රටට අවශ්‍ය වන්නේ ස්කැන්ඩිනේවියානු පන්නයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයද ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදයක්ද?
මෑත භාගයේදී ලාංකික දේශපාලනය තුල සමාජ ප්‍රජාතන්ත්‍රවාදය යන වචනය දේශපාලන විලාසිතාවක් බවට පත්ව ඇති බවක් පෙනෙන්ට තිබේ.
ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ ව්‍යංගයෙන් හගවන්නේ තමන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බවය.
ජාතික ජනබලවේගය නියෝජනය චතුරංග අබේසිංහ කියන්නේ තමන් ස්කැන්ඩිනේවියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පිලිගන්නා බවය.
සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස කියන්නේද තමන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය අනුගමනය කරන බවයි. එසේම තමන් මානුෂික ධනවාදය වෙනුවෙන් පෙනී සිටින බවය.
හර්ෂ ද සිල්වා කියන්නේද තමන් IMF සමග සාකච්ඡා කරන්නට බලාපොරාත්තුවෙන් සිටියේද Blue Print -I,II හා III අන්තර්ගත ප්‍රතිපත්ති රාමුව ගොඩනගන ලද්දේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තුල ඉදිරිපත් කරන සමාජ වෙළදපල න්‍යායට අනුව බවය.
එසේම පිලිප් ශාන්ත වැනි බුකියේ සැරිසරන මාලිමාවේ සුභපතන්න් කියන්නේ ද තමන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් බවත් මාලිමා ආන්ඩුව රාජ්‍යකරනයේදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මුලධර්ම අනුගමනය කිරීමට කටයුතු කරනු ඇති බවත්ය.
ඒ අනුව බලන කල රටේ ආන්ඩු පක්ෂය (චතුරංගලා සහ පිලිප්ලාගේ කියමන් වලට අනුව) සහ විපක්ෂය පදනම්වන දේශපාලනය නිර්නය වන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී න්‍යායක් නම් මෙම දෙපාර්ශවයම කතා කරන්නේ එකම දේශපාලන භාෂාවක්ද නැතිනම් එකිනෙකට වෙනස් දෙයක්ද යන්න සොයා බැලිය යුතුව තිබේ.
ඒ අන් කිසිවක් නිසා නොව මෙරට ක්‍රියාත්මක නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ සෞඛ්‍ය සම්පන්න භාවය සදහාය.
එය සෞඛ්‍ය සම්පන්න වන්නේ එවිට නංගි පෙන්නා අක්කා දීග දීමට නොහැකි වන නිසාය.
සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ දාර්ශනික පදනම සකසන්නේ ප්‍රංශ ජාතික දාර්ශනික ජීන් රෑසෝ විසිනි.
1848 දී කාල් මාක්ස් හා ෆෙඩ්‍රික් එංගල්ස් කොමියුනිස්ට් ප්‍රකාෂනය එලිදක්වන්නේ රෑසෝගේ එම දාර්ශනික පදනම හා එම යුගයේ දීම ක්‍රියාත්මකව පැවති මනෝ රාජික සමාජවාද්‍රීන් ලෙස හැදින්වු ෆුරියේ වැන්නවුන්ගේ ආභාෂය ලබමිනි.
1789 දී ප්‍රංශ විප්ලවය ආභාෂය ලබන්නේ රෑසෝගේ දාර්ශනික පදනමයි. ප්‍රංශ විප්ලවයයේ මුඛ්‍යාර්ථය වුයේ ජනතාවට නිදහස-සමානාත්මතාවය-මානව සහෝදරත්වය ගොඩනැගීමයි.
එතැන් සිට ලෝකවාසී සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ දේශපාලන සටන්පාඨය වුයේ නිදහස-සමානාත්මතාවය හා සහෝදරත්වයයි. (Liberty-Equality and Solidarity)
රුසියානු විප්ලවයට පෙර සිටම රුසියාවේ මෙන්ම ජර්මනියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යාපාර ක්‍රියාත්මකවී තිබුන අතර ලෙනින් තම බොල්ශවික් සමාජවාදී පක්ෂයට නායකත්වය ලබා දෙන සමයේදීම රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ නායකයාවුයේ ප්ලැකනොව්ය.
එම සමයේ ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ නායකයන් ලෙස ගැනුනේ රෝසා ලක්සැම්බර්ග් සහ කාල් කවුට්ස්කිය.
ලෙනින්ගේ සමයේදී පවා රුසියානු හා ජර්මානු සමාජප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ලෙනින්ගේ දේශපාලනයට මිත්‍ර නමුත් ප්‍රතිපක්ෂ බවක් පෙන්වා තිබුනේය.
නමුත් ඔවුන් එකිනෙකට බන්ධනය කරනු ලැබු ලියවිල්ල වුයේ කොමියුනිස්ට් ප්‍රකාෂනයයි.
නමුත් 1903 තරම් ඈත භාගයේ සිට ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තුල දාර්ශනික ඉරි තැලීම් කොමියුනිස්ට් ප්‍රකාෂනය පිලිගැනීම හා නොගැනීම මත ඇතිවී තිබුනේය.
ඒ සදහා වන විකල්ප දාර්ශනික පදනම ඉදිරිපත් කරන ලද්දේ ජර්මානු ජාතික එඩුවාර්ඩු බර්නස්ටයින් විසිනි. ඔහු ඉදිරිපත් කොට සිටියේ කොමියුනිස්ට් ප්‍රකාෂනය මත පදනම්ව ඉදිරිපත් කර සිටින සමාජවාදයට විද්‍යාත්මක පදනමක් නොමැති බවත් එයට පවතින්නේ සදාචාරාත්මක පදනමක් පමනක් බවත්ය.
බර්න්සටයින්ගේ මෙම දාර්ශනික පදනම මත ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය රොසා ලක්සැම්බර්ග් ගේ සමාජවාදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදය හා බර්න්සටයින්ගේ සංශෝදනවාදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදය යන විභෙදනයට ලක් වුයේය.
නුතන ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගෙන්නේ බර්න්සටයින්ගේ සංශෝදනවාදී දර්ශනය පදනම් කොට ගෙනය.
එම නිසා සමාජවාදීන් හා වාම සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් බර්න්සටයින්ගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය හදුන්වන්නේ සංශෝදනවාදී පහත් දර්ශනයක් ලෙසටය.
ස්කැන්ඩිනේවියානු රටවල සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ මෙන්ම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රජයන් ගොඩනැගෙන්නේ බර්නස්ටයින්ගෙ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පදනම් කර ගනිමිනි.
එම පක්ෂ ඉතා පැහැදිලි ලෙසම විප්ලවවාදී පන්ති අරගලය පිලිබද ස්ථාවර ප්‍රතිපත්තිය එක හෙලා ප්‍රතික්ෂේප කරන ලද අතර ඔවුන් පෙනී සිටියේ ධනේෂ්වර ක්‍රමයේ අඛන්ඩ ප්‍රතිසංස්කරන තුලින් මානවයාගේ නිදහස-සමානාත්මතාවය තහවුරු කිරීමයි.
බටහිර ක්‍රියාත්මකවු සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තුල අරමුනු කරන ලද්දේ සමාජයක සෑම ආර්ථික හා සමාජීය ක්‍රියාකාරීත්වයක් තුලම මානව අභිමානය සුරැකෙන ලෙස ආර්ථිකයේ සෑම මුහුනතක්ම ප්‍රජාතන්ත්‍රීකරනය කිරීම සහ ආර්ථික අවස්තා දිනාගැනීම සදහා වන සමානාත්මතාවය ඇති කිරීමයි.
එහි දෙවන අරමුන වන්නේ වෙළද බලවේගයේ පැවැත්ම පිලිගන්නා අතරම ඒ සමගසමාජ සාධාරනත්වය ඇති කිරීමයි.
එය සිදු කිරීම සදහා සම්බන්ධීකරන ආර්ථිකයක් ගොඩනැගිය යුතු බව ඔවුන් අවධාරනය කරන ලදී. එහිලා පහත අවශ්‍යතා රාජ්‍ය තුල සාක්ෂාත් කල යුතුව තිබෙන බව එම දර්ශනය අවධාරනය කරන ලද්දේය.
- වැඩ කරන ජනතාව සම තීරනය (co-determination ) මත පදනම්වු සමාජ සහයෝගිතාව, (සංවිධිත ශ්‍රමය/ වෟත්තිය සමිතිවල පැවැත්ම)
- සමාජ ආරක්ෂනය,
- Public goods සහ public welfare පැවැත්ම,
- වෙළදපල පැවැත්ම
- ශ්‍රම වෙළදපලෙහි කාර්යක්ෂමතාවය
- වෙළදපල පදනම් කරගන්නා එනමුත් සම්බන්ධීකරන වෙළද ප්‍රතිපත්තිය,
- සමාජ සාධරනත්වය,
- මානවයාගේ සිවිල් හා දේශපාලන මෙන්ම සමාජ, ආර්ථික හා කන්ඩාම් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමයි.
ඒ අනුව බලන කල ජර්මානු/ස්කැන්ඩිනේවියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදය යනු දකුනු ඉවුරේ අවසාන ඉම වන්නේය.
දකුනු ඉවුරේ අනික් ඉම වන්නේ නව ලිබරල්වාදයයි. මේ දෙකට මැදින් පිහිටන්නේ ලිබරල් ආර්ථිකයයි.
චතුරංග අබේසිංහ මෙම සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පිලිගන්නේ නම් ඔහුට ජවිපෙ විශ්වාසය තබන කොමියුනිස්ට් ප්‍රකාෂනය පිලිබදව දක්වන විශ්වාසය අත්හැරිය යුතුව තිබේ.
එසේම ලංකාවේ ක්‍රියාත්මක රොසා ලක්සැම්බර්ග් පන්නයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය එනම් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදය (democratic socialism) ( නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය හරහා බලයට පැමින පන්ති අරගලය තුරන් කිර්‍රිමේ සමාජවාදී දේෂපාලන ආර්ථිකයක් ගෙඩනැගීම) ගොඩනැගීමට ඇති අභිලාෂය අත්හැර දැමිය යුතුව තිබේ.
හර්ෂ තම චින්තනයට සමාජ වෙළද පල න්‍යායේ හරය ඇතුලත් කර ගැනීම ඒ වෙනුවෙන් පෙනී සිටීමට පෙර කල යුතු පුර්ව සුදානමක් වන්නේය.
හරෂ ඉදිරිපත් කල Blue print ලියවිල්ල හා ඉහත දැක්වු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හරයන් අතර පවතින්නේ අහස හා පෙලව අතර පවතින්නාක් මෙන් පරතරයකි.
සජිත් මානුෂික ධනවාදය හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින්නේ නම් අවම වශයෙන් තමන් හදුන්වාදෙන දේශපාලන ආර්ථික මාදිලිය හා එය දිනාගන්නා මුලෝපාය ඒ මත පිහිටුවීම සිදු කල යුතු වුවද ඒ බවක් තම ප්‍රතිපත්ති ප්‍රකාෂනය තුල අඩංගු වී නොතිබුන බව කිව යුතුව තිබේ.
එම නිසා අවසානයේදී කියන්නට වන්නේ මේ සියල්ලන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය යන පදය තොරොම්බල් කරන බව පමනක් බවය.
මේ අයගේ ප්‍රතිපත්තින් එකිනෙක ගෙන එවා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කොනයෙන් සලකා බැලීම ඉදිරියට තබමු.