මැරුණු සමාජයක මැරෙන මිනිස්සු!

මැරුණු සමාජයක මැරෙන මිනිස්සු!

ලෝකයේ විශිෂ්ට

ලේඛකයන්, සිනමාකරුවන්, නාට්‍යකරුවන්

බොහෝ සමාජය විනිවිද දැකීම සඳහා

නිරන්තරයෙන් පාදඩ චරිත

භාවිතා කර තිබේ.

ඒ තුළින් සමාජය විනිවිද දැකීමට

හැකියාව ද ලැබේ.

පවතින මඩගොහොරු වලින් පිරුණු

දේශපාලන සමාජය තුළ

මතුවන එවැනි බොහෝ චරිත

සමාජ ක‍්‍රමයේම වින්දිතයන් ය.

එම වින්දිතයන්

අවකල් කි‍්‍රයාවන්හී

සමාජ විරෝධී කි‍්‍රයාවන්හී යෙදේ.

ඔවුන්ට එම සමාජ ක‍්‍රමය අතික‍්‍රමණය කර

පැමිණීමට තරම් දැනුමක්, ශක්තියක් නොමැත.

එසේ තිබුණ ද සමාජ ක‍්‍රමය විසින්ම

අවකාශයක් ලබා නොදේ.

එවැනි වින්දිතයෙකු ගේ මරණය

ඛේදවාචකයකි.

එය තේරුම් නොගෙන

පී‍්‍රති ප‍්‍රමෝදයට පත්වන්නන්

සිදු කරනු ලබන්නේ

සමාජයක තිබිය යුතු

අවම සාරධර්මයන් ද

අභියෝගයට ලක් කිරීමකි.

මරණය වන්නේ එයයි.

– සුදේශ් ද සිල්වා

Social Sharing
අවකාශය නවතම