අද සිට 20 බලාත්මකයි!

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය

රටේ දේශපාලන ආන්දෝලනයක් ඇති කළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (29)  පෙරවරුවේ අත්සන් තැබීය. ඒ අනුව විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (29) සිට බලාත්මක වනු ඇත. පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (29) පෙරවරු 11.30 ට කථානායකවරයා සිය සහතිකය සටහන් කිරීම සිදුකළේය.. මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සහ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්‍ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවල මහතා ද සහභාගී වි තිබුණි. දින දෙකක් පුරා පැවති විවාදයකින් පසුව පහුගියදා (22) පාර්ලිමේන්තුවේදි 2/3 කට වැඩි බහුතර ඡන්දයකින් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත…

Read More

දුමින්ද සිල්වාගේ හෙට දවස?

දුමින්ද සිල්වාගේ හෙට දවස?

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වීමේ උණුසුමත් සමඟ එහි තවත් සුවිශේෂි දෙයක් සිදු විය. ඒ මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර මේ වන විට බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලමින් ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන් විසින් පිරිසක් විසින් ලිපියක් අත්සන් කිරීමය. මෙහි විශේෂත්වය වනුයේ එකී ලිපිය සදහා විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 05 දෙනෙකුද අත්සන් තැබීමය. මේ අතර අමාත්‍ය විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදි දැඩිව කියා සිටියේ ද දුමින්ද සිල්වා නිදහස් කළ යුතු බවය. මෙය රංජන්, පද්මිණි, ශානිලා ගහපු ගේම් එකක් බව ඔහු චෝදනා කර…

Read More

දින 29 ට කොරෝනා රෝගීන් 5823 යි, PCR යන්ත්‍රත් අක්‍රීයයි!

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

කොරෝනා වසංගත තත්ත්වය ශ්‍රී ලංකාව තුළ වේගයෙන් වර්ධනය වීමත් සමගම එම තත්ත්වයට මුහුණ දීමට හැකි අයුරින් අපගේ සෞඛ්‍ය සේවා අංශ පුළුල් කිරීමට නොහැකි වීම හේතුවෙන් දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදු විය හැකි බවත්, ඒ හේතුවෙන් ඉදිරියේ දී කොරෝනා මරණ සැලකිය යුතු සංඛ්‍යාවකින් ඉහල යා හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරැ අඟවයි. අද (29) වන විට කොරෝනා රෝගීන් 9205ක් ශ්‍රී ලංකාව තුලින් වාර්තා වී ඇති අතර, මරණ සංඛ්‍යාව 19ක් ලෙස සදහන් වේ. මෙම රෝගීන්ගෙන් දැනටමත් 5111 දෙනෙකු අපගේ රෝහල් පද්ධතිය තුළ ප්‍රථිකාර ලබා ගනිමින් සිටී. මෙම සංඛ්‍යාව ඉතා විශාල අගයක්…

Read More

“සෞඛ්‍ය සේවයේ වැඩ බැරි ටාසන්ලා ඉවත්කරන්න” මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි අනතුරු අඟවයි!

“සෞඛ්‍ය සේවයේ වැඩ බැරි ටාසන්ලා ඉවත්කරන්න” මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි අනතුරු අඟවයි!

නව කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ල ආරම්භ වී දැන් මසක් සම්පුර්ණ වීමට ආසන්නය. ඒ කාලය තුල බොහෝ රෝගීන් පිරිසක් වාර්තා වූ අතර මරණ සංඛ්‍යාවද ඉහළ ගියහ. නමුත් මෙම නව කොරෝනා වෛරසය ප්‍රථමවරට මෙරට වාර්තා වූ විට සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සියලු දෙනාගේ දැඩි කැපවීම මත එය ව්‍යාප්ත වීම පාලනය කර ගැනීමට හැකි විය. එහිදී සෞඛ්‍ය අංශයේ කිසිවෙකුත් මෙම වෛරසයට ගොදුරු නොවූ අතර ඊට ගොදුරු වුයේ ආරක්ෂක අංශ සමාජිකයින් පමණි. එය සිදු වුයේද ජා ඇල – සුදුවැල්ලේ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයින් නිරෝධායනයට ගෙන යන අවස්ථාවේදීය. මාස දෙකකට වැඩි කාලයක් රට…

Read More

අධිවේගී විදුලි දුම්රිය හා අපි!

අධිවේගී විදුලි දුම්රිය හා අපි!

කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ සිට කොළඹ වරාය නගරය දක්වාත්, කටුනායක සිට මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළ දක්වාත් විද්‍යුත් අධිවේගී දුම්රිය ව්‍යාපෘතියක් ආරම්භ කිරීම වෙනුවෙන් ආයෝජන මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙන බව පහුගියදා මාධ්‍ය වාර්තා කර තිබුණි. එම වාර්තාවට අනුව ආයෝජන මණ්ඩල අනුමැතියත් සමග ඇමෙරිකානු ඩොලර් බිලියන 2.7ක් වෙන්කෙරෙන මෙම ව්‍යාපෘතියට අදාළ පුළුල් ශක්‍යතා අධ්‍යයනයක් ආරම්භ කිරීමට නියමිතය. ආයෝජන මණ්ඩල වාර්තාවලට අනුව මෙම ව්‍යාපෘතිය සැලසුම් කර ඇත්තේ මීට පෙර වසර 10කට පමණ පෙරය. අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම ව්‍යාපෘතියට අදාළ සැලසුම් බාධාවකින් තොරව ක්‍රියාත්මක වුවහොත්, ව්‍යාපෘතිය 2022දී ආරම්භ කිරීමට හැකියාව ලැබෙනු…

Read More

පොම්පියෝ ආවේ ඇයි කියලා අහන්න ඕන ඔහුගෙන්ම තමා! – අමාත්‍ය නාමල් රාජපක්ෂ

අමාත්‍ය නාමල් රාජපක්ෂ

තම රජයේ ඩීල් එක පවතින්නේ ජනතාවත් සමග බවත් ජාත්‍යන්තරය සමග කිසිදු ඩීල් එකක් නැති බවත් නොබැදි පිළිවෙත අනුගමනය කරන බවත් කැබිනට් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියයි. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ  අද (28) පොලොන්නරුවේ දී පැවති වැඩසටහනකින් අනතුරුව  මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිණි. එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  කිසිම රටකට යටත් නොවන නොබැදි පිළිවෙත අනුව කටයුතු කරන බව පැහැදිලිව ප්‍රකාශ කර තිබෙන බව ද පැවසීය. එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද කීය. මාධ්‍යවේදීන්: අමෙරිකානු…

Read More

රට වැසීමෙන් ඉහළ යන්නේ ජනතාවගේ මන්දපෝෂණය හා ද්‍රරිද්‍රතාවය පමණයි!

ලෝක සෞඛ්‍ය සංවිධානය

කොවිඩ් 19 ගෝලීය  වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට වැසීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද මේ වන විට ප්‍රතික්ෂේප කර ඇතැයි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. මන්ද රට වැසීමෙන් ඒ රට තුල ජනතාවගේ මන්දපෝෂණය, ද්‍රරිද්‍රතාවය ඉහළ යනු විනා ජනතාවට ඇති වන යහපතක් සිදු නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පෙන්වා දී ඇත. නමුත් කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේදී නිවැරදිව ගත යුතු තීරණ නියමිත වේලාවට ගත යුතු බවත්, ඊට පසුව ගන්නා තීන්දු තීරණ වලින් ප්‍රයෝජනයක් වන්නේ නැතැයිද, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියයි. විශේෂයෙන්ම කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට ඉන්දියාව…

Read More

කොවිඩ් සමාජ ගතවී නැත.. ඇඳිරි නීතිය සමාජ ගතවී ඇත..!!

කොවිඩ් සමාජ ගතවී නැත.. ඇඳිරි නීතිය සමාජ ගතවී ඇත..!!

ගෝඨාභය රාජපක්ෂ රජය කියන්නැහේ තවමත් කොවිඩ් වයිරසය සමාජගතවී නැත. එහෙත් එන්න එන්නම ඇඳිරිනීතිය සමාජ ගත වෙමින් ගමින් ගම වසා දමමින් තිබෙයි. කොවිඩ් මුල් රැල්ලේ දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව එය මර්ධනය කරන්නට මෙන්ම එමගින් සිය ජීවන මාර්ගයන් අහිමි මිනිසුන් ගේ බඩ වියත රැකගන්නට ද විශාල වෙහෙසක් ගනු පෙනුණි. එහෙත් මේ නව රැල්ලේ දී අපිට ඒ උනන්දුව දක්නට නැත. කොවිඩ් පළමු රැල්ලේදී වීරයන් සේ පෙනුනු අනිල් ජාසිංහ වෛද්‍යවරයා මෙන්ම එවක වසංගත රෝග ඒකකයේ පබා පලිහවඩන දොස්තර නෝනා ද දැන් දකින්නට නැත. ඒ වෙනුවට දැන් ඉන්නේ ආණ්ඩුව දෙන කොළයක් ඔහේ…

Read More

පෞද්ගලික අංශ සේවකයින්ට දෙසැම්බර් තෙක් අවම වැටුප්?

පෞද්ගලික අංශ සේවකයින්ට දෙසැම්බර් තෙක් අවම වැටුප්?

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක් රටේ සියලුම කටයුතු අඩපණ වුයේ පහුගිය මාර්තු මාසයේ සිටය. මෙහිදී පෞද්ගලික අංශයේ රැකියා අහිමි වීමේ අවදානමක් පැවති අතර එය වළකාලමින් කෝවිඩ් 19 ව්‍යසනය ආරම්භ අවධියේම  හාම්පුතුන්, පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති, ජාතික කම්කරු උපදේශක සභාව, කම්කරු දෙපාර්තමේන්තුව සහ කම්කරු අමාත්‍යංශය නියෝජනය කරමින් කාර්ය සාධක බලකායක් පිහිටුවාගෙන ත්‍රෛපාක්ෂික ගිවිසුමක් අත්සන් කළහ. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් වැඩ නවත්වන ලද ආයතනයන්හී සේවකයන්ගේ රැකියා අහිමි නොකකර තබා ගැනීම, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීමට සිදුවීම හේතුවෙන් සියලුම සේවකයින් ආයතනයට කැඳවිය නොහැකි ආයතන වල සේවා මුර ක්‍රමයට හෝ වෙනත්…

Read More

නීතිපති “බ්‍රැන්ඩික්ස් පොකුර” ගැන පොලිසියෙන් වාර්තාවක් කැඳවයි.

නීතිපති “බ්‍රැන්ඩික්ස් පොකුර” ගැන පොලිසියෙන් වාර්තාවක් කැඳවයි.

මේ වන විට දෙවැනි රැල්ලේ කොවිඩ් රෝගීන් 5000 ට ආසන්න වී ඇත. මරණ 19 කි. අද (27) දිනට පමණක් මරණ තුනකි. කොළඹ, ගම්පහ, කලුතර දිස්ත්‍රික්ක වල අධි අවදානම් ප්‍රදේශ රැසක් ඇති බවට මේ වන විවිටත් සෞඛ්‍ය අංශ හඳුනාගෙන ඇත. මුලු දිවයිනේම පොලිස් බල ප්‍රදේශ 64 ක් තවමත් පවතින්නේ පොලිස් නිරෝධායන ඇඳිරි නීතියට යටත්වය. මිනුවන්ගොඩින් ආරම්භ වු මෙම කොවිඩ් රැල්ලට අමතරව  මේ වන පෑලියගොඩ කොවිඩ් පොකුරක්ද  නිර්මාණය වී තිබේ. මේ නොපෙනෙන වෛරසය  දිස්ත්‍රික්ක රැසක් ඇතුලු මෙරට අගනුවරද ආක්‍රමණය කරමින් සිටියි. මෙවන් පසුබිමක් තුල පහුගියවර මෙන් මුලු රටම වැසීමට රජය තවම තීරණයක්…

Read More