හාල් මාෆියාවත් යල් පැනගිය ප්‍රබන්දයක්..! සම්පත් ගජධීර

අපි තාම බංකොලොත්, ඒ නිසා හාල් ආනයනය කරන්න හදිසියෙ තීරනය කරන්න කලියෙන් තව පාරක් හිතලා බලන්න තිබුනා. ගොවීන්ගේ  ධෛර්යයෙන්කාලෙකට පස්සෙ ගිය යල මහ කන්න දෙකේ අස්වැන්න වී මෙට්‍රික් ටොන් මිලියන 4.3ත් වඩා වැඩියෙන් අපිට රටට ලබා දුන්නා.

තුන්වේලම බත් කෑවත් අපි එක්කෙනෙක්  අවුරුද්දකටම කන්නෙ හාල් කිලේ සීයක් එකසිය දහයක් විතර ඒ කියන්නෙ මිලියන 2.1ජනතාව ට වර්ශයකට හාල් කිලෝ ඕන110kg x මි 2.1=මිලි 2.3යි.

හාල් කිලෝ මිලි 2.3ක් නිශ්පාදනය කරන්න වී කිලෝ මිලියන 3.8ක් පමන ඕන වෙනවා. ඒ නිසා මේ වසරේ අපි ලබපු අස්වැන්නත් එක්ක රටේ සියලු දිසාපතිතුමන්ලාත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත්, ගෝජන සේවා දෙපාර්තමේන්තුවත්, කෘෂිකර්ම ඇමතිතුමත්, වෙළඳ ඇමතිතුමත්, ජනාධිපතිතුමත්, දන්නවා. මෙට්‍රික් ටොන් ලක්ශ හතරක පහක අතිරිකතයක් දැනටමත් රට ඇතුලෙ තියෙනවා කියලා.

අලුතින් එන හැම ආණ්ඩුවටම වගේ මාලිමාව නව රජයත් පත් වෙච්ච ගමන් නිලධාරීන්ගෙ පච අහල ඩඩ්ලිගෙ මෝල ඇතුලු සියලු ගබඩා වට කරා. ඩඩ්ලිගේ ගබඩාවල ඔය කියන නාඩු තොග නෑ කියලා අන්තිමට මුලු රටම දැන ගත්තා.

ඒ නිසා හාල් මාෆියාව පාස්කුබෝම්බය  මහ බැංකුව වගේ  යල් පැනගියපු ප්‍රබන්දයක් කියලාත් දැන් ටික ටික ජනතාව දන්නවා. ඒක නිසා හාල් මාෆියාව තවදුරටත් වලංගු මාතෘකාවක් නෙමෙයි

ඇත්ත කතාව

අහිංසක ගොවීන් නය කාරයන්ගෙන් බේරෙන්න ඔවුන්ගෙ අස්වැන්නෙන් බාගෙයක්ම  වී කිලෝ එක රු90ගානෙ විකුන ගන්නවා. අස්වැන්න කැපෙන කාලෙට ආන්ඩුව හැම දාම කැකුල 90ට සම්බා 100ට ගන්නවා කිව්වට ඒ වෙනුවෙන් ආයෝජනය කරන්න මහා භාන්ඩාගාරයට සල්ලි නෑ.

ඒක නිසා එක අතකට ශක්තිමත් ව්‍යාපාරිකයන් කීප දෙනෙක් එකතු වෙලා සහතික මිලට වී ගන්න එක ලොකු හයියක් රටකට. ආන්ඩුව මේ වෙන කොට රජයේ සේවකයින්ට පඩි නඩි දෙන්නෙ රටේ රෝහල් වලට බේත් ටික ගේන්නෙ ත්‍රිවිධ හමුදාව, කච්චේරි, පාසල් පවත්වාගෙන යන්නෙ බැදුම්කර හා බිල් පත් විකුනලා හතරවටේට නය වෙලා.

ඉතින් ගොවියෝ රජය වී ගන්නකං බලාගෙන ඉඳලා අන්තිමට කැකුලු වී රු 90ගානෙත් සම්බා වී රු 100ගනෙත් කවුරු හරි ව්‍යාපාරිකයකුට විකුණලා මුලදිම ණය ටික බේරගන්නවා. අතේ තියෙන ඉතිරි වී ටික යල කන්නෙ කුඹුරු වැඩ කරගන්න මුදල් ටිකක් හොයා ගන්න වැඩි මිලට විකුණන්න හිතන්පුළුවන් විදියට ඉතුරු කරගන්නවා.

ඒ වගේම ඒගොල්ලෝ දන්නවා නොවැම්බර් දෙසැම්බර් මාස වල ඊලග මහ කන්නෙ  අස්වැන්නේ එනකං රටේ වී මිල ඉහළ යනවා කියලා.

ඒ වෙලාවට වී කිලෝ 125ට 130කට විකුනගන්න පුලුවන් කියලත් ඒගොල්ලොත් දන්නවා. මෝල්කාරයන්ටත් කොටන්න වී නැති වුණාම 125ට 130ට 135ට වී කිලෝ එකක් දෙන්න පුළුවන් කියලාත් ඒ ගොල්ලො දන්නවා.

ඒ නිසා සාමාන්‍යයෙන් යමක් කමක් කරගන්න පුළුවන් ගොවි මහත්තුරු වී ටිකක් හංගගන්නවා. ඔය වැඩි මිලට විකුණ ගන්න වී ටිකෙන් තමයි ගෙදරට TV එකක් මෝටර් සයිකල් එකක් ඒ අය ගන්නෙ.

සියලු දිසාපතිවරු දන්නවා අන්තිම හරියේ කැකුලු වී කිලෝ එකක්  මෝල් හිමියන්ට ගොවියෝ වික්කේ 125ට 135වඩා වැඩිමිලකටට කියලා.

ඒ නිසා ඒ වැඩි මිලට ගත්ත වී කොටලා නොවැම්බර් දෙසැම්බර් මාසෙත්  නාඩු හාල් කිලෝ එකක් 220ක උපරිම සිල්ලර මිලකට විකුනන්න සතොසට දෙන්න මෝල් හිමියන්ට බෑ කියලා ඒ හැමෝම හොදාකාරවම දන්නවා. ඒකට හේතුව තමයි නිශ්පාදන මිල.

මේ එක්කම අපි කවුරුත් දැනගන්න ඕනේ නාඩු කියලා වී ජාතියක් ලංකාවේ නෑ කියලා. රතු කැකුලු, රෝස කැකුලු, සිදු කැකුලු කියන කැකුළු වර්ගයේ වී සහ රතු සම්බා සුදු සම්බා රෝස සම්බා වර්ගයේ  වී වර්ග තමයි අපේ රටේ වී ගොවිතැන් කරන්නෙ.

සුදු කැකුල රතු කැකුල සම්බා ඇතුලු ඕනම වී වර්ගයක් තැම්බුවහම තමයි සුදු නාඩු රතු නාඩු නාඩු සම්බා කියලා ඒ තම්බපු හාල් වලට කියන්නෙ. තවත් පැහැදිලි කලොත් තමබපු හාල් වලට තමයි නාඩු කියන්නේ. ඒ නිසා නාඩු සහල් තිබුනට නාඩු වී කියලා ජාතියක් නෑ කියලා අද මතක තියා ගන්න.

රජයේ සහතික වී මිල ගෝඨාබයගෙ කාලෙ කැකුලු රුපියල් 65  ඉදාලා රුපියල් 90ට ත් සම්බා රුපියල් 75 ඉදලා 100ටත් වැඩි කලා. තාම තියෙන්නෙ ඒ සහතික මිල.

මෙච්චර රටේ අනිකුත් සියලුම බඩු මිල වැඩිවෙලත් ගොවීන්ට ඒ අය දුක් මහන්සියෙන් හදන වී කිලෝ එකක මිල වැඩි කරලා දෙන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නෑ. ඔක්කොමලා පන දෙන්න හදන්නෙ පාරිභෝගිකයට.

රතු හෝ රෝස හෝ සුදු හෝ කැකුලු වී කි 1ක් රුපියල් 90ක සහතික මිලට මෝල් හිමියා ගත්තොත්  ඒ වී කිලෝ එකෙන් හදන තම්බපු නාඩු හාල් කිලෝ එකක නිශ්පාදන වියදම වී මිලට අනුව හදන්නෙ මෙහෙමයි.

වී කිලෝ එකක්(1000g)කෙටුවහම හාල් එන්නෙ 600g යි

90/600*1000=රුපියල් 150ක් වෙනවා හාල් කිලෝ එකක් මෝලට ගේන්න බාන්න.

කොටන්න තම්බන්න පොලිශ් කරන්න බෑග් කරන්න විදුලි බිලත් එක්ක රුපියල් 25ක් යනවා. ට්‍රාන්ස්පෝර්ට් එකට දුර අනුව අවම රුපියල් 5ක් යනවා.

150+25+5=180ක් විතර වෙනවා උපරිම සිල්ලර මිල 220 උනොත් මෝල් හිමියටයි තොග සහ සිල්ලර මුදලාලිලාටයි කාටත් ලාබයක් තියෙනවා රුපියල් 40ක විතර. එක් කෙනෙකුට වැටෙන්නේ කිලෝ එහෙකින් රුපියල් 10ක් විතර ළාභයක්.

එතකොට මේ වෙලද යාන්ත්‍රණය තරමක් හොඳට දුවනවා හැබැයි වී කිලෝ එකක් රු.125ට රු135ට ගොවීන්ගෙන් ගතපුවා. කොටල බෑග් කරලා රු 220ට  විකුණන්න මේ වෙලද යාන්ත්‍රනයට හැකියාවක් නෑ.

අපිට කරන්න තියෙන්නේ නොවැම්බර් දෙසැම්බර්වල විතරක් මහ කන්නේ වී ටික ජනවාරියෙ එනකන් නාඩු හාල් වල උපරිම සිල්ලර මිල 235හෝ 240 කරන්න.

අපි බොරු ගුප්ත මායාවල් පස්සෙ ගෙනිහිල්ල ජනතාව අතරමං කරන්නෙ නැතුව යථාර්ථයට මුහුණ දෙන්න ඕන. ජනතාවට ඇත්ත කියන්න. මේ ගැන පොළොන්නරුව අනුරාධපුර මඩකලපුව අම්පාර හම්බන්තොට ගොවියෝ සහ සමාන්‍ය මිනිස්සු දන්නවා. මේ නාගරිකව ඉන්න ලුම්පන්නෝ තමයි මේ ගැන කිසි අවබෝධයක් නැතුව දොඩවන්නේ.

මේ අස්සෙ පිටකොටුවේ මුදලාලිලා ටිකක් හැම අවුරුද්දෙම සැප්. ඔක්. වෙනකොට එන එන සතොස සභාපතිවරයා අල්ලගෙන, සභාපතිය හරහා ඇමතියා අල්ලගෙන, ඇමතිය හරහා ජනාධිපති බියවද්ද ලා හාල් ආනයනය කරන්න පොලඹ වනවා.

මේ වෙලෙන්දන්ට  පුදුම ආදරයක් තියෙන්නෙ මෙච්චර හාල් ජාති රටේ අඩුවට  තියෙද්දී රු220ට  රටේ ජනතාවට නාඩු කවන්න. මේ අයට  සෙට් වෙලා ඉන්නවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තවත් සෙට් එකක්.

නිෂ්පාදන වියදමයි උපරිම සිල්ලර මිලයි පටලෝලා පට්ටපල් බොරු මිල සූත්‍රයක් හදලා එන එන  ජනාධිපතිතුමාලා ඇමතිතුමාලා අන්දන්නවා. අම්මෝ හාල් මිල වැඩියි මීට වැඩිය අඩුවට දෙන්න පුලුවන්, මේ මහ මෝල් කාරයින්ගෙ හාල් මාෆියාවෙ වැඩක්, උං මට්ටු කරන්නනං අපි ඉන්දියාවෙන් අඩුවට හාල් ගෙනෙමු කියලා.

මේ දෙගොල්ලො එකතු වෙලා අන්තිමට හැම අවුරුද්දෙම ඩොලර් මිලියන 2කක් 3ක් සමූහ අපරාධ ක්‍රමයට බෙදා ගන්නවා. ලෝකෙ පිරිසුදුම හොඳම හාල් අපේ ගොවීන්ගෙ හරි කුඩා මෝල් හිමියන්ගෙ  හරි ගබඩාවල තියාගෙන අපි මාස ගණන් පරන බෙහෙත් ගගහා ඉන්දියාවේ ගබඩා වල හංගන් හිටපු වස  ලංකාවට පටෝනවා එක එක නම් වලින්.

අලුතින් පත් වෙච්ච ජනාධිපතිතුමාටයි ඇමතිතුමාගෙනුයි මම ඉල්ලීමක් කරනවා මේ ගැන තවත් පාරක් හිතන්න කියලා. හැම ආණ්ඩුවක්ම අමාරුවෙ දාපු මේ තක්කඩියන්ට ඔයාලත් අහුවෙන්න එපා.දෙන්නගෙම ගම අනුරාධපුරේනේ. බැහැලා ගිහිල්ලා ගොවියොත් එක්ක වෙළෙන්දොත් එක්ක කතා කරන්න.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ ඩඩ්ලි ගාවත් නාඩු නෑ කියල හොඳටම දන්න නිසා ගොඩක් හරියක් එහෙනම් නාඩු තියෙන්න ඕනේ පොඩි පොඩි වෙළෙන්දන් සහ ගොවීන් ගාව කියලත් දන්න නිසා ගොවින් යම් ගානක් උපයා ගත්තට කමකුත් නැති නිසා, නාඩු උපරිම සිල්ලර මිල මේ මාස දෙකට පමනක් රුපියල් 235ක් 240ත් අතර ගානකට විකුනන්න. උපරිම සිල්ලර මිල වැඩි කරලා අලුත් අත්දැකීමක් ලබන්න.

සතියෙන් නැති නාඩු කඩවල්වල පිරේවි. අහිංසක ගොවියොන්ට සල්ලි කීයක් හරි හම්බවේවි. කවුරුත් ඔබට ස්තුති කරාවි. නාස්ති කරන්න යන බිලියන ගානක් මහා භාණ්ඩාගාරයට ඉතුරු වේවි. අපේ ඩොලර් සංචිතයත් ශක්තිමත් වේවි.

අනෙක රජයට හාල් ආනනය කරන්න මේ වෙලාවෙ සල්ලි නෑ. අන්තිමට සිද්ධ වෙන්නෙ ඒ සල්ලි හොයන්නත් මහ බැංකු බැදුම් කර හරි බිල්පත් හරි විකුනලා රටට ලෝකෙට ණය වෙන්න.

ඒ නිසා ඔබතුමන්ලා දේශපාලන ව්‍යාපාරයක් හැටියට මේ සම්බන්ධයෙන් ගන්න ඕන සමස්ත රටේ මහජනතාව ආරක්ශා කරන දේශපාලන තීන්දුවක් මිසක් වෙලෙන්දන් රජ කරවන මෙච්චර රටේ සුදු කැකුලු රතු කැකුලු හාල් ජාති තියෙද්දී තම්බපු නාඩු කන්න දඟලන අසනීප කාරයො කීප දෙනෙක් සනසවන්න නං නෙමෙයි.

අනෙක හාල් අතිරික්තයක් රට තුළ තියාගෙන ඒ අතිරික්තය හොයාගන්න බැරි නිසා හාල් ආනයනය කරන්න නව රජය පළවෙනි කැබිනට් තීන්දුව ගත්ත කියන්නේ පට්ට පේල් වැඩක්. ජාතික ජන බලවේගයට ඒක වැරද්දක් කියලා නොපෙනෙන්න  පුළුවන්. ඒත් ජනතා විමුක්ති පෙරමුණට ඒ වැඩේ  කිසිසේත් ගැලපෙන්නේ නෑ

ඔබට සුභ දවසක්..!

Social Sharing
අවකාශය නවතම විශේෂාංග