ඇරඹී තිබෙන්නේ තෙවෙනි ලෝක යුද්ධයද?

යුක්‍රේනය ආක්‍රමනය කිරීම සඳහා රුසියානු හමුදා යුක්‍රේනයට ඇතුව ඇති අතර යුක්‍රේනයේ යුදමය වශයෙන් වැදගත් ස්ථානයන් ඉලක්ක කරගනිමින් මිසයිල ප්‍රහාරයන්ද රුසියාව විසින් දියත් කර ඇත. මෙම ආක්‍රමනය ආරම්භ කරමින් ජාතිය අමතා ප්‍රකාශයක් කළ රුසියානු ජනාධිපති vladimir putin ප්‍රකාශ කර ඇත්තේ ආක්‍රමනය ආත්මාරක්ෂක පියවරක් බවය. ඔහු මෙහිදි යුක්රේනියානු සොල්දාදුවන්ගෙන් ඉල්ලා ඇත්තේ වහාම ආයුධ බිම තබන ලෙසය. ඒ සමගම පිටස්තර ලෝකයේ ප්‍රබල රටවල් සඳහාද අනතුරු අඟවමින් පුටින් ප්‍රකාශ කර ඇත්තේ පිටස්තර කිසිවෙකු රුසියාවට එරෙහිව නැඟී සිටීමට උත්සාහ කළහොත් රුසියානු ප්‍රතිචාරය “ක්ෂණික” වනු ඇති බවය.

Russian troops invade Ukraine vladimir putin Volodymyr Zelenskiy

වර්තමාන තත්ත්වය පිළිබඳව රූපවාහිනිය අමතා ප්‍රකාශයක් කළ යුක්රේනයේ ජනාධිපති Volodymyr Zelenskiy කියාසිට ඇත්තේ, තමන් වර්තමාන යුක්‍රේන තත්ත්වය පිළිබඳව බටහිර නායකයින් සමඟ කතා කිරීමෙන් පසු කලකිරීමට පත් වූ බවයි. යුක්‍රේනයේ සහායට තවමත් කිසිඳු බටහිර රටක් ඉදිරිපත් නොවීම පිළිබඳව ඔහු එහිදී කනස්සල්ල පළ කර ඇත. මෙම තත්ත්වය තුළ යුරෝපා සංගමය රුසියාවට එරෙහිව සම්බාධක පනවමින් සිටියත් ප්‍රංශ ජනාධිපති Emmanuel Macron ඇල්මැරුණු ප්‍රකාශයක් රුසියානු යුධ මැදිහත්වීම පිළිබඳව සිදුකර ඇත.

යුක්‍රේන ජනාධිපතිවරයා උපුටන බටහිර මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ආක්‍රමනය නිසා මේ වනවිට 137 දෙනෙකු මිය ගොස් 316 දෙනෙකු තුවාල ලබා ඇති බවය. අද 25 සිකුරාදා උදේ කාලයේද ක්‍රිව් නගරයේ විශාල පිපිරුම් හඬවල් ඇසුන බව එහි භූමියේ සිටින බටහිර මාධ්‍ය ආයතන නියෝජිතයන් ප්‍රකාශ කර ඇත.

Russian troops invade Ukraine vladimir putin Volodymyr Zelenskiy Russian troops invade Ukraine vladimir putin Volodymyr Zelenskiy Russian troops invade Ukraine vladimir putin Volodymyr Zelenskiy Russian troops invade Ukraine vladimir putin Volodymyr Zelenskiy Russian troops invade Ukraine vladimir putin Volodymyr Zelenskiy Russian troops invade Ukraine vladimir putin Volodymyr Zelenskiy

මේවනවිට බටහිර මාධ්‍ය මෙම යුද්ධය සජීවීව ආවරණය කරමින් නිරන්තරව මේ පිළිබඳ වූ තොරතුරු ලෝකයට වාර්තා කරමින් සිටින අතර රුසියානු ආරංචි මාර්ග කියන්නේ රුසියානු හිතවාදී රූකඩ ආණ්ඩුවක් නිර්මානයෙන් මෙහා මෙම ආක්‍රමනය නොනවතිනු ඇති බවය. මෙම යුද්ධය සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත.

යුක්‍රේනය යුරෝපයේ තිබෙන භූමියෙන් දෙවෙනියට විශාලම රට වන අතර රුසියාව යනු භූමියෙන් ලොව විශාලතම රටයි. පැරණි සෝවියට් රුසියානු සමූහාණ්ඩුව පවතින සමයේ යුක්‍රේනය සෝවියට් රුසියාව ඇතුලේ පැවතුන භූමියක් ය. මෙම තත්ත්වය නිසා යුක්‍රේනයේ විශාල ජනතාවක් රුසියානු බස කතාකරයි.

Social Sharing
නවතම විදෙස්