ණය ප්‍රතිව්‍යුහගත කරණයෙන් රට ගොඩයයි ද? වැනසෙයි ද?

debt restructuring sri lanka

– සී ජේ අමරතුංග – 

දේශපාලන ආරංචි මාර්ග කියන ආකාරයට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පවතින්නේ අවසන් අදියරේ ය. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කොට අවසන් ය. විදේශීය ද්වි පාර්ශවික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් සඳහා එකඟත්වය පළ වී තිබේ. ඒවායේ තවත් විසඳාගත යුතු ප්‍රශ්න තිබිය හැකි නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රකාශ මගින් පෙන්නුම් කරන්නේ සියල්ල බොහෝ දුරට සතුටුදායක බව යි. ඒ අනුව මුල්‍ය අරමුදලේ ණය මුදලේ දෙවැනි වාරිකය නිදහස් කිරීමට නියමිත බව කියති.

මීළඟ පියවර වන්නේ ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමග ගිවිසුම්ගත වීම යි. ඒ සඳහා ද යම් වැඩ සටහනක් නැතහොත් මුලික එකඟත්වයක් ගැන ඉඟියක් පසුගිය අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමේ දී ලැබිණි. එහි දී රජයේ ණය ගැනීමේ සීමාව බිලියන 3900 සිට 7150 දක්වා ඉහල දැමීමට යෝජනා වී ය. ඒ ගැන කියවුණේ පසුගිය වසරවල නිකුත් කළ බැඳුම්කර පියවා මේ වසරේ නව බැඳුම්කර නිකුත් කිරීමට මෙලෙස ණය සීමාව ඉහළ දැමීම අවශ්‍ය බව යි. මේ වසරේ ණය නිකුත් කරමින් පසුගිය වසරවල ණය පියවන බැවින් ණය තොගයේ වැඩි වීමක් සිදු නොවේ. කෙසේ වෙතත්, අලුත් බැඳුම්කර නිකුත් කරනු ලබන්නේ කල් පිරීමේ කාලය දීර්ඝ කරමින් සහ ඇතැම් විට අඩු පොලියකට බැවින් ණය ගෙවීම පහසු වෙයි. එය හඳුන්වන්නේ ණය තොගයේ ගුණාත්මක භාවය ඉහළ දමා ගැනීමක් වශයෙනි.

මෙලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන රජය කියන්නේ මේ මාසය අවසන් වන විට ශ්‍රී ලංකාව බංකොලොත් රටක් යන තත්ත්වයෙන් මිදෙන බව යි. රටේ සංවර්ධනය සඳහා ක්‍රියාත්මක වීමේ අවස්ථාව මේ සමග අපට ලැබෙන බව යි.

ඇතැම් විපක්ෂ කණ්ඩායම් මේ කතා පිළිගන්නේ නැත. ඔවුන්ට අනුව කියැවෙන්නේ රට තවත් ණය කරනු විනා ණය ගෙවීමේ සැලසුමක් රජයට නැති බව යි. රට මුහුණ දුන් ප්‍රධාන ප්‍රශ්න දෙකට, එනම්, රජයේ ආදායම් වියදම් තුළනය කර ගත නොහැකි වීමේ ප්‍රශ්නය හෙවත් ප්‍රාථමික ගිණුමේ හිගයටත්, රටට අවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට අවශ්‍ය ඩොලර් නැතිකම හෙවත් ගෙවුම් ශේෂ ප්‍රශ්නයටත් රජයට විසඳුම් නැති බව ඔවුහු කියති.

පසුගිය අර්බුදයට හේතු වුයේ ඉහත කී හිගයන් දෙක බව ඇත්තකි. රටට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට නොහැකිව, ගෙන් වූ කන්ටේනර් දහස් ගණන් වරායේ හිර වී තිබිණි. කිරිපිටි පෝලිම්, ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම් ඇති වී ය. පෝලිම්වල සිට හෝ ගන්නට භාණ්ඩ ද නොතිබිණි. පැය 13 ක් විදුලිය කපන්නට සිදු වී ය.

කෙසේ වෙතත්, රජය මේ වන විට ඉහත කී ප්‍රශ්න දෙකට ම කෙටි කාලීන විසඳුම් දෙමින් දිගුකාලීන විසඳුම් සඳහා පදනමක් ද දමාගෙන අවසන් බව  පැහැදිලිව පෙනෙන්නට තිබෙන කාරණයකි. ඒ සඳහා ගත් ඇතැම් පියවර වේදනාකාරී වී ය.

බදු ඇතුළු ආදායම් වැඩිකර ගැනීම සහ වියදම් කැපීම මගින් ආණ්ඩුව මේ වසරේ මුල් මාස හයේ දී ම ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් වාර්තා කළේ ය. වසර අග වන විට ද එම තත්ත්වය පවතිනු ඇතැයි කියති. එය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉලක්කය ද ඉක්මවා යාමකි.

අර්බුදයට පෙර මෙරට ආනයන වියදම සටහන්ව තිබුණේ ඩොලර් බිලියන 20 – 22 වැනි අගයක් වශයෙනි. ඇතැම් භාණ්ඩ ආනයනය සීමා කිරීම නිසා පසුගිය කාලයේ එම ව්යදම බිලියන 16  පමණ දක්වා පහත වැටී තිබිණි. ආනයන සඳහා තහනම් ක්‍රමානුකුලව ඉවත් කිරීම නිසා මෙය යලිත් ඉහළ යා හැකි ය. ඒ අතර ඉන්ධන ගෙන්වීම සහ බෙදාහැරීම සඳහා විදේශ සමාගම් තුනකට අවසර දී ඇති අතර ඉන්ධන ගෙන්වීම සඳහා අවශ්‍ය විනිමය වසරක් යනතෙක් මෙරටින් ලබාගත නොහැකිය යන්න ගිවිසුම් කොන්දේසියකි.

ඉන්ධන ආනයන වියදම රටේ ආනයන වියදමෙන් සැලකියයුතු ප්‍රතිශතයක් බැවින් රටට දරන්නට වන ආනයන වියදම අඩු කර ගැනීමට මෙම පියවර ද ඉවහල් වෙයි.

මේ අතර රජය රටට විදේශ විනිමය ලැබෙන ඇතැම් මාර්ග ද විවෘත කරගෙන ඇත. යුරෝපයේ සහ ඇමෙරිකාවේ පවතින ආර්ථික පසුබැස්ම නිසා භාණ්ඩ අපනයන ආදායම පහළ වැටීමක් පෙන්නුම් කර  ඇතත්, වසර තුළ එම ආදායම ඩොලර් බිලියන 12 කට ආසන්න වනු ඇත. වසරේ පළමු මාස නවය තුළ භාණ්ඩ අපනයන ආදායම සටහන්ව ඇත්තේ ඩොලර් බිලියන 8.96 ක් වශයෙනි. ඒ අනුව ඉහත කී ඉලක්කය අපහසු නොවනු ඇත.

භාණ්ඩ අපනයන ආදායම පහත වැටෙද්දී සේවා අපනයන ආදායමේ සියයට හැට ඉක්ම වූ වර්ධනයක් පෙන්නුම් කොට ඇත. 2023 මුල් මාස දහයේ එම ආදායම ඩොලර් බිලියන 2.6 ඉක්මවා ගොස් තිබිණි. ඒ අනුව වසර අවසන් වන විට සේවා අපනයන ආදායම ඩොලර් බිලියන 3 ක් ඉක්මවා යන බව පැහැදිලි කරුණකි.

මේ අතර විදේශ ප්‍රේෂණ ලැබීම් ද ඉහළ ගොස් ඇත. මෙම වසරේ මුල් මාස අට තුළ එලෙස ලැබුණු මුදල ඩොලර් බිලියන 3.86 කි. වසර අවසන් වන විට එය බිලියන 6 ක් ඉක්මවා යනු ඇතැයි ගණන බලා  තිබේ.

සංචාරක ව්‍යාපාරයෙන් මේ වසරේ බලාපොරොත්තු වන ආදායම ඩොරල් බිලියන 2.2 කි. විදේශ ආයෝජන මගින් ද බිලියන 1.8 ලැබී ඇති බව පසුගිය දා වාර්තා වී ය.

ඉහත කී මාර්ගවලින් එලෙස බලාපොරොත්තු විය හැකි ලැබීම් ඩොලර් බිලියන 24 ක් බව ඒ අනුව පෙනෙන්නට තිබේ. මෙයට විදෙස් ආධාර වලින් ලැබෙන මුදල ද එකතු කළ යුතුව ඇත.

ඉහත කී මාර්ගවලින් එලෙස බලාපොරොත්තු විය හැකි ලැබීම් ඩොලර් බිලියන 24 ක් බව ඒ අනුව පෙනෙන්නට තිබේ. මෙයට විදෙස් ආධාර වලින් ලැබෙන මුදල ද එකතු කළ යුතුව ඇත.

මෙයින් පෙනී යන්නේ අපගේ ආනයන වියදම් සඳහා, පැහැර හැරිය නොහැකි ණය වාරික සහ පොලී  ගෙවීම සඳහා මෙන් ම වෙනත් විදේශ විනිමය අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් මුදලක් උපාය ගැනීමට මේ වන විටත් රජය සමත්ව ඇති බව යි.

මෙයින් පෙනී යන්නේ අපගේ ආනයන වියදම් සඳහා, පැහැර හැරිය නොහැකි ණය වාරික සහ පොලී  ගෙවීම සඳහා මෙන් ම වෙනත් විදේශ විනිමය අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් මුදලක් උපාය ගැනීමට මේ වන විටත් රජය සමත්ව ඇති බව යි.

ආර්ථික අර්බුදයට හේතු වූ ප්‍රධාන ප්‍රශ්න දෙකට, එනම් ප්‍රාථමික ගිණුමේ හිගය සහ ජංගම ගිණුමේ හිගය යන දෙකට ම විසඳුම් දීමට රජය මේ වන විට සමත්ව ඇත. ඒ නිසා පෝලිම් යුගය අවසන් වී භාණ්ඩ හිගය දුරු වී තිබේ. රජයේ විදේශ විනිමය සංචිත ද ඉහළ ගොසින් ය.

එසේ වුව ද, තවත් බරපතළ ප්‍රශ්න ගණනාවක් විසඳීමට ඉතිරිව ඇත. එම ප්‍රශ්න වන්නේ ආර්ථික අර්බුදයේ දී ආර්ථික කඩා වැටීම නිසා ඇති වූ ප්‍රශ්න යි. එනම් අධික උද්ධමනය නිසා බඩු මිල වැඩි වී ජනතාවගේ ජීවන තත්ත්වය පහත වැටීම, කර්මාන්ත, ව්‍යාපාරික ආයතන වැසී යාම, ජනතාවගේ රැකියා සහ ජීවනෝපාය අහිමි වීම ආදිය යි. මෙම ප්‍රශ්න නිසා ජනතාව දැඩි පීඩනයකට ලක්ව සිටින බව පැහැදිලි කරුණකි.

සංඛ්‍යා ලේඛන කියන්නේ ලක්ෂ හැත්තෑවක ජනතාවක් දරිද්‍රතා රේඛාවෙන් පහළට වැටී ඇති බව යි. එම රේඛාවෙන් ඉහළ සිටින පිරිස වුව ද දිවි ගැටගහ ගන්නේ අපහසුවෙන් බව රහසක් නොවේ.

එයට ආණ්ඩුවේ එක් පිළියමක් නම් අස්වැසුම සුබ සාධන සැලසුම යි. පවුල් ලක්ෂ 22 කට එය ලබා දීමට සැලසුම් කොට තිබුණ ද ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී ඇති වූ ගැටළු නිසා මේ වන විට එය ලබා දීමට හැකි වී ඇත්තේ පවුල් ලක්ෂ 14 කට පමණකි. ජන සංඛ්‍යාව වශයෙන් ගත් විට ලක්ෂ 50ක් ඉක්ම වූ ජනතාවක් මෙයට ඇතුළත් ය. ඉතිරි පිරිසටත් අස්වැසුම ලබා දුන් විට එම සංඛ්‍යාව ලක්ෂ හැත්තෑව ඉක්මවා යනු ඇත.

ආණ්ඩුවේ එක් පිළියමක් නම් අස්වැසුම සුබ සාධන සැලසුම යි. පවුල් ලක්ෂ 22 කට එය ලබා දීමට සැලසුම් කොට තිබුණ ද ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී ඇති වූ ගැටළු නිසා මේ වන විට එය ලබා දීමට හැකි වී ඇත්තේ පවුල් ලක්ෂ 14 කට පමණකි. ජන සංඛ්‍යාව වශයෙන් ගත් විට ලක්ෂ 50ක් ඉක්ම වූ ජනතාවක් මෙයට ඇතුළත් ය. ඉතිරි පිරිසටත් අස්වැසුම ලබා දුන් විට එම සංඛ්‍යාව ලක්ෂ හැත්තෑව ඉක්මවා යනු ඇත.

රජයේ සේවකයින්ට රුපියල් 10,000 ක් සහ විශ්‍රාමිකයින්ට රුපියල් 2,500 ක් ලබා දීමටත්, වෙනත සහනාධාර වැඩි කිරීමටත් රජය කටයුතු කොට ඇත.

නවතා තිබු සංවර්ධන වැඩ යලි ආරම්භ කිරීමට මෙන් ම බැංකු පොලී අඩු කිරීමට ද පියවර ගෙන තිබේ. මෙම පියවර මගින් ඉදිරි කාලයේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ වර්ධනයක් සමග ජනතාවගේ ජීවනෝපාය යලි සකසා  ගැනීමේ ඉඩ කඩ විවර වනු ඇතැයි බලාපොරොත්තු විය හැකි ය.

මෙලෙස සාරාංශ ගත කළේ අර්බුදයෙන් ගොඩ යාම සඳහා රජය මෙතෙක් ගෙන ඇති පියවර පිළිබඳව ය. ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පසුගිය දා ප්‍රකාශ කළේ පසුගිය මාස 18 ක කාලය තුළ රටේ ආර්ථිකය නිවැරදි මාවතේ ගමන් කළ බව යි. ඉහත කී කරුණු මගින් ද සනාථ වන්නේ එම තත්ත්වය යි.

එමෙන් ම මෙයින් පෙන්නුම් කරන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ප්‍රථම අප සිටින තත්ත්වය යි. දැන් අප සලකා බැලිය යුත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් සමග ඇති විය හැකි තත්ත්වය යි.

පළමුවැන්න නම් ණය ගෙවීමේ සැලසුමකට එකඟ වී ඒ අනුව ක්‍රියා කිරීමට සිදුවීම යි. පසුගිය කාලයේ ඇතැම් විවේචකයින් කියන්නට හැදුවේ අර්බුදයෙන් තාවකාලිකව මිදී ඇත්තේ ණය නොගෙවා සිටීම නිසා බව සහ ණය ගෙවන්නට පටන් ගත විට යලිත් අර්බුදයට යන බව යි. නමුත් ඉහත කී දත්ත මගින් පෙන්නුම් කරන්නේ රටේ ආරථික ක්‍රියාකාරීත්වය එම අභියෝගයට මුහුණ දීමට අවශ්‍ය තරමින් සුදානම් කිරීම මේ වන විට සිදුව ඇති බව යි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් කරන්නේ රටට සහ ආර්ථිකයට දරාගත හැකි මට්ටමට ණය ගෙවීමේ පහසු ක්‍රමවේදයක් සකසා ගැනීම යි. ඒ සඳහා ආර්ථික වශයේ ළඟා කරගත යුතු ඉලක්ක ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ සටහන තුළ අන්තර්ගත ය. එනම් ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පවත්වාගැනීම , දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ණය ප්‍රමාණය අඩු කර ගැනීම, ආදිය යි. එම ඉලක්ක කරා යන්නේ නම් රට වඩ වඩාත් ණය වීම සිදුවන්නේ නැත.

උදාහරණයක් ලෙස ප්‍රාථමික ගිණුමේ හිගයක් වෙනුවට අතිරික්තයක් පවත්වා ගන්නේ නම් එහි තේරුම රජයේ එම වසරේ වියදම් සඳහා ප්‍රමාණවත් ආදායමක් ලබා ගන්නා බව යි. ඒ කියන්නේ ඒ සඳහා අලුතින් ණය ගැනීම හෝ මුදල් නෝට්ටු මුද්‍රණය හෝ අවශ්‍ය නොවන බව යි.

ප්‍රාථමික ගිණුමේ හිගයක් වෙනුවට අතිරික්තයක් පවත්වා ගන්නේ නම් එහි තේරුම රජයේ එම වසරේ වියදම් සඳහා ප්‍රමාණවත් ආදායමක් ලබා ගන්නා බව යි. ඒ කියන්නේ ඒ සඳහා අලුතින් ණය ගැනීම හෝ මුදල් නෝට්ටු මුද්‍රණය හෝ අවශ්‍ය නොවන බව යි.

එසේ වූ විට අලුතින් ණය ගැනීම සිදු වන්නේ ණය ගෙවන ප්‍රමාණයට අනුව ය.

රජය අර්බුදයට මුහුණ දෙන්නට යන්නේ තව තවත් ණය ගැනීමෙන් ය යන  තර්කයට පදනමක් නොමැති බව ඒ අනුව තහවුරු විය යුතු ය.

කෙසේ වෙතත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ඇතිකර ගන්නා එකඟතාවයට අනුව ණය ගෙවීම ආරම්භ කිරීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇත. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල වීරසිංහ මහතා කියා තිබු පරිදි වසරකට ඩොලර් බිලියන තුනක පමණ ණය ප්‍රමාණයක් ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇත. ඒ සඳහා රටට ඩොලර් ලැබීම අවශ්‍ය වන අතර ඩොලර් මිල දී ගැනීමට රජයට රුපියල් අවශ්‍ය වෙයි. අභියෝගය ඇත්තේ එතැන ය.

මෙම අභියෝගයට රජය මුහුණ දෙන ආකාරය ගැන අපට දැනට ඇත්තේ පසුගිය අයවැය ලේඛනය මගින් හෙළි කළ දත්ත පමණකි. එහි දී , ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු තත්ත්වය ගැන සාකච්ඡා වුයේ අල්ප වශයෙනි.

ආණ්ඩුව කුමක් කරයි ද යන්න ගැන අනාවැකි කිව නොහැකි වුව ද , ආණ්ඩුවට සහ රටට ලැබෙනා අවස්ථා ගැන සාකච්ඡා කළ හැකිය.

එයින් ප්‍රධාන අවස්ථාවක් වන්නේ යලිත් ණය සහ ආධාර ලබා ගැනීමට රටට අවස්ථාව උදා වීම යි. පසුගිය දිනවල පළවූ වාර්තා අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වාරිකය නිදහස් වීමත් සමග ඩොලර් බිලියනයක පමණ මුදලක් ජාත්‍යන්තර මුල්‍ය ආයතන වෙතින් මෙරටට ලැබීමට නියමිත ය. මුල්‍ය අරමුදලින් ඩොලර් මිලියන 330 ක්, ලෝක බැංකුවෙන් මිලියන 250 ක් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් මිලියන 400 ක් එයට ඇතුළත් ය.

ඒ සමග ම දිවි පාර්ශවික ජාත්‍යන්තර ණය සහ ආධාර ලබා ගැනීමේ හැකියාව ද විවෘත වෙයි. මුදල් ඇමති, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය ඉදිරිපත් කරමින් කීවේ මධ්‍යම අධිවේගී මාර්ගයට චීනයෙන් සහ ජපානයෙන් ආධාර බලාපොරොත්තු වන බව යි. එබදු තවත් අවස්ථා රාශියක් මේ සමග විවෘත වෙයි.

රජයට විවෘත වන අනෙක් අවස්ථාව නම් විදෙස් ආයෝජන ලබා ගැනීමේ අවස්ථා විවර වීම යි. එබඳු ඇතැම් ආයෝජන ගැන මේ වන විටත් තීරණ ගෙන අවසන් ය. කොළඹ වරායේ බටහිර පර්යන්තය, උතුරේ සුළං  විදුලිබල ව්‍යාපෘති , හම්බන්තොට ඉදිවන තෙල් පිරිපහදුව ඉන් කිහිපයකි. තවත් ව්‍යාපෘති රාශියක් සැලසුම් කිරීමේ විවිධ මට්ටම්වල පවතියි.

මේ සියල්ල එකවර පැමිණෙන්නේ නැත. කෙසේ වෙතත්, මේ ආරම්භ වන්නේ මෙරටට ආයෝජන ලැබීමේ ප්‍රවාහයකි. එනම් රට තුලට එන ඩොලර් ප්‍රවාහයකි. ඒ සියල්ලම පාහේ අවසානයේ ඩොලර් උපයන ව්‍යාපෘති වෙයි.

මෙලෙස විවෘත වන අවස්ථා තුලින් රට තුලට ඉක්මනින් ඩොලර් ප්‍රවාහයක් ලබා ගැනීමේ හැකියාව ඇත. එසේ වුවහොත් ඩොලර් සුලබ වීමත් සමග රුපියල ශක්තිමත් වී ඩොලරයේ අගය යම් තරමකින් පහළ වැටීමට ඉඩ ඇත. එසේ වුව හොත් එමගින් බඩු මිල අඩු වීමක් සහ ජීවන බර සැහැල්ලු වීමක් ද සිදු විය හැකි ය.

මේ අප කතා කළේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් සමග රජයට විවෘත වන අවස්ථා පිළිබඳව ය. එසේ වුව ද, එම අවස්ථාවලින් නිසි ප්‍රයෝජන ගැනීමට නම් කළ යුතු ප්‍රතිසංස්කරණ රාශියක් ඇති බව ආර්ථික ක්ෂේත්‍රයේ විද්වතුන් මෙන් ම ව්‍යාපාරික ප්‍රජාව ද පෙන්වා දෙන කාරණයකි.

රජයට සහ රටට ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත හැකි වන්නේ එම ප්‍රතිසංස්කරණ කරන තරමට ය.

මෙලෙස රට ආර්ථික අර්බුදයෙන් ගොඩයනු දැකීම ප්‍රිය නොකරන දේශපාලඥයෝ පිරිසක් ද සිටිති. ඔවුන් දකින්නේ මෙහෙම රට ගොඩ ගියොත් තමන්ට වල කැපෙන බව යි. බලයට පත්වීමට තමන්ට තිබෙන අවස්ථා අහිමි වන බව ඔවුන්ගේ ගණන් බැලීම බව පෙනෙන්නට තිබේ. ඔවුන් දිගට ම සටන් කරනු ඇත්තේ මේ ගමන වළකන්නට ය. රට වලේ වැටෙන්නේ ඔවුන්ගේ එම උත්සාහය සාර්ථක වුවහොත් ය.

රට දැන් අමාරු තත්ත්වයෙන් ගොඩ යමින් තිබෙන නිසා ඇතැම් දේශපාලඥයින් කල්පනා කරනු ඇත්තේ දැන් තමන්ට අවශ්‍ය ලෙස කටයුතු කරන්නට හැකි වනු ඇති බවට ය. දරුණු අර්බුදය මොහොතේ නිරුත්තරව වගකීම් නොගෙන සිටි ඔවුන් දැන් නව මාවත්, පහසු මාවත් ගැන කියමින් බලය ගන්නට මාන බලනවා විය හැකි ය. ඔවුන් සාර්ථක වුවහොත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ සටහන අතරමග නවතා නැවතත් පැරණි විනාශකාරී මාවතට පිවිසෙන්නට ඉඩ ඇත. මීට පෙර අයි එම් එෆ් වැඩ සටහන් බොහොමයක් අවසන් වුයේ ඒ අයුරිනි. මෙවරත් එය සිදු වුවහොත් යලිත් රට අර්බුදයට යෑම නොවැළක්විය හැකි වනු ඇත.

මේ අවස්ථාවේ බරපතළ තර්ජනයක් වී ඇත්තේ මැතිවරණ වසරක් ඉදිරියේ තිබීම ය. මේ මොහොතේ දේශපාලඥයින් වගකීම් විරහිතව ජනප්‍රිය දේ කරන්නට ගියහොත් ආර්ථිකය නැවතත් පීලි පනින්නට ඉඩ ඇති බව ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පසුගිය දා ප්‍රකශ කොට තිබිණි. ඔහු කියා තිබුණේ තමන් කිසි විටෙක මැතිවරණ කල් දමන්නට ඉල්ලා නොසිටින නමුත් ඡන්ද ගැන නොසිතා වගකීමෙන් කටයුතු කරන ලෙස දේශපාලඥයින්ගෙන් ඉල්ලා සිටින බව යි.

මෙහි දී ජනතාවගේ වගකීම ද අවධාරණය කළ යුතු ම ය. ජනප්‍රිය දේ නොසලකා හරි දේ  තෝරා ගැනීමට ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු ය. මීට පෙර කළ ජනප්‍රිය අත්හදා බැලීම් මගින් අත්කරගත් විනාශය ජනතාවට මතක තිබිය  යුතු ය. තවත් අත්හදා බැලීම්වලට මෙය අවස්ථාව නොවන බව තේරුම් ගත යුත්තෝ ය.

රට ගොඩ යනවා ද? වැනසෙනවා ද? යන්න අවසානයේ තීරණය වන්නේ ජනතාවගේ තීන්දු මත ය. වැරදි තීන්දු ගතහොත් විනාශයට මුහුණ දෙන්නට සිදුවන්නේ සමස්ත ජනතාවට ය.

yukthiya.lk

Social Sharing
අවකාශය නවතම විශේෂාංග