තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) ආශ්රිත රාජ්‍ය ආයතන 50කට අධික සංඛ්‍යාවක් ඒකාබද්ධ කිරීමට රජය සැලසුම් කර ඇත. 2024 ගෝලීය ව්‍යවසායකත්ව සතිය (GEW) දියත් කිරීමේ අවස්ථාව නිමිත්තෙන් ලංකා වාණිජ මණ්ඩලයේ දී අදහස් දැක්වූ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරයෛ් (NEDA) අධ්යක්ෂ ධනුක ලියනගමගේ මහතා පැවසූයේ මෙහි අරමුණ මෙම ක්ෂේත්රය තුළ පවතින ගැටලු නිරාකරණය කරමින් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම බවයි.
එහිදී ධනුක ලියනගමගේ මහතා පවසා සිටියේ සමහර අවස්ථාවලදී මෙම ආයතන හිතාමතා හෝ නොදැනුවත්ව ප්‍රතිවාදී සංවිධාන ලෙස ක්‍රියා කරන බවත් එය වැළැක්වීම සඳහා වඩා හොඳ සම්බන්ධීකරණයක අවශ්‍යතාවයක් පවතින බවයි.
Microimage සමාගමෙහි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී හර්ෂ පුරසිංහ මහතා අනාවරණය කළේ මෙම මුලපිරීම අධීක්ෂණය කිරීම සඳහා නව ඩිජිටල් ආර්ථික අධිකාරියක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවයි. ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරමින් යෝජිත අධිකාරියේ සමාරම්භක මණ්ඩල රැස්වීම පසුගිය සතියේ පැවැත්වුණු බව ඔහු තහවුරු කළේය.