අභියාචනාධිකරණ විනිසුරුවන් සම්බන්ධයෙන් අසත්‍ය පුවතක් lankanewsweb.org යන වෙබ් අඩවියෙහි පළ කිරීම හේතුවෙන් වෙබ් මාධ්‍යවේදියකු වන ඩෙස්මන්ඩ් චතුරංග ද අල්විස් මහතා අධිකරණයට අපහස කර ඇති බවට අභියාචනාධිකරණය තීන්දු කර ඇත. අභියාචනාධිකරණ විනිසුරුවන් සම්බන්ධව පදනම් විරහිත චෝදනා එල්ල කරමින් පළ කළ පුවතක් සම්බන්ධයෙන් පෙත්සමක් විභාගය කිරීමෙන් අනතුරුව මේ බව ප්‍රකාශ කර ඇත. ඒ අනුව සෝභිත රාජකරුණා, මේනකා විජේසුන්දර සහ මායාදුන්නේ කොරයා යන මහත්ම මහත්මීන් සැදුම්ලත් අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.
2020 වසරේ අප්‍රේල් මස 30 වැනිදා එම වෙබ් අඩවියේ මෙම වගඋත්තරකරු විසින් උඩුගත කරන ලද පුවත හරහා අභියාචනාධිකරණ විනිසුරුවරුන් සම්බන්ධයෙන් එල්ල කරන ලද පදනම් විරහිත චෝදනාව සම්බන්ධයෙන් මෙලෙස පෙත්සම ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) ව්‍යවස්ථාව ප්‍රකාරව අධිකරණයට අපහාස කිරීමේ වරදක් සිදුකොට ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.
විත්තිකරු අධිකරණය මඟහැර විදේශගතව ඇති අතර ඒ අනුව විත්තිකරු නොමැතිව පෙත්සම විභාග ගැනීම සිදු වූ අතර මෙම පැමිණිල්ල සාධාරණ සැකයෙන් පිට ඔප්පු වී ඇති අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විනිසුරු මඩුල්ල විසින් තීරණය කර ඇත.