හිටපු කථානායක වන අශෝක රංවල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව මතුවූ ආන්දෝලනය මත ඒ මහතා දෙසැම්බර් 13 වන දා සිය ධූරයෙන් ඉල්ලා අස්විය. මෙම ගැටලුවෙන් පසුව පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ අධ්‍යාපන සුදුසුකම් නැවත කරලියට එන්නට විය. පක්ෂ විපක්ෂ නියෝජිතයින් මේ සම්බන්ධයෙන් මත ප්‍රකාශ කර අතර ම පොදු ජන පෙරමුණෙහි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීය. ඔහු විසින් පවසන පරිදි,
“කථානායක අසෝක සපුමල් රංවල මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතැයි පැවසෙන ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ සමාජ විරෝධය හේතුවෙන් ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වීම ප්‍රශංසනීය වුවත්, තවදුරත් චෝදනා එල්ල වන ආණ්ඩුවේ අනෙකුත් මන්ත්‍රීවරුන් ද තමන් සමාජගත කර ඇති අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කිරීමට අපොහොසත් වන්නේ නම් වහාම ඉල්ලා අස්විය යුතුය. ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ සුපිරිසුදු පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යාමේ දර්ශනයට විරුද්ධව, එම පක්ෂයේ ම ඇතැම් මන්ත්‍රීවරුන් තම අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව ජනතාව නොමග යවා තිබීම අතිශය කණගාටුදායකය.” යැයි සිය X ගිණුමෙහි සඳහන් කර ඇත.
මෙම අදහස් දැක්වීමත් සමඟ නාමල් රාජපක්ෂගේ නීති විද්‍යාල විභාග වංචාව පිළිබඳ සිදුවීම නැවත කරලියට පැමිණ ඇත. ඔහුගේ නීති විද්‍යාල උපාධිය සම්බන්ධයෙන් නැවත විමර්ශනය කරන ලෙස ඊයේ (17) CID යට පැමිණිල්ලක් ද ගොනු කරනු ලබනවා.
2013 වසරේ නීති විද්‍යාල අවසන් විභාගය ඉතාම වංචනික ආකාරයෙන් සමත් වීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් එම විභාගයට ම පෙනී සිටි නීති සිසුවෙකු වූ තුෂාර ජයරත්න යන අය සිදුකර අතර මේ සඳහා නීති විද්‍යාලයේ කිසිදු ඉහළ නිලදාරියෙකුගෙන් සාධාරණයක් තුෂාරට හිමි නොවූ අතර, රජය දිගින් දිගටම ඔහුට මරණ තර්ජන එල්ල කරන්නට විය.ඉන් අනතුරුව තුෂාරට පැමිණි මරණ තර්ජන හමුවේ ඔහුට ආරක්ෂාව පතා රටින් පැනගොස් ස්විට්සර්ලන්තයේ ජීවත්වීමට පවා සිදුවනවා.
මෙසේ අනීතික ආකාරයෙන් නීතීඥවරයෙකු වන නාමල් , ඉන් අනතුරුව ශ්‍රී ජවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අපරාධ විද්‍යාව සම්බන්ධයෙන් පශ්චාත් උපාධියක් කිරීම සඳහා ලියාපදිංචි වන්නට විය. පශ්චාත් උපාධියක් සිදුකිරීම සඳහා මූලික හෙවත් පළමු උපාධියක් තිබීම අනිවාර්‍ය වන අතර නාමල් රාජපක්ෂ සතුව පළමු උපාධියක් නොමැති බව සනාථ වීම හේතුකොටගෙන ඔහුගේ උපාධි ලියාපදිංචි අයදුම්පත්‍රය විශ්වවිද්‍යාල අධ්‍යනය මණ්ඩලය විසින් අවලංගු කරන්නට විය. නමුත් එකල ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා මෙන්ම රජයෙන් ද මෙම මහාචාර්‍යවරුන් හට ජීවිත තර්ජන එල්ලවන්නෙ නාමල්ගේ අනීතික අධ්‍යාපනයට රුකුල් සැපයීමක් ලෙසයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ එවකට අධ්‍යයන මණ්ඩලයේ කටයුතු කර මහාචාර්‍ය ටෙරන්ස් පුරසිංහයන් මෙම සිදුවීම විස්තර කරන ආකාරය පහත වීඩියෝවේ ගෙනහැර දක්වයි.
කෙසේනමුත් වසර 11 කට පසු නැවත නාමල් රාජපක්ෂගේ නීති විද්‍යාල විභාග වංචාව කරළියට පැමිණ ඇත. එහෙයින් වසර 11කට පසු තුෂාර ජයරත්න තම කට උත්තරය සමාජ මාධ්‍ය ඔස්සේ , සමාජය ඉදිරියේ මුදාහැර ඇත. ඔහුට මෙන්ම මෙරට සමස්ථ අධ්‍යාපනයට ම සාධාරණය ඉටුවිය යුතු යුගය උදා වී ඇත.
නීති ශිෂ්‍ය තුෂාර ජයරත්න 2011 වසරේ දී මෙම සිදුවීම සම්බන්ධයෙන් අගවිනිසුරු වෙත ලියූ ලිපිය පහත සබැඳියෙන් දක්වා ඇත.
SRI LANKA: Sri Lankan law student, D.M. Thushara Jayaratne writes to the Chief Justice