පසුගිය දා පැවති ජනාධිපතිවරණයේ ප්‍රථිපලය අනුව ඒ ඒ පක්ෂය හෝ අපේක්ෂකයා දිනගෙන ඇති පාර්ලිමේන්තු ආසන ප්‍රමාණ ගැන විශ්ලේෂනයක් මන්ත්‍රී ඩොට් එල්කේ (Manthri.lk) වෙබ් අඩවිය විසින් සිදු කර ඇත.
ඒ අනුව, ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා විසින් ආසන 105, සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් ආසන 78, ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා ආසන 37, ස්වාධීන අපේක්ෂක ආරියනේත්‍රන් පාක්‍යෙසල්වම් මහතා ආසන 4ක් සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ නාමල් රාජපක්ෂ මහතා 1ක් ආසනයක් බැගින් ජනාධිපතිවරණයේ ලබා ගත් ඡන්ද අනුව බෙදී ගොස් තිබේ.
- අනුර කුමාර දිසානායක – 5,634,915 (42.31%) – 105
- සජිත් ප්‍රේමදාස – 4,363,035 (32.76%) – 78
- රනිල් වික්‍රමසිංහ – 2,299,767 (17,27%) – 37
- නාමල් රාජපක්ෂ – 342,781 (2.57%) – 1
- ආරියනේත්‍රන් පාක්‍යෙස්ල්වම් – 226,343 (1.70%) – 4
https://x.com/ManthriLK/status/1838821699879604702