උතුරේ පැවති මහවිරු සමරුව පිළිබඳ සමාජ මාධ්‍ය තුළ සාවද්‍ය ඡායාරූප සහ පෝස්ටු පළකිරීම හේතුවෙන් ජනිත් චතුරංග නැමැත්තා අත්අඩංගුවට ගෙන දෙසැම්බර් 14 රක්ෂිත දක්වා බන්ධනාගාර ගත කර ඇත.
මෙහිදී මේ සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් සිදුකර ඇති අතර, උද්ඝෝෂකයින් සඳහන් කරන්නේ ජනිත් අත් අඩංගුවට ගත්තා සේම පසුගිය පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරයෙකු වූ අර්චුනා සහ උතුරේ සිවාජිලිංගම් වැන්නවුන් ද අත්අඩංගුවට ගත යුතු බවයි. ඔවුන් ජාතිවාදය සහ ත්‍රස්ථවාදී අදහස් නැවත මෙරට තුළ වැපිරීමට ගන්නා ලද උත්සහය ආණ්ඩුව විසින් නොසළකා හැර දකුණේ තරුණයින් පමණක් අත්අඩංගුවට ගැනීම තරයේ හෙළා දකින බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.
මහවිරු දිනයෙහි සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම හේතුවෙන් සැකකරුවන් සිව්දෙනෙකු පසුගිය දින කිහිපය තුළදී අපරාද විමර්ශන කොට්ඨාසය සහ ත්‍රස්ථ විමර්ශන කොට්ඨාසයේ යාපනය ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.