ස්වදේශ කටයුතු අමාත්‍යංශය, ආරක්ෂක අමාත්‍යංශය විසින් ගිල ගැනීමේ සංඥාව කුමක්ද?

ස්වදේශ කටයුතු අමාත්‍යංශය ආරක්ෂක අමාත්‍යංශය ගිල ගැනීමේ සංඥාව කුමක්ද?

නව රජයේ කැබිනට් හා රාජ්‍ය ඇමති මණ්ඩලය දිවුරුම් දීමේ උළෙල අති උත්කර්ශවත් අන්දමින් අද එනම් අගෝස්තු මස 12 වන දින අති උත්කර්ශවත් ආකාරයෙන් මහනුවර මගුල් මඩුවේදී සිදු කෙරුණි. පෙර නොවූ ලෙස අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට පෙරම අදාළ කැබිනට් අමාත්‍යංශ හා ඒවාට අදාළවන විෂය පථයන්ද වෙන් කර තිබුණි. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස මෙහිදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාම ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් වීම කැපී පෙනුණි. එකී අමාත්‍යංශෙයේ රාජ්‍ය ඇමතිවරයා ලෙස ජනාධිපති වැඩිමහල් සොහොයුරු චමල් රාජපක්ෂ මහතා දිවුරුම් දුන්නේ අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍යවරයා යන නාමකරණය යටතේය. ලියුම්කරුගේ දැනුමේ හැටියට ලංකා…

Read More

නව කැබිනෙට්ටුවෙන් හිටපු මන්ත්‍රීවරුන් රැසක් හැලේ….

නව කැබිනෙට්ටුවෙන් හිටපු මන්ත්‍රීවරුන් රැසක් හැලේ....

මෙවර නව රජයේ ඇමතිවරු දිව්රුම් දීමේදී හිටපු අමාත්‍යවරුන් රැසක් හැලී ගොස් තිබේ. විජේදාස රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම ජයන්ත, රංජිත් සියඹලාපිටිය, මහින්ද යාපා අබේවර්ධන, එස්.බී දිසානායක, ජයරත්න හේරත්, චන්දීම වීරක්කොඩි, ජෝන් සෙනෙවිරත්න,  මහින්ද සමරසිංහ, රෝහණ දිසානායක, සාරතී දුෂ්මන්ත, ඩිලාන් පෙරේරා, මහාචාර්ය තිස්ස විතාරණ යන අය ඒ අතර වේ. නව රජයේ ඇමතිවරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මහනුවර දළදා මාලිගාවේ ඓතිහාසික මඟුල් මඩුවේදී අද (12) පෙරවරුවේ දිව්රුම් දුන්නේ රටටත්, මහජනතාවටත් සේවය කිරීමට කැපවන බවට ප්‍රතිඥා දෙමිනි. මෙහිදී පළමුවෙන්ම දිස්ත්‍රික් සම්බන්ධිකරණ නිලධාරීන් පත් කෙරුණි. මෙය අලුත් තනතුරකි.…

Read More

තිත්ත ජීවිතයේ මිහිර කියා දුන් ආදරණීය ගංගා, ඔබට සුබ ගමන්…

තිත්ත ජීවිතයේ මිහිර කියා දුන් ආදරණීය ගංගා, ඔබට සුබ ගමන්

මෙරට සිටින මහාචාර්යවරුන් අතරින් වටිනාම චරිතයක් ඊයේ (11) දින අපෙන් සමුගෙන ගියේය. ඒ මහරගම අපේක්ෂා රෝහලේදීය. ධම්මික ගංගනාත් දිසානායක කියනවාට වඩා බොහෝ අය ඔහුව දන්නේ පැණි වළලු ලෙසිනි. ඒ ලංකාදීප පුවත්පතට ඔහු නොකඩවාම පැණි වළලු නම් තීරු ලිපියක් ලියන්නට වු නිසාය. එය මිනිසුන්ගේ හදවතට කථා කරන, සංවේදී, සමීප බව නිසාමදෝ පැණි වළලු වලට වැඩි ප්‍රසිද්ධියක් ලැබුණේය. මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදී සිසුවෙකු වු මහාචාර්ය ධම්මික ගංගනාත් දිසානායක මහතා 1982 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ජපන් භාෂා අධ්‍යයනය පිලිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ලැබුවේය. 1990 දී ජපානයේ සුකුබා විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදනය පිලිබඳ ශාස්ත්‍රපති උපාධිය සම්පුර්ණ…

Read More

රාජ්‍ය සේවයේ මකරුන්ට අත තැබීමට ජනපතිට හැකි වෙයිද?

රාජ්‍ය සේවයේ මකරුන්ට අත තැබීමට ජනපතිට හැකි වෙයිද?

නව ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය නොවැම්බරයේදී තේරී පත් වුනේ අතිවිශාල බහුතර ඡන්දයකින්. එකී ජනවරම තවදුරටත් ස්ථිර කරමින් අතිවිශාල ජනවරමක් ජනාධිපතිවරයා නියෝජනය කල දේශපාලන පක්ෂයට පසුගිය මහාමැතිවරණයේදී ලැබුණි. එවන් ජනවරමක් එම පක්ෂයට ලැබීමට ඉවහල් වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනප්‍රියත්වය බව නොරහසක්. ‍ ජනාධිපතිවරයා සමාජය තුළ සලකුණු වී ඇත්තේ කෙළින් වැඩ කරන කොන්ද පණ ඇති සිංහල බෞද්ධ නායකයකු ලෙසයි. සමාජය ඔහුගෙන් බලාපොරොත්තු වන එක් දෙයක් නම් කෙළින් තීරණ ගෙන ආර්ථික සමෘද්ධීය ඇති කිරීමයි. ලංකාව වැටී ඇති දරුණු ආර්ථික අගාධය ජනාධිපතිවරයාගේ පක්ෂයට ලැබුණු  2/3 ක බලය මෙන්ම අතිවිශාල සංකීර්ණ එකකි.…

Read More

ජවිපෙ ඓතිහාසික භූමිකාව ඉතිහාසයට එක්වී හමාරද?

රාජ්‍ය සේවයේ මකරුන්ට අත තැබීමට ජනපතිට හැකි වෙයිද?

දේශපාලන පක්ෂ යනු රාජ්‍යය සහ ජනතාව අතර සිටිමින් එම අන්ත දෙක අතර පැවතීය හැකි සබඳතාවේ ස්වරුපය පරිවර්තනය කරන ආයතනයි. විශේෂයෙන්ම වාමාංශික පක්ෂවල භූමිකාව වන්නේ ජනතාව තුළ පවත්නා රාජ්‍යයේ ස්වරූපය පිළිබඳව ගැඹුරු විවේචණාත්මක සවිඥානයක් වර්ධනය කිරීමයි. නමුත් 1990 ට පසු මෙරට නව වම සිදුකොට ඇත්තේ ජනතාව සහ රාජ්‍යය අතර ‘විශාල ආගමික භක්තියක්’ ප්‍රවර්ධනය කිරීම බව මගේ උපකල්පනයයි.  විශේෂයෙන් ම වමේ අසාර්ථකත්වය වන්නේ එයයි. ජනතාව තුළ රාජ්‍යයේ බලය, ප්‍රචණ්ඩත්වය, පංතිමය ස්වභාවය ආදිය පිළිබඳ විවේචනීය දැනුමක් ගොඩනගනවා වෙනුවට ජවිපෙ වැනි ජාතිකවාදී – වාමාංශික පක්ෂ සිදුකොට ඇත්තේ ජනතාවගේ ගතානුගතිකත්වයට අභියෝග නොකොට එම තත්වයන් අනුමත…

Read More