උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර උසස් පෙළ විභා­ගය අද (25) සිට ආරම්භ කරන අතර දිවයින පුරා විභාග මධ්‍ය­ස්ථාන 2312කදී විභා­ගය පැවැ­ත්වී­මට අවශ්‍ය සියලු කට­යුතු මේ වන­විට සූදා­නම් කර ඇති බව විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර මහතා පැව­සු­වේය.

සමස්ත අය­දු­ම්ක­රු­වන් 333,183ක් විභා­ගය සඳහා පෙනී සිටින අතර ඉන් 253,390ක් පාසල් අය­දු­ම්ක­රු­වන් වේ. පෞද්ග­ලික අය­දු­ම්ක­රු­වන් ගණන 79,793කි.

මෙවර විභාග ශාලා තුළ ජංගම දුර­ක­තන භාවි­ත­යට අව­සර හිමි වන්නේ විභාග ශාලා­ධි­ප­ති­ව­රුන්ට පම­ණක් වන අතර සහ­කාර විදු­හ­ල්ප­ති­ව­රුන්ට හෝ කාර්ය මණ්ඩ­ල­යට විභාග මධ්‍ය­ස්ථාන තුළ ජංගම දුර­ක­තන භාවි­ත­යට අව­ස්ථාව නොලැ­බෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

Social Sharing
නවතම පුවත්