දිවංගත රැජින දුලබ කුසුමකි – අනගාරික ධර්මපාල තුමා

මේ තියෙන්නෙ වික්ටෝරියා රැජින 1901 දී මියගිය අවස්ථාවේ අනගාරික ධර්මපාල තුමා ආන්ඩුකාරවරයාට යවන ලද ලිපියේ පරිවර්තනයක්. පරිවර්තනය කලබලෙන් කල එකක්.

– කෞෂල්‍ය කුමාරසිංහ –

7th February 1901
ආන්ඩුකාර උතුමානන් ගේ පුද්ගලික ලේකම්

මහත්මයාණනි

මම මේ සමග අපගේ සදාදරණීය රැජිනගේ අභාවය පිළිබඳ ශෝකය පල කරනු වස් දම් පැහැ තීන්තෙන් මුද්‍රිත මහාබෝධි සඟරාවේ වික්ටෝරියා සැමරුම් කලාපයේ පිටපත් දෙකක් එවමි. කරුණාකර එක් පිටපතක් ගෞරවනීය ආන්ඩුකාරතුමාට ලබා දී අනෙක් පිටපත ගෞරවනී්‍ය 7 වන එඩ්වඩ් නව රජතුමන් වෙත යවන මෙන් ඉල්ලා සිටිමි.

ශාන්තුවර රැජිනගේ අභිමානවත් මතකය සුරකිනු වස් මිලියන 475 ක් වූ ලෝකවාසී බෞද්ධයන්ගේ කේන්ද්‍රීය පූජ්‍යස්ථානය වන බුද්ධගයාවේ පහන් දෙකක් ස්ථාපනය කර එය දිවා රාත්‍රියේ දැල්වීමටත් පූජනීය බෝධි වෘක්ෂය සෙවනේ මාබල් පූජාසනයක් තැනවීමටත් මහාබෝධි සමාගම තීරණය කර ඇත. මීට අමතරව බෞද්ධ භික්ෂූන් වෙනුවෙන් ඉදිකිරීමට කතිකා කර ඇති නව ශාලාව වික්ටෝරියා අනුස්මරණ ශාලාව ලෙස නම් කිරීමටත් තීරණය කර තිබේ.

ලොව යහපත වෙනුවෙන් දිව්‍යමය මන්දරා ගස වසර දහසකට වරක් මල් දරන අතර දිවංගත රැජින එවන් වූ දුලබ කුසුමකි. මෙම පරම පූජ්‍යස්ථානයේ ඉහත ස්මාරක තැනවීමෙන් මහාබෝධි සමාගම ඇය වෙනුවෙන් කරනු ලබන්නේ දුර්ලබ පුන්‍යකර්මයකි.

මෙම පවසා නිමකල නොහැකි ස්තුති ප්‍රශංසාවේ සුවිශේෂ සංකේතයන්ට ආන්ඩුකාරතුමාගේ සේම නව රජතුමන්ගේ ද අනුමැතිය හිමිවනු ඇතැයි විශ්වාස කරමි.

මීට
අනගාරික ධර්මපාල
ලේකම්
මහබෝධි සමාගම

2 Creek Row Calcutta
7 Feby 2444/1901
The Private Secretary to H.E. The Viceroy

Sir,
I send two copies of the Victoria Memorial Number of the Maha-Bodhi Journal, printed in purple ink as a sign of mourning for the loss of so beloved a sovereign as the late Queen. Kindly submit one copy to His Excellency the Viceroy and forward the other to the new King, H.M. Edward VII.

The Maha-Bodhi Society resolved to perpetuate the gracious memory of the saintly Queen by erecting two permanent Lights to burn day and night at the holy spot—Buddhagaya—the central shrine to the 475 million of Buddhists, and also to have a Marble Altar under the sacred Bodhi Tree, the holiest spot on earth to all Buddhists.5 In addition to these the New Hall that has been sanctioned to be built at Budhgaya [sic] for the use of Buddhist monks shall be called the Victoria Memorial Hall.

Once in a thousand years the heavenly Mandara tree puts forth its flowers for the good of the world, and the late good Queen was such a rare flower. The M.B. Society in erecting these Memorials at the holiest shrine only does a rare meritorious work for her sake.

Hoping that these special marks of unutterable gratitude will meet with the approval of the Viceroy as well as the New King.

I am Yours truly
The Anagarika H. Dharmapala
Genl. Secy. M.B.S.

Social Sharing
නවතම විශේෂාංග