% කිඒ සඳහා බද්ද වැඩි කරන බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කීවේ නැතඑතුමා පාර්ලිමේන්තුවේදී කථා කළේ කොලයක් බලාගෙනයරාජාසන කථාව කරන විට මෙන් නොවේඑසේම මෙම රඳවා ගැනීමේ බද්ද අවසාන බද්දක් බවට පත්වීමේ ඉඩ ප්‍රස්තාවද තිබේ.

ලෝකය පුරා රඳවා ගැනීම් බදු අය කරනු ලැබේඑයට ප්‍රධාන හේතුව වන්නේ බදු පැහැර හැරීම් වලක්වා ගැනීමට සහ පසුව ලැබෙන ආදායම කලින් ලබා ගැනීමටයිආදායම් දෙපාර්තමේන්තුව කාර්යක්ෂම නම්  ඉහත දැක්වූ ලෙස 5% බද්ද තිබියදී පවා බදු පැහැර හැරිම වලක්වා ගත හැකමේ මගින්  පසුව ලැබෙන ආදායම කලින් ලබාගැනීම ආණ්ඩුවේ ප්‍රධාන අරමුණක් විය හැකමෙම බද්ද ආපසු ඉල්ලා නොසිටින අඩු ආදායම් ලාභීන්ගේ බදු තබා ගැනීම ආණ්ඩුව අයථා ලෙස පොහොසත් වීමකි.

අනෙක් බදු

දියර කිරි සහ යෝගට් වල වැට් බද්ද අඩු කිරීම සම්බන්ධයෙන් යම් විවේචන මම දුටිමිවිවේචන වලට අනුව මෙම බදු සහනය ව්‍යාපාරිකයන් විසින් ජනතාවට නොදෙනු ඇතැයි මත පලවී තිබුණිඑසේ නොවිය හැකමක්නිසාද යත්.මේවා පාරිභෝගික භාණ්ඩ වන බැවින් ඒවායේ මිල භාණ්ඩයේ සඳහන් වන බැවිනි.

වාහන ආනයනය ඇතුළු  අනෙකුත් ආනයන විවෘත කිරීම කල යුතු දෙයකිපසුගිය ආණ්ඩුවද වාහන ආනයනයට  පෙබරවාරියේදී ඉඩ දෙන බව කියා තිබුණියම් හෙයකින් ආනයන වැඩි වුවහොත් රුපියල අවප්‍රමාණය වී අපනයන කරුවන්ට වාසිදායක තත්ත්වයක්ද මෙරටට ආනයනය කරන භාණ්ඩ මිල ඉහල යාමෙන් ජිවන වියදම වැඩිවන තත්ත්වයක්ද ඇතිවිය හැකකෙසේවෙතත් වාහන ආනයනයට ඉඩ දෙන්නේ එයින් ලැබෙන රේගු බද්ද ඉලක්ක කර ගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ රාජ්‍ය ආදායම් කොන්දේසි සපුරාලීමට නම්  එය අවදානමකි..

Social Sharing
අවකාශය නවතම විශේෂාංග