ලොව පුරා කොරෝනා රෝගීන් කෝටි 4 ඉක්මවයි.!

පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 217 තුළින් හමු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව කෝටි හතරේ සීමාව අද (18) ඉක්මවීය. මින් කොටි 3කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට සම්පුර්ණයෙන් සුවය ලබා ඇති අතර, කෝටියකට ආසන්න රෝගීන් ප්‍රමාණයක් තවමත් ප්‍රථිකාර ලබමින් සිටී. ඒම සංඛ්‍යාවෙන් 72,000 ට වැඩි පිරිසක් අවධානම් තත්ත්වයේ පසුවන බව ද වාර්තා වේ. ඒමෙන්ම, මේ වන විට කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 11 දක්වා ඉහල ගොස් තිබේ. ඉහත මරණ සංඛ්‍යාවෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාව, ඉන්දියාව හා බ්‍රසීලය යන රටවල් තුනෙනි. ඇමරිකාවෙන් කෝවිඩ් මරණ 224,296…

Read More

පූගොඩ OIC ගේ වැඩ තහනම් – පොලිස් සැරයන් අත්අඩංගුවට

පූගොඩ OIC ගේ වැඩ තහනම් - පොලිස් සැරයන් අත්අඩංගුවට

මුදල් සොරකමක් සම්බන්ධයෙන් පහුගිය 11 දා සවස පූගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ගයාන් පුෂ්පකුමාර නම් 21 හැවිරිදි තරුණයා අසනීප වී මිය යාම සම්බන්ධයෙන් පූගොඩ පොලිසියේ පොලිස් සැරයන්වරයෙක්  ඊයේ (17) සවස අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම මෙම සිද්ධියට චෝදනා ලැබ සිටින පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ  ඊයේ සිට තහනමට ලක් කර ඇත. පූගොඩ, මණ්ඩාවල කන්ද පාර පදිංචිව සිටි ගයාන් පුෂ්පකුමාරට මුදල් සොරකමක් සම්බන්ධයෙන් චෝදනා කර ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසක් පහර දී තිබුණි. එහීදී පූගොඩ පොලිසියද පැමිණ ඔහුගේ උදරයට පයින් ගසමින් පොලිස් අත්අඩංගුවට ගත් බව ගයාන්ගේ බිරිඳ ප්‍රකාශ කර තිබුණාය. මණ්ඩාවල ප්‍රදේශයේ එක්තරා පුද්ගලයෙකු විසින්…

Read More

බ්‍රැන්ඩික්ස් ආයතනයට දඩුවම් දිය යුතුයි! – වියත්මග ලේකම්  අනුර ප්‍රනාන්දු

බ්‍රැන්ඩික්ස් ආයතනයට දඩුවම් දිය යුතුයි! - වියත්මග ලේකම් අනුර ප්‍රනාන්දු

බ‍්‍රැන්ඩික්ස් ආයතනය මේ රටට විශාල විදේශ විනිමයක් ගෙන එනු ලැබූ සමාගමක් වුවත්, මේ අවස්ථාවේ එම ආයතනය රටට විශාල හානියක් සිදුකර තිබෙන නිසා මේ සම්බන්ධව පරීක්ෂණයක් කර ඔවුන්ට දඩුවමක් දිය යුතු බව වියත්මග සංවිධානයේ ලේකම් අනුර ප්‍රනාන්දු පවසයි. මෙම සංවිධානයේ සභාපති වන්නේ වර්තමාන ජනාධිපතිවරයාය. අනුර ප්‍රනාන්දු මහතා මේ අදහස් ප්‍රකාශ කරන්නේ “Truth with Chamuditha” නැමති අන්තර්ජාල නාලිකාවක් සමග චමුදිත සමරවික්‍රම සමඟ පැවති සාකච්ඡාවකදීය. වර්තමාන ජානාධිපතිවරයා බලයට පත්වී ලබන නොවැම්බර් මාසයට අවුරැද්දක් ගත වන බවත්, මේ කාලය තුළ ඔහු විසින් “දෙයක් කළා නම් කළේ” මෙම කොවිඩ් 19 පාලනය කිරීම පමණක් බවත්, ඒයත්…

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශය කොරෝනාසාධිත සුව විරුවන් අත හැරලාද?

සෞඛ්‍ය අමාත්‍යාංශය කොරෝනාසාධිත සුව විරුවන් අත හැරලාද?

දෙවතාවක්ම රැල්ල නැගුනු වසංගතයකට ගොදුරු වූවන්ට ප්‍රතිකාර කිරීමේ පෙරමුණේම හිඳිමින් කොරෝනා වෛරස් ආසාදිත වූ  සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි සැලකිල්ල නොදක්වන බවට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි. “නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් අර සාමාන්‍ය ජනතාවට දෙන අවධානය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දෙන්නේ නෑ.” රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය එම චෝදනාව කළේ   ඔක්තෝබර් 13 අඟහරුවාදා  කොළඹදී පැවැත්වු මාධ්‍ය හමුවකදීය. මේ වන විට දිවයිනේ රෝහල් කිහිපයකම සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ සාමාජිකයන්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව පෙන්වා දෙන වෘත්තිය සමිති නායකයා…

Read More

20 ට ආණ්ඩුවේ 7ක් දැනටමත් විරුද්ධයි !

මහත් ආන්දොලනයට භාජනය වී තිබෙන විසිවන ව්‍යවස්ථා සංශෝධනය එරෙහිව ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් තම විරෝධය දැනටමත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ. මෙසේ තම විරෝධය මුලින්ම ප්‍රකාශ කළ මැති ඇමතිවරුන් වුයේ අමාත්‍ය විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහාචාර්ය තිස්ස විතාරණ, විදුර වික්‍රමනායක, ගෙවිදු කුමාරතුංග යන අයයි. ඉන්පසුව විසිවැනි සංශෝධනය සම්බන්ධව ජනාධිපතිවරයාට දීර්ඝ ලිපි දෙකක් ලියමින් ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාද විසිවෙනි සංශෝධනයට තම හෘර්ද සාක්ෂියට එකඟව ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි බව ප්‍රකාශ කලාය. ආමාත්‍ය වාසුදේව නානයක්කාර මහතාද පසුගියදා අගමැතිවරයා වෙත ලිපියක් ලියමින් ප්‍රකාශ කර ඇත්තේ 20 වන සංශෝධනය සදහා සහාය ලබා දිය නොහැකි බවයි. මේ…

Read More