අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනයේ දී වත්මන් ආණ්ඩුව සෞඛ්‍ය සඳහා වන ප්‍රවේශය මහජනාවගේ මූලික මිනිස් අයිතිවාසිකමක් බවට පත් කරන්නේ යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. එතුමා ඊයේ දිනයේ සිය ආමාත්‍යංශයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට සම්බන්ධ වෙමින් මෙම ප්‍රකාශය සිදු කළේ ය. ඔහු මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරමින් පැවසුවේ සෞඛ්‍ය සේවාව ජනතාව වෙත සමීප කිරීම, කාර්යක්ෂම කිරීම, ඵලදායි කිරීම සඳහා ව්‍යුහයක් සකස් කිරීමට කැපවීමෙන් කටයුතු කරන බවත් ඒ වෙනුවෙන් සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු සියලු කාර්ය මණ්ඩලයන් සහාය ලබා දෙනු ඇතැයි විශ්වාස කරන බවත් ය.
දකුණු ආසියාවේ සහ ලෝකයේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව උපයාගෙන තිබූ කීර්තිනාමය මෙන්ම සෞඛ්‍ය සේවාව පිළිබඳ ජනතාවගේ විශ්වාසය පසුගිය කාලය තුළ දූෂිත දේශපාලනය විනාශයට පත් කළ බවත් තමන්ට පැවැරී ඇති ප්‍රධානතම වගකීම සහ අභියෝගය වන්නේ සෞඛ්‍ය සේවාව පිළිබඳ ජනතාවගේ විශ්වාසය යළි ඇති කිරීමත් සහ සෙඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිරූපය නැවත නඟා සිටුවීම බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සෞඛ්‍ය සේවාව යනු මහජන සේවාවක් වන අතර රජයේ ප්‍රධානම කාර්යභාරය වන්නේ ජනතාව වෙනුවෙන් මහජන සේවාවක් ලෙස ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යෑම බවත් ඔහු තවදුරටත් පෙන්වා දීය.