“20” පසු බැස්සාද?

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන මේ වන විට රට පුරා උණුසුම් කථාබහක් මතුව ඇත්තේය. කොරෝනා වසංගතය තරමටම 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් දැන් වසංගතයක් බවට පත්ව ඇති අයුරු දැකිය හැකිය. මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් රටට විය හැකි අහිතකර බලපෑම්, ජනාධිපතිවරයාට ලැබෙන අනිසි බලය පිලිබඳ කරුණු සංශෝධනය යුතු බව මෙරට ප්‍රධාන පෙළේ ආගමික නායකයින් මෙන්ම මහා සංඝරත්නයද දිගින් දිගටම ජනාධිපතිපතිවරයාට කියා සිටියේ මෙවන් පසුබිමකය. ආණ්ඩුව නටන පදේට තානම අල්ලන්නේ නැති බව පහුගියදා ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පුජ්‍ය වකමුල්ලේ උදිත හිමියන්ද පවසා තිබුණි. එමෙන්ම මෙයට එරෙහිව අමරපුර- රාමඤ්ඤ් සාමග්‍රී මහා සංඝ…

Read More

“සේවක අයිතීන් සුරැකෙන ලෙස නිරෝධායන මාර්ගෝපදේශ නිකුත් කරනන්න” මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලයි

“සේවක අයිතීන් සුරැකෙන ලෙස නිරෝධායන මාර්ගෝපදේශ නිකුත් කරනන්න” මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලයි

නිදහස් වෙළෙද කලාපය ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක වන කොවිඩ් මර්දන ව්‍යාප්තියේ දී  කම්කරු ප‍්‍රජාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොවන  ලෙස ඒ කටයුතු සිදු කිරීම සදහා අවශ්‍ය මාර්ගපදේශයන්/නිර්නායක නිකුත් කරන ලෙස නිදහස් වෙළද  කලාපයේ සේවක අයිතිවාසිකම් සදහා සිවිල් සමාජ ඒකතුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටී. එමෙන්ම, එම මාර්ගෝපදේශයන්/නිර්ණායක කොවිඩ් මර්දනය සදහා පත් කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකාය, කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීම සදහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය, ශ‍්‍රී ලංකා යුද හමුදාව සහ ශ‍්‍රී ලංකා පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන වෙත එකී නිර්ණායක අනුගමනය කිරීම සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙසත් ඉල්ලා සිටී. මේ සම්බන්ධව මානව හිමිකම්…

Read More

ගම්මන්පිල සැකකරුවකු සැඟවීම “නීතිඥ වෘත්තියට නිගාවක්”

ගම්මන්පිල සැකකරුවකු සැඟවීම “නීතිඥ වෘත්තියට නිගාවක්”

පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීම මගහැර සිටීමට සැකකරුවකුට ආධාර අනුබල දුන් බව ප්‍රසිද්ධියේ පිළිගනිමින් වෘත්තිය ආචාර ධර්ම කෙලෙසීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල නීතිඥ වරයාගෙන් කරුණු විමසන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. සමස්ත ලංකා මහජන කොන්ග්‍රස් නායක රිෂාඩ් බදියුද්දීන් පොලිසියට අල්ලා ගැනීමට නොහැකි වීම  සම්බන්ධයෙන්  ඉකුත් සති අන්තයේ මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් නීතිඥවරයකුද වන ගම්මන්පිල අමාත්‍යවරයා කියා සිටියේ තමන්ද තිස්පස් දිනක් තිස්සේ සිය පක්ෂයේ නායකයකු වන මධුමාධව අරවින්ද පොලිසියෙන් සඟවාගෙන සිටි බවයි. “නීතිඥ වරයකු ලෙස ඔහු කර ඇති ප්‍රකාශය සමස්ත නීති වෘත්තියටම නිගා…

Read More

මදූෂ් මැරුවේ ප්‍රභූන්ගේ කුඩු දේශපාලනය යට ගහන්න ද?

මදූෂ් මැරුවේ ප්‍රභූන්ගේ කුඩු දේශපාලනය යට ගහන්න ද?

මාකඳුරේ මදූෂ් යනු ප්‍රකට අපරාධකරුවෙක් බව ලංකාවේ පොලීසිය පසුගිය කාලයේ අපට පුන පුනා කියමින් සිටියා. මේ පොලීසියම මෙම පාතල නායකයා වටා විශාල සාහිත්‍ය අවකාශයක් ද පසුගිය කාලයේ ගොඩනැඟුවා. එනිසාම අප සිතුවේ ඈත මෑත ලංකාවේ ලොකුම පාතාලයා මාකඳුරේ මදූෂ් කියලා. සමරසිංහ ආරච්චිගේ මදූෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මදූෂ්, දකුණේ මාකඳුර ගමේ ඉපදුන පුද්ගලයෙක්. ඔහු පාසලේදී හොඳට ඉගනගත් තරුණයෙක් බව තමයි ඔහු වටා ගොඩනඟපු සාහිත්‍ය අපිට කිව්වේ. පාසල් සමයේ ශිෂ්‍ය නායකයෙක් කියලා ඒ සාහිත්‍යම අපිට කිව්වා. ඊළඟට ඔහු මාතර මහා රෝහලේ සුළු සේවිකාවක් සමග විවාහ ගිවිස ගැනීම, ඇයට ඔහුට දාව දරුවෙකු ලැබීමේ කතාවේ…

Read More

“මම ඒගොල්ලන්ගෙ රෙදි ගැලවෙන්න සියල්ල හෙළි කරනවා” – මාකඳුරේ මධුෂ්

"මම ඒගොල්ලන්ගෙ රෙදි ගැලවෙන්න සියල්ල හෙළි කරනවා" - මාකඳුරේ මධුෂ්

ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන මාකඳුරේ මධුෂ් නැමැත්තා අද (20) උදෑසන 3ට පමණ  කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේදී ඇතිවූ වෙඩි හුවමාරුවකදී ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටී. ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසුව ලංකාවේ දී අත්අඩංගුවට පත්ව මාස 18ක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව භාරයේ සිටි මධුෂ් දැනට දින කිහිපයක පෙර කොළඹ අපරාධ කොට්ඨාශය භාරයට ගෙන තිබුනේ වැඩි දුර පරීක්ෂණ සදහා බව සදහන් කරමිනි. පොලීසිය පවසන්නේ කොළඹ අපරාධ කොට්ඨාශයට සිදුකල පරීක්ෂණ අනුව, මාලිගාවත්ත ප්‍රදේශයේ ගරාජයක සඟවා තිබු හෙරොයින් කිලෝග්‍රෑම් 10ක් ද පිළිබදව තොරතුරු හෙලිවීම නිසා,…

Read More

වෙඩි හුවමාරුවකින් “මාකඳුරේ මදූෂ්” මරුට

වෙඩි හුවමාරුවකින් “මාකඳුරේ මදූෂ්” මරුට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත හෙවත් “මාකඳුරේ මධූෂ්” මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සහ පොලීසිය අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණය අසළ දී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. කොළඹ අපරාධ කොට්ඨාසයට භාරයේ පසුවන මාකඳුරේ මධූෂ් පොලීසියේ අනුදැනුම මත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසකට දුරකථන ඇමතුමක් ලබාදී මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණය අසළට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළේ. පොලීසිය සමඟ එම ස්ථානයට ගිය අවස්ථාවේදී අදාළ ජාවාරම්කරුවන් මධුෂ් බේරා ගැනීම සඳහා…

Read More