රජයෙන් වැලන්ටයින් තෑගී..!

ඉහළ යන ජීවන වියදමට පිලියමක් ලෙස වැලන්ටයින් දිනයේ සිට සමෘද්ධි දීමනාව 28% කින් ඉහළ නැංවීමට රජය තීරණය කර ඇත.

මේ අනුව රුපියල් 3500 ක දීමනාව රුපියල් 4500 ක් දක්වාද, රුපියල් 2500 ක් වූ දීමනාව රුපියල් 3200 ක් දක්වාද, රුපියල් 1500 ක් වූ දීමනාව  රුපියල් 1900 ක් දක්වාද වැඩිවෙන බව එම අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මේ අනුව මෙලෙස වැඩිකෙරෙන දීමනා අද 14 දා සිට ගෙවනු ලබයි.

Social Sharing

නවතම