බන්ධනාගාරවල 31,000ක් සෙනග; නිලධාරීනුත් හිඟයි – කොමසාරිස් ජනරාල්

ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල ධාරිතාව මෙන් දෙගුණයක් පමණ රැඳවියන් ඒවායේ සිටින බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පවසයි. 2024 ජුලි 15 වන විට ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල 30,607ක් රැඳවියෝ සිටියහ. ඒ අතරින් බහුතරය මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අයයි.

මෙම තත්වය හේතුවෙන් බන්ධනාගාරවල ඉඩකඩ, පහසුකම්, සනීපාරක්ෂාව මෙන්ම බන්ධනාගාර නිලධාරින්ගේ දැඩි හිඟයක් ද ඇති වී තිබෙන බව ඒ මහතා පෙන්වා දුන්නේය. දැනට බන්ධනාගාර 31ක නිලධාරීන් 7872ක් සේවය කරති.

ඉදිරි කාලයේදී බන්ධනාගාර නිලධාරීන් 900ක් බඳවා ගැනීම සඳහා මේ වන විට අනුමැතිය ලැබී ඇත.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා මෙම අදහස් පළ කළේ ජුලි 16 දිනට යෙදුණු බන්ධනාගාර දිනය නිමිත්තෙන් මාධ්‍යවලට අදහස් දක්වමිනි.

Social Sharing
අවකාශය නවතම